15 කාරුණික උත්තරයකින් කේන්තිය නිවිලා යයි.+
ඒත් සැරපරුෂ වචනයකින් කේන්තිය ඇවිස්සෙයි.+
2 ප්‍රඥාවන්තයා දැනුම පතුරුවන්නේ ප්‍රයෝජනවත් විදිහටයි.+
ඒත් අඥානයන්ගේ කටින් පිට වෙන්නේ මෝඩ කතාමයි.
3 යෙහෝවා හැම දෙයක්ම දකිනවා.
ඔහු හොඳ අය දිහාත් නරක අය දිහාත් බලාගෙන ඉන්නවා.+
4 සන්සුන් දිවක් ජීවන වෘක්ෂයක්.+
ඒත් වැරදියට දිව හසුරුවන කෙනා හිත් බිඳලා දායි.
5 අඥානයා එයාගේ තාත්තාගේ හික්මවීම් සුළු කරයි.+
ඒත් සිහිබුද්ධිය ඇති කෙනා තමන්ව නිවැරදි කරද්දී ඒක පිළිගනියි.+
6 ධර්මිෂ්ඨයාගේ නිවසේ ඇති තරම් වස්තුව තියෙනවා.
ඒත් දුෂ්ටයා නෙළන පලදාවෙන් ඇති වෙන්නේ කරදර විතරයි.+
7 ප්‍රඥාවන්තයාගේ දිව දැනුම පතුරුවයි.+
ඒත් අඥානයා එහෙම කරන්න කැමති නැහැ.+
8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවාට පිළිකුලක්.+
ඒත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නයි.+
9 දුෂ්ටයන් කරන දේවල් යෙහෝවා හෙළා දකිනවා.+
ඒත් හරි දේ කරන්න වෑයම් කරන කෙනාට ඔහු ආදරෙයි.+
10 හරි මාර්ගය අත්හැරලා යන කෙනා හික්මවීම්වලට අකමැතියි.+
අවවාද පිළිකුල් කරන කෙනා මිය යයි.+
11 මිනී වළ සහ හැම දේම දිරාපත් වෙන තැන යෙහෝවාගෙන් හැංගිලා නැහැ.+
එහෙනම්, මිනිස්සුන්ගේ හිත්වල තියෙන දේවල් ඔහුට දකින්න බැරිද?+
12 සමච්චල් කරන කෙනා එයාව නිවැරදි කරන කෙනාට ආදරේ කරන්නේ නැහැ.+
ප්‍රඥාවන්තයන්ගෙන් උපදෙස් ගන්නත් එයා කැමති නැහැ.+
13 හිත සතුටින් තියෙද්දී ඒ සතුට මූණෙනුත් පේනවා.
ඒත් හිතේ වේදනාව නිසා කෙනෙක් මනසින් කඩන් වැටෙනවා.+
14 අවබෝධයෙන් වැඩ කරන කෙනා දැනුම හොයාගෙන යයි.+
ඒත් අඥානයන්ගේ දිව ආස කරන්නේ මෝඩකමටයි.+
15 නිතරම සිත්තැවුලෙන් ඉන්න කෙනාට හැම දවසක්ම නරකයි.+
ඒත් සතුටු සිතින් ඉන්න කෙනාට හැම දවසක්ම උත්සව දවසක්.+
16 ලොකු ධනයක් රැස් කරගෙන හිතේ බරෙන් ඉන්නවාට වඩා+
දේවල් ටිකක් තියාගෙන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එක හොඳයි.+
17 හිතේ වෛරය තියාගෙන හරක් මස් කනවාට වඩා+
ආදරෙන් එළවළු ටිකක් කන එක හොඳයි.+
18 ඉක්මනින් කේන්ති ගන්න කෙනා රණ්ඩු දබර ඇති කරයි.+
ඒත් ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා රණ්ඩුසරුවල් නතර කරයි.+
19 කම්මැළියාගේ මාර්ගය කටු පඳුරුවලින් පිරිලා.+
ඒත් ප්‍රතිපත්තිගරුක අයගේ මාර්ගය සමතලා මාවතක්.+
20 ප්‍රඥාවන්ත පුතෙක් එයාගේ තාත්තාගේ හිත සතුටු කරයි.+
ඒත් අඥාන කෙනා එයාගේ අම්මාව හෙළා දකියි.+
21 සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනෙක් එයාගේ මෝඩකම්වලින් සතුටක් ලබනවා.+
ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා දිගටම හරි මඟේ යනවා.+
22 අනිත් අයගෙන් අදහස් අහන්නේ නැතුව වැඩ කරද්දී සැලසුම් අසාර්ථක වෙනවා.
ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සැලසුම් සාර්ථක වෙනවා.+
23 නිවැරදි උත්තරයක් දුන්නාම කෙනෙක් සතුටු වෙනවා.+
හරිම වෙලාවේ කියන හොඳ වචනයක් කොච්චර වටිනවාද!+
24 වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ජීවනයට යන පාරේ ඉහළටම යනවා.+
එයා මිනී වළට බැහැගෙන යන පාර මඟහරිනවා.+
25 යෙහෝවා උඩඟු කෙනාගේ නිවස කඩලා දානවා.+
ඒත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා කරනවා.+
26 දුෂ්ටයන්ගේ කූට උපායන් යෙහෝවාට පිළිකුලක්.+
ඒත් කාරුණික වචන ඔහුට සතුටක්.+
27 වංක විදිහට ලාභ උපයන කෙනා එයාගේ පවුලේ අයව කරදරේ දානවා.+
ඒත් අල්ලස පිළිකුල් කරන කෙනා එයාගේ ජීවිතය රැකගන්නවා.+
28 ධර්මිෂ්ඨයා උත්තරයක් දෙන්න කලින් හොඳට හිතලා බලනවා.+
ඒත් දුෂ්ටයා ගත් කටටම කියන්නේ නරක දේවල්.
29 යෙහෝවා දුෂ්ටයන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.
ඒත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා.+
30 කෙනෙක් අපි දිහා සිනාමුසු මූණකින් බලද්දී හිත සතුටින් පිරිලා යනවා.
හොඳ ආරංචියක් ශරීරයට සුවයක් ගෙන දෙනවා.+
31 ජීවනය ගෙන දෙන අවවාදවලට සවන් දෙන කෙනා
ඉන්නේ ප්‍රඥාවන්තයන් අතරේ.+
32 හික්මවීම ප්‍රතික්ෂේප කරන කෙනාට එයාගේ ජීවිතේ වටින්නේ නැහැ.+
ඒත් අවවාද පිළිගන්න කෙනා අවබෝධය වැඩි කරගන්නවා.+
33 යෙහෝවා ගැන තියෙන ගරුබිය කෙනෙක්ට ප්‍රඥාවන්තව හැසිරෙන්න උගන්වයි.+
නිහතමානිකම ගෞරවයට මඟ පාදයි.+