ගීතාවලිය
හතරවෙනි කොටස
(ගීතාවලිය 90-106)
සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වන මෝසෙස්ගේ යාච්ඤාවක්.+
90 යෙහෝවා දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම අපේ නිවහන* ඔබයි.+
4 අවුරුදු දහසක් ගත වුණත් ඔබට ඒක ගෙවී ගිය එක දවසක්* වගේ.+
ඔබට ඒක රාත්රියේ ගෙවී ගිය එක රැකවල් යාමයක්* වගේ.
5 එක මොහොතකින් ඔබ ඔවුන්ව නැති කරලා දානවා.+
ඔවුන්ගේ ජීවිතේ හරියට කෙටි නින්දක් වගේ.
ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ වගේ.+
9 ඔබ අපිත් එක්ක කේන්තියෙන් ඉන්න නිසා අපේ ජීවිතේ දවස් ටිකෙන් ටික ගෙවිලා යනවා.
හුස්මක්* වගේ අපේ ජීවිතේ ඉක්මනින්ම අවසන් වෙනවා.
ඒත් ඒ ටික කාලෙත් දුක් කරදරවලින් පිරිලා.
අපේ ජීවිතේ දවස් වේගයෙන් ගෙවිලා යනවා.
අපේ ජීවිත ඉක්මනින්ම නැති වෙලා යනවා.+
11 ඔබේ කෝපය මොන තරම් බලගතුද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද?
ඔබේ උදහස හිතාගන්න බැරි තරම් බලවත්.
අපි ඔබට පෙන්විය යුතු ගරුබියත් ඒ තරම්ම ප්රබල වෙන්න ඕනේ.+
12 අපේ ජීවිතයේ හැම දවසක්ම අර්ථවත් විදිහට ගත කරන්න* අපිට උගන්වන්න.+
එතකොට නැණවත් හිතක් ඇති කරගන්න අපිට පුළුවන් වෙයි.
තව කොච්චර කාලයක් ඔබ අපෙන් ඈත් වෙලා ඉන්නවාද?+
14 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා අපිව සතුටට පත් කරන්න.+
එතකොට ප්රීති ඝෝෂා නඟමින් ජීවිත කාලේ පුරාම අපිට සතුටින් ඉන්න පුළුවන්.+
15 ඔබ අපිට දුක් පීඩා විඳින්න ඉඩහැරපු තරමටම අපේ හිත් සතුටින් පුරවන්න.+
අපි දුක් විඳපු අවුරුදු ගාණට හරියන්න අපිව සතුටට පත් කරන්න.+
16 ඔබ කරන යහපත් දේවල් ඔබේ සේවකයන්ට දකින්න සලස්වන්න.
ඔබේ මහත් බලය දකින්න ඔවුන්ගේ දරුවන්ටත් අවස්ථාව දෙන්න.+
17 යෙහෝවා අපේ දෙවියනි, ඔබේ කරුණාව අපිට පෙන්වන්න.
අපේ දෑතේ වැඩවලට ආශීර්වාද කරන්න.
අපි කරන හැම දේකටම ඔබේ ආශීර්වාදය ලැබේවා!+