යෙසායා
53 අපෙන් අහන්න ලැබුණ දේ ගැන* විශ්වාසය තිබ්බේ කවුද?+
යෙහෝවා දෙවියන් ඔහුගේ හස්තය+ දකින්න සැලැස්සුවේ කාටද?+
2 ඔහු* ඉදිරියේ ඔහු කුඩා පැළයක්*+ වගේ මතු වෙයි. ඔහු වියළි බිමක තියෙන මුලක් වගේ වෙයි.
ඔහුගේ පෙනුමේ විශේෂත්වයක් නැහැ. තේජසක් දකින්නත් නැහැ.+
අපි ඔහුව දකිද්දී ඔහුට ආකර්ෂණය වෙන්න තරම් විශේෂ පෙනුමක් ඔහුට තිබුණේ නැහැ.*
3 මිනිස්සු ඔහුව පිළිකුල් කළා. ඔහුගෙන් ඈත් වෙලා හිටියා.+
වේදනා විඳිද්දී දැනෙන්නේ කොහොමද කියලා ඔහු තේරුම්ගත්තා. අසනීප ගැන හැම දෙයක්ම ඔහු දැනන් හිටියා.
ඒක හරියට ඔහුගේ මූණ අපෙන් හංගලා තිබුණා වගේ.*
ඔහුව පිළිකුල් කළා. අපි ඔහුව ගණන් ගත්තෙවත් නැහැ.+
ඒත් අපි ඔහුව සැලකුවේ පීඩා විඳින, දෙවියන්ගෙන් පහර කාපු, දඬුවම් ලබපු කෙනෙක් විදිහට.
6 අපි හැමෝම බැටළුවන් වගේ ඒ මේ අත ගියා.+
එක් එක් කෙනා තම තමන්ට කැමති පාරේ ගියා.
යෙහෝවා අපි හැමෝගෙම වැරදි ඒ කෙනාගේ කර පිට තිබ්බා.+
මරන්න ගෙනියන බැටළුවෙක් වගේ ඔහුව අරගෙන ගියා.+
ඔහු හිටියේ ලොම් කපන අය ඉස්සරහා නිහඬව ඉන්න බැටළුදෙනක් වගේ.
ඔහු වචනයක්වත් කිව්වේ නැහැ.+
9 ඔහු කිසි වරදක් කරලා තිබුණේ නැතත්
ඔහුගේ මුවින් කිසිම වංචනික දෙයක් පිට වුණේ නැතත්+
10 ඔහු දරුණු දුක් පීඩා විඳින්න ඕනෙ කියලා යෙහෝවා තීරණය කළා. ඔහුට වේදනා විඳින්න ඉඩහැරියා.
ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක් විදිහට දෙනවා නම්,+
ඔහුගෙන් පැවතෙන අයව දකින්න ඔහුට පුළුවන් වෙයි. ඔහු දිගු කාලයක් ජීවත් වෙයි.+
ඔහු මාර්ගයෙන් යෙහෝවා කැමති දේත් ඉටු වෙයි.+
11 වේදනා වින්දාට පස්සේ ඔහු දකින දේ නිසා ඔහු සතුටු වෙයි.