ගීතාවලිය
දාවිත්ගේ යාච්ඤාවක්.
17 අනේ යෙහෝවා, මම යුක්තිය ඉල්ලලා කරන කන්නලව්වට ඇහුම්කන් දෙන්න.
මම උදව් ඉල්ලලා අඬද්දී මං දිහා බලන්න.
අවංක හදවතකින් මම කරන යාච්ඤාවට සවන් දෙන්න.+
3 ඔබ මගේ හිත විමසලා රාත්රියේදී මාව සෝදිසි කළා.+
ඔබ මාව පවිත්ර කළා.+
මම දුෂ්ට විදිහට කුමන්ත්රණය කරලා නැහැ කියලත්
මගේ කටින් කිසිම වැරදි දෙයක් පිට වෙලා නැහැ කියලත් ඔබ දකියි.
4 අනිත් අය මොන දේ කළත් මගේ අදිටන ඔබ කියන දේට එකඟව ජීවත් වෙන එකයි.
සොරුන් යන මඟේ නොයන්න මම තීරණය කළා.+
6 දෙවියනි, ඔබ මට උත්තර දෙන නිසා මම ඔබේ නම කියලා අයැදිනවා.+
අනේ, මට කන් දෙන්න.* මං කියන දේට ඇහුම්කන් දෙන්න.+
7 ගැලවුම්කරුවෙනි, ඔබට විරුද්ධ වෙන අයගෙන් ඔබේ සෙනඟව ආරක්ෂා කරන්න.
ඔබේ දකුණතේ රැකවරණය පතන අය වෙනුවෙන්
පුදුම දනවන දේවල් කරලා ඔබේ නොසැලෙන ආදරේ පෙන්වන්න.+
10 ඔවුන්ට කිසිම හිතක් පපුවක් නැහැ.*
ඔවුන් කතා කරන්නේ උද්ධච්ච විදිහටයි.
ඔවුන් බලාගෙන ඉන්නේ අපිව බිමටම ඇදලා දාන්නයි.
12 ඔවුන් ගොදුර ඉරලා දාන කල් නොඉවසිල්ලෙන් බලන් ඉන්න සිංහයන් වගෙයි.
ගොදුරක් අල්ලගන්න හැංගිලා ඉන්න තරුණ සිංහයන් වගෙයි.