යෙරෙමියා
4 “අනේ ඊශ්‍රායෙල්, හැරිලා එන්න” කියලා යෙහෝවා දෙවියන් කියනවා.
“ඔබ ආපහු හැරිලා මං ළඟට එනවා නම්,
ඔබේ පිළිකුල් රූප මං ඉස්සරහින් අයින් කරලා දානවා නම්,
ඔබට තැනින් තැනට පලා යන්න වෙන්නේ නැහැ.+
2 ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා ඔබ දිවුරද්දී,
ඔබ ඒක අවංකව, යුක්තිගරුකව සහ ධර්මිෂ්ඨකමින් කරනවා නම්
සියලු ජාතීන් ඔහු* මාර්ගයෙන් ආශීර්වාද ලබාගනියි.
ඔහු ගැන ඔවුන් ආඩම්බරයෙන් කතා කරයි.”+
3 යෙහෝවා යූදාවල සහ යෙරුසලමේ සෙනඟට මෙහෙම කියනවා.
“කටු ගස් අතරේ බීජ වපුරන්නේ නැතුව,
සරු පසක් තෝරගෙන ඒක හොඳින් සකස් කරන්න.+
4 යූදාවල පුරුෂයෙනි, යෙරුසලමේ වැසියෙනි,
යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට චර්මච්ඡේදනය වෙන්න.
නැත්නම් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා,
මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙයි.
ඒ ගින්න කාටවත් නිවන්න බැරි විදිහට ඇවිළෙයි.”+
5 මේ ගැන යූදාවල ප්‍රකාශ කරන්න. යෙරුසලමේදී මේ ගැන දැනුම් දෙන්න.
දේශය පුරාම හොරණෑවක් පිඹලා මේ ගැන කෑගහලා කියන්න.+
හඬ නඟලා මෙහෙම කියන්න. “එකට රැස් වෙමු.
පවුරුවලින් වට වුණ නගරවලට අපි පලා යමු.+
6 සියොන්වලට යන පාර පෙන්නන්න සංඥාවක් හිටවන්න.
ආරක්ෂිත තැනක් හොයන්න. නිකං බලාගෙන ඉන්න එපා.”
මොකද මම උතුරු දිශාවෙන් විපතක්,+ ලොකු විනාශයක් ගේනවා.
ඔහුගේ දේශයෙන් ඔහු පිටත් වෙලා ආවේ ඔබේ දේශය නැති නාස්ති කරන්නයි.
ඔබේ නගර කිසි කෙනෙක් නැති නටබුන් ගොඩක් කරන්නයි.+
8 අපිට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය නිවිලා ගිහින් නැහැ.
ඒ නිසා ගෝණි රෙදි ඇඳගන්න.+
අඬා වැලපෙන්න.* කෑගහලා අඬන්න.
9 යෙහෝවා මෙහෙම කියනවා. “ඒ දවසේදී රජ අධෛර්යයට පත් වෙයි.+
අධිපතීනුත් අධෛර්යය වෙයි. පූජකයෝ බයෙන් ගල්ගැහෙයි.
අනාගතවක්තෘවරු පුදුමයට පත් වෙයි.”+
10 එතකොට මම මෙහෙම කිව්වා. “අනේ දෙවියනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අපි කඩුවෙන් මැරුම් කන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී* ‘ඔයාලට සාමය ලැබෙයි’+ කියලා ඔබ මේ සෙනඟවත් යෙරුසලමේ ඉන්න අයවත් හොඳටම රැවැට්ටුවා.”+
11 ඒ කාලේදී මේ සෙනඟටත් යෙරුසලමේ ඉන්න අයටත් මෙහෙම කියයි.
“කාන්තාරයේ තියෙන කඳුවලින් වියළි හුළඟක් හමාගෙන එයි.
ඒක මගේ දියණිය* වන මගේ සෙනඟ වෙතට වේගයෙන් හමාගෙන එයි.
ඒ හුළඟ එන්නේ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් නෙමෙයි.
12 ඒ තැන්වලින් හුළඟ වේගයෙන් හමාගෙන එන්නේ මම අණ දුන්න නිසයි.
දැන් මම මගේ සෙනඟට විරුද්ධව මගේ විනිශ්චයන් ප්‍රකාශ කරනවා.
ඔහුගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගයෙන් එයි.+
අනේ, අපි විනාශ වෙලා ගියා!
