පළවෙනි පේතෘස්
3 භාර්යාවෙනි, ඔයාලත් ඒ විදිහටම ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙන්න.+ එයාලාගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ වචනයට කීකරු වෙන්නේ නැති අය වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා කියන දේවල්වලින් නෙමෙයි ඔයාලාගේ යහපත් හැසිරීමෙන් එයාලව දිනාගන්න පුළුවන් වෙයි.+ 2 මොකද ඔයාලා නිර්මලව හැසිරෙනවා කියලත් එයාලට ලොකු ගෞරවයක් පෙන්නනවා කියලත් එයාලා දකිනවා.+ 3 ඔයාලා ලස්සන වෙන්න ඕනෙ පිටින් පේන දේවල්වලින් නෙමෙයි. ඒ කියන්නේ කොණ්ඩ මෝස්තර දාලා, රත්තරන් ආභරණ පැලඳලා,+ ගොඩක් ගණන් ඇඳුම් ඇඳලා නෙමෙයි. 4 ඒ වෙනුවට ඔයාලා ලස්සන වෙන්න ඕනෙ හදවතින්, ඇතුළාන්තයෙන්. ඔයාලා සැරසිලා ඉන්න ඕනෙ සන්සුන්කම සහ මෘදුකම කියන ගතිගුණවලින්.+ ඒවා කවදාවත් දිරලා යන්නේ නැති ඇඳුමක් වගේ. දෙවියන්ට ගොඩක් වටින්නේ ඒ වගේ අයවයි. 5 ඒ විදිහට තමයි අතීතයේ හිටපු, දෙවියන් ගැන බලාපොරොත්තු තියපු, ලොකු භක්තියක් තිබුණ කාන්තාවන් තමන්ව ලස්සන කරගත්තේ. එයාලා තමන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙලා හිටියා. 6 සාරාත් ආබ්රහම්ට කීකරු වුණා. එයා ආබ්රහම්ට කතා කළේ ස්වාමීනි කියලයි.+ ඔයාලත් දිගටම යහපත් දේ කරනවා නම්, කිසිම දෙයක් නිසා බය වෙන්නේ නැතුව+ ඉන්නවා නම් සාරාගේ දරුවෝ කියලා ඔයාලටත් කියන්න පුළුවන්.
7 ඒ වගේම ස්වාමිපුරුෂයෙනි, ඔයාලා ඔයාලාගේ භාර්යාවන්ව තේරුම් අරන් ඉන්නවා කියලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න.* කාන්තාවන්ට ඔයාලට තරම් ශක්තියක් නැහැ. එයාලා ඉක්මනින්ම බිඳෙන්න පුළුවන් බඳුන් වගේ. ඒක මතකයේ තියාගෙන එයාලට ගෞරවයෙන් සලකන්න.+ මොකද දෙවියන්ගේ මහත් කරුණාව නිසා ඔයාලට වගේම එයාලටත් ජීවනය කියන තෑග්ග උරුම වෙනවා.+ එයාලට ගෞරවයෙන් සැලකුවේ නැත්නම් දෙවියන් ඔයාලාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ.
8 අන්තිමට මං මේ දේ කියන්න කැමතියි. ඔයාලා හැමෝම එක මනසකින් ඉන්න.*+ අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න. සහෝදර සහෝදරියන්ට ආදරයක්, සෙනෙහසක් පෙන්නන්න. ගැඹුරු දයානුකම්පාවෙන්+ එයාලට සලකන්න. නිහතමානීව ඉන්න.+ 9 කෙනෙක් නරකක් කළාම එකට එක කරන්න එපා.+ නින්දා කළාම නින්දා කරන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපත් දේවල් කරන්න.+ මොකද දෙවියන් ඔයාලව තෝරගත්තේ ඒ දේ කරන්නයි. ඔහු ඔයාලා වෙනුවෙනුත් යහපත් දේවල් කරයි.
