හොෂෙයා
12 “එෆ්රායිම් සුළං රොදක් ගැන බලාපොරොත්තු තියයි.*
දවස තිස්සේම ඔහු පෙරදිග සුළඟ පස්සේ දුවයි.
බොරුව සහ ප්රචණ්ඩත්වය දේශය පුරාම පැතිරිලා.
ඔවුන් ඇසිරියාව එක්ක ගිවිසුමක් ඇති කරගෙන+ ඊජිප්තුවට තෙලුත් යවනවා.+
2 යූදාට විරුද්ධව යෙහෝවා දෙවියන්ට නඩුවක් තියෙනවා.+
යාකොබ්ට සිද්ධ වෙනවා ඔහු කරපු දේවල් ගැන දෙවියන්ට ගණන් දෙන්න.
ඔහු කරපු වැරදිවලට සුදුසු දඬුවම දෙවියන් දෙයි.+
3 මව්කුසේ ඉද්දීම යාකොබ් ඔහුගේ සහෝදරයාගේ විලුඹ අල්ලගත්තා.+
ඔහු මුළු ශක්තියම යොදවලා දෙවියන් එක්ක පොරබැද්දා.+
4 ඔහු දේවදූතයෙක් එක්ක දිගටම පොරබැදලා ජය ගත්තා.
යාකොබ් අඬඅඬ ඔහුට කිව්වා තමන්ට කරුණාව පෙන්වන්න කියලා.”+
දෙවියන්ට යාකොබ්ව හම්බ වුණේ බෙතෙල්වලදියි.
දෙවියන් අපි එක්ක කතා කළෙත් එහෙදීමයි.+
5 ස්වර්ගයේ සේනාවල දෙවියන් යෙහෝවායි.+
ඔහුව සිහි කරන්නේ යෙහෝවා කියන ඔහුගේ නමිනුයි.+
6 “ඔබේ හිතේ තියෙන ආදරය* කවදාවත් නැති වෙන්න දෙන්න එපා.
යුක්තිය ඉටු කරන්න.+ ආයෙත් ඔබේ දෙවියන් ළඟට හැරිලා එන්න.+
හැමදාම දෙවියන් ගැන බලාපොරොත්තු තියලා වැඩ කරන්න.
8 ‘මං දැන් පොහොසත්.+ මට වටිනා දේවල් ගොඩක් තියෙනවා.+
මගේ අතින් බරපතළ වරදක් වෙලා තියෙනවා කියලා චෝදනා කරන්න
කාටවත් බැහැ’ කියලා එෆ්රායිම් කියනවා.
නියම කළ* දවස්වලදී ඔබ කළා වගේ
මම ආයෙත් ඔබට කූඩාරම්වල ජීවත් වෙන්න සලස්වනවා.
10 මම අනාගතවක්තෘවරුන්ට කතා කළා.+
ඔවුන්ට හුඟක් දර්ශන පෙන්නුවා.
අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උපමා කියලා දුන්නා.
11 ඒත් ගිලියද් දේශය බොරුවෙන් සහ වංචාවෙන් පිරිලා ගිහින්.*+
12 යාකොබ් ආරම්*+ පළාතට* පලා ගියා.
එහෙදී ඊශ්රායෙල්+ බිරිඳක් වෙනුවෙන්+
බැටළුවන් බලාගෙන මහන්සි වෙලා වැඩ කළා.+