ගීතාවලිය
3 ඔහුගේ ශුද්ධ නම ගැන ආඩම්බරයෙන් කතා කරන්න.+
යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන හැමෝගෙම සිත් සතුටින් පිරී ඉතිරේවා!+
4 යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න.+
ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න. නිතරම ඔහුගෙන් උපකාර ඉල්ලන්න.*
5 ඔහු කරපු පුදුම දේවල් මතක් කරගන්න.
ඔහු කරපු ආශ්චර්යයනුත් ඔහු දුන්න ධර්මිෂ්ඨ තීන්දුත් සිහි කරන්න.+
6 ඔහුගේ සේවකයා වුණ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+
යාකොබ්ගේ දරුවෙනි, ඔහු තෝරගත්ත සෙනඟෙනි,+ ඒ දේවල් සිහි කරන්න.
ඔහු මුළු පොළොවම විනිශ්චය කරයි.+
8 ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+
පරම්පරා දාහක් ගියත් ඔහු දුන්න පොරොන්දුව ඔහු අමතක කරන්නේ නැහැ.+
9 ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුමත්+
ඊසාක්ට දිවුරලා වුණ පොරොන්දුවත් ඔහු සිහි කරනවා.+
10 ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ කියලා ඔහු යාකොබ්ට සහතික වුණා.
ඔහු හැමදාටම ඊශ්‍රායෙල් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුමට විශ්වාසවන්තව ඉන්නවා.
11 ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි. “ඔයාගේ උරුමය විදිහට,+
මම කානාන් දේශය ඔයාට දෙනවා.”+
14 ඔවුන්ට හිරිහැර කරන්න ඔහු කාටවත් ඉඩ දුන්නේ නැහැ.+
ඔවුන් නිසා ඔහු රජවරුන්ට අවවාද කළා.+
15 “මං අභිෂේක කරපු අයට අත තියන්න එපා.
මගේ අනාගතවක්තෘවරුන්ට කිසිම නපුරක් කරන්න එපා” කියලා ඔහු ඔවුන්ට කිව්වා.+
18 එහේ හිටපු අය ඔහුගේ කකුල්වලට විලංගු දැම්මා.+
ඔහුගේ බෙල්ල* දම්වැල්වලින් හිර කළා.
19 යෙහෝවා දෙවියන් දුන්න පොරොන්දුව ඉටු වෙන කල්+
දෙවියන් ඔහු කියපු දේවලින්* යෝසෙප්ව පවිත්‍ර කළා.
21 රජ තමන්ගේ නිවස බලාගන්න වගකීම ඔහුට භාර දුන්නා.
රජ තමන්ට අයිති හැම දේකම පාලකයා විදිහට ඔහුව පත් කළා.+
22 රජ තමන්ගේ අධිපතීන්ව සම්පූර්ණයෙන්ම ඔහුට යටත් කරලා දුන්නා.
තමන්ගේ වැඩිමහල්ලන්ට දැනමුතුකම් දෙන්නත් ඔහුව පත් කළා.+
24 දෙවියන් ඔහුගේ සෙනඟගේ ගාණ එන්න එන්නම වැඩි වෙන්න සැලැස්සුවා.+
ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන්ව බලවත් කළා.+
25 තම සෙනඟට වෛර කරන්නත්
ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නත් දෙවියන් ඒ අයට
ඉඩහැරියා.+
27 ඒ දෙන්නා දෙවියන් දුන්න ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්නුවා.
හාම්ගේ දේශයේදී ඔවුන් දෙවියන්ගේ බලයෙන් ආශ්චර්යයන් කළා.+
28 ඒ දෙන්නා දෙවියන් කියපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.
දෙවියන් මුළු දේශයම අන්ධකාරයෙන් වැහිලා යන්න සැලැස්සුවා.+
31 ඔහු අණ කළාම ගඩු මැස්සෝ රංචු පිටින් ඇවිත් දේශය වහගත්තා.
ඔවුන්ගේ හැම පළාතක්ම වැලි මැක්කන්ගෙන් පිරිලා ගියා.+
32 වැස්ස වෙනුවට ඔහු ඔවුන්ගේ දේශයට
හිම කැට වර්ෂාවක් ඇද හැලෙන්න සැලැස්සුවා.
33 ඔවුන්ගේ මිදිවැල්, අත්තික්කා ගස් විනාශ කළා.
ඔවුන්ගේ දේශයේ තිබුණ හැම ගහක්ම නැති කරලා දැම්මා.
35 උන් ඔවුන්ගේ වගාබිම් නැති නාස්ති කළා.
ගස් වැල්වල පලදාව කාලා දැම්මා.
36 අන්තිමේදී දෙවියන් ඔවුන්ගේ හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+
ඔවුන්ගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය නැති කරලා දැම්මා.
37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවා.
ඔවුන් පිටතට ආවේ රන් රිදී අරගෙනයි.+
ඔවුන්ගේ ගෝත්‍රවල කිසිම කෙනෙක් දුර්වල වෙලා ඇද වැටුණේ නැහැ.
38 ඔවුන් පිටත් වෙලා යද්දී ඊජිප්තුවරු හුඟක් සතුටු වුණා.
මොකද ඊශ්‍රායෙල්වරු නිසා ඔවුන්ට දැනුණේ පුදුම බයක්.+
39 ඊශ්‍රායෙල්වරුන්ව සතුරන්ගෙන් වෙන් කරන්න ඔහු ඒ දෙගොල්ලෝ අතරේ වලාකුළක් තිබ්බා.+
රාත්රියේදී ගින්නක් මාර්ගයෙන් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නා.+
41 ඔහු පර්වතයක් දෙබෑ කරලා ඒකෙන් වතුර ගලාගෙන එන්න සැලැස්සුවා.+
ඒ වතුර කාන්තාරය හරහා ගඟක් වගේ ගලාගෙන ගියා.+
42 ඔහු ඒ දේවල් කළේ තමන්ගේ සේවකයා වුණ ආබ්‍රහම්ට දුන්න ශුද්ධ පොරොන්දුව සිහි කරලයි.+
43 ඔහු තමන්ගේ සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවා.
ඔවුන් සතුටින් හඬ නඟමින් දේශයෙන් පිටත් වුණා.+
ඔහු තෝරගත්ත අය ප්‍රීති ඝෝෂා නඟමින් පිටතට ආවා.
44 වෙනත් ජාතීන්ට අයිති ප්‍රදේශ ඔහු ඔවුන්ට අයිති කරලා දුන්නා.+
වෙනත් අය වෙහෙස මහන්සියෙන් උපයගත්ත දේවල් ඔවුන්ට උරුම වුණා.+
45 ඔවුන් තමන්ගේ අණපනත් පිළිපදියි කියලත්+
තමන්ගේ නීතිවලට කීකරු වෙයි කියලත් දෙවියන් බලාපොරොත්තු වුණා.
ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*