10 මොකද “කෙනෙක් ජීවිතේට ආදරේ කරනවා නම්, ජීවිතේ සතුටින් ගත කරන්න කැමතියි නම් තමන්ගේ දිවෙන් නපුරු කතා කියන එකෙනුත්+ තොල්වලින් අනුන්ව රවට්ටන එකෙනුත් වළකින්න ඕනේ. 11 එයා නපුරු දෙයින් ඈත් වෙලා+ යහපත් දේ කරන්න ඕනේ.+ හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්නත් සාමය රැකගන්නත් ලොකු වෑයමක් දරන්න ඕනේ.*+ 12 මොකද යෙහෝවා* දෙවියන්ගේ ඇස් ධර්මිෂ්ඨ අය වෙතටත් ඔහුගේ කන් එයාලාගේ කන්නලව්වලටත් යොමු වෙලා තියෙනවා.+ ඒත් නපුරු දේවල් කරන අයව යෙහෝවා* ප්රතික්ෂේප කරනවා.”+
13 ඇත්තටම ඔයාලා හරිම උද්යෝගයෙන් යහපත් දේවල් කරනවා නම් ඔයාලට අනතුරක් කරන්නේ කවුද?+ 14 ධර්මිෂ්ඨ ප්රමිති රකින නිසා ඔයාලට දුක් විඳින්න වුණත් ඔයාලට සතුටක් දැනෙයි.+ හැබැයි ඔයාලා වටේ ඉන්න අය බය වෙන දේවල්වලට ඔයාලා බය වෙන්න එපා.* කිසිම දෙයක් නිසා කලබල වෙන්න එපා.+ 15 ඒ වෙනුවට ක්රිස්තුස් ස්වාමීන් කියලා ඔයාලාගේ හදවතින්ම පිළි අරන් ඔහුට ගෞරව කරන්න. ඔයාලට තියෙන බලාපොරොත්තුව ගැන ප්රශ්න කරන හැමෝටම උත්තර දෙන්න නිතරම ලෑස්ති පිට ඉන්න. ඒත් ඔයාලා උත්තර දෙද්දී කාරුණිකව+ සහ එයාලට ගෞරවයක් පෙන්නලා+ ඒක කරන්න.
16 මිනිස්සු ඔයාලට විරුද්ධව මොන වගේ දේවල් කිව්වත් දෙවියන් ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක් තියාගන්න උත්සාහ කරන්න.+ එතකොට ඔයාලට විරුද්ධව කතා කරන අය ක්රිස්තුස්ගේ අනුගාමිකයන් විදිහට ඔයාලා කරන හොඳ දේවල්+ දැකලා ලැජ්ජාවට පත් වෙයි.+ 17 යහපත් දේවල් කරන නිසා දුක් විඳින්න+ දෙවියන් ඉඩහැරලා තියෙනවා නම් නපුරු දේවල් කරලා දුක් විඳිනවාට වඩා ඒක හොඳයි.+ 18 මොකද පව්වලට සමාව ලබා දෙන්න ක්රිස්තුස් තමන්ගේ ජීවිතේ පූජා කළා. ඔහුට ඒ දේ කරන්න වුණේ එක පාරයි.+ ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ඔහු ඒ දේ කළේ අධර්මිෂ්ඨ අය වෙනුවෙන්.+ ඔහු මැරුණේ ඔයාලට දෙවියන් ළඟට යන්න උදව් කරන්නයි.+ මිනිසෙක් විදිහට හිටපු ඔහුව මරණයට පත් කළා.+ ඒත් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විදිහට* ඔහුව මරණයෙන් ආපහු නැඟිට්ටෙව්වා.+ 19 ඊටපස්සේ ඔහු හිරේ හිටපු දේවදූතයන්ට එයාලට ලැබෙන විනිශ්චය ගැන කිව්වා.+ 20 එයාලා තමයි නෝවාගේ කාලේදී දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන්. නෝවා නැව හදන කල්+ දෙවියන් ඉවසීමෙන් බලාගෙන හිටියා.+ ඒ නැවට ඇතුල් වුණ ටිකදෙනාට ඒ කියන්නේ අටදෙනාට වතුරෙන් තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වුණා.+
21 අපිට ඒ සිද්ධිය සමාන කරන්න පුළුවන් දැන් ඔයාලට ගැලවීම ලබා දෙන බව්තීස්මයට. (බව්තීස්මය කියන්නේ ශරීරයේ තියෙන කුණු හෝදන්න කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒක නිදොස් හෘද සාක්ෂියක් ලබා දෙන්න කියලා දෙවියන්ට කරන ඉල්ලීමක්.)+ ඔයාලා බව්තීස්ම වෙන්නේ යේසුස් ක්රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔයාලට විශ්වාසයක් තියෙන නිසයි. 22 ක්රිස්තුස් දැන් ඉන්නේ දෙවියන්ගේ දකුණු පැත්තේ.+ මොකද ඔහු ස්වර්ගයට ගියා. ඒ වගේම දේවදූතයන්වත් අධිකාරියක් සහ බලයක් තියෙන අයවත් ඔහුට යටත් කරලා දුන්නා.+