14 යෙරුසලමේ සෙනඟෙනි, විනාශයෙන් බේරෙන්න ඕනෙ නම් දුෂ්ට සිතුවිලි අයින් කරගන්න. ඔබේ හදවත් පවිත්‍ර කරගන්න.+
ඔබ තව කොච්චර කාලයක් දුෂ්ට සිතුවිලි හිතේ තියාගෙන ඉන්නවාද?
16 ඒ පණිවිඩය ගැන ජාතීන්ට කියන්න.
ඒ ගැන යෙරුසලමට ප්‍රකාශ කරන්න.”
“ඈත දේශයක ඉඳන් මුරකරුවන්* එයි.
ඔවුන් යූදාවල නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟයි.
17 යෙරුසලම මට විරුද්ධව කැරලිගැහුවා.+
ඒ නිසා ඔවුන් ඇයට විරුද්ධව හැම පැත්තෙන්ම එනවා. ඔවුන් එන්නේ හරියට කෙතක් මුර කරන අය වගෙයි”+ කියලා යෙහෝවා කියනවා.
18 “ඔබේ හැසිරීමේ සහ ඔබේ වැඩවල ප්‍රතිඵල ඔබට විඳින්න වෙයි.+
ඔබට ලැබෙන දඬුවම මොන තරම් දරුණුද!
මොකද කැරලිකාරකම ඔබේ හිතේ කෙටිලා තියෙනවා.”
19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව!
හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා.
මගේ හදවත වේගයෙන් ගැහෙනවා.
20 විපත්ති ගැන එක පිට එක ආරංචි එනවා.
මුළු දේශයම විනාශ වෙලා.
මගේ කූඩාරම් එකපාරටම විනාශ වුණා.
එක මොහොතකින් ඒකේ තිර ඉරිලා ගියා.+
21 සියොන්වලට යන පාර පෙන්නන සංඥාව තව කොච්චර කාලයක් මට දකින්න වෙයිද?
හොරණෑවේ හඬ කොච්චර කාලයක් අහන් ඉන්නද?+
ඔවුන් කිසිම දෙයක් තේරුම්ගන්නේ නැහැ. ඔවුන් මෝඩ පුත්තු.
ඔවුන් දුෂ්ට දේ කරන්න නම් හරිම දක්ෂයි.*
ඒත් යහපත් දේ කරන්න ඔවුන් දන්නේ නැහැ.”
23 මම දේශය දිහා බැලුවා. බලන්න! ඒක පාළුවට ගිහින්. කිසිම කෙනෙක් එහේ නැහැ.+
මම අහස දිහා බැලුවා. ඒකෙන් කිසිම ආලෝකයක් ලැබුණේ නැහැ.+
26 මම ආයෙත් අවට බැලුවා. බලන්න! පලතුරු වත්තක් වගේ තිබුණ දේශය දැන් පාළුකරයක් වෙලා.
එහේ හැම නගරයක්ම බිමටම සමතලා කරලා.+
මේ හැම දෙයක්ම කළේ යෙහෝවා දෙවියන්.
මෙහෙම වුණේ ගින්නක් වගේ ඇවිළුණ ඔහුගේ කේන්තිය නිසයි.
මොකද මම දෙයක් කිව්වා. මං තීරණයක් ගත්තා.
මම ඒක වෙනස් කරන්නේ නැහැ.* මං කරන්න අදහස් කරපු දේ වෙනස් කරන්නේ නැහැ.+
ඔවුන් කැලෑවලට දුවනවා.
පර්වතවල තියෙන ගුහාවලට රිංගනවා.+
හැම නගරයක්ම අතහැරලා දාලා.
කිසිම කෙනෙක් එහේ ජීවත් වෙන්නේ නැහැ.”
30 දැන් ඔබව විනාශ කරලා තියෙන නිසා ඔබ මොනවාද කරන්න යන්නේ?
ඒ විදිහට ඔබවම ලස්සන කරගත්තත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ.+
රාගයෙන් ඔබේ පස්සේ ආව අය දැන් ඔබව ප්‍රතික්ෂේප කරලා.
දැන් ඔවුන් බලන්නේ ඔබේ ජීවිතේ නැති කරලා දාන්නයි.+
31 ලෙඩින් ඉන්න ස්ත්‍රියක් කෙඳිරිගාන හඬ මට ඇහුණා.
කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්‍රියක් වේදනාවෙන් කෑගහන හඬ මට ඇහුණා.
සියොන් දියණිය අමාරුවෙන් හුස්ම ගන්න හඬ මට ඇහුණා.
ඇය අත් විහිදලා මෙහෙම කියනවා.+
“අනේ, මට වෙච්ච දේ! මාව මරන්න හොයන අය නිසා මගේ ඇඟට කිසිම පණක් නැහැ.”