ගීතාවලිය
අපේ දෙවියන්ට ප්රශංසා ගී ගයන එක* කොයි තරම් යහපත් දෙයක්ද!
ඔහුට ප්රශංසා කරන එක මොන තරම් ප්රසන්නද!
ඔහු ඇත්තෙන්ම ප්රශංසාව ලබන්න වටිනවා.+
3 හිත බිඳුණු අයට ඔහු සුවය ලබා දෙයි.
ඔවුන්ගේ තුවාල වෙළුම් පටිවලින් බඳියි.
7 යෙහෝවාට ස්තුති කරමින් ගී ගයන්න.
වීණාව වයමින් අපේ දෙවියන්ට ප්රශංසා ගී ගයන්න.
8 අහස වලාකුළුවලින් අතුරන්නෙත්
පොළොවට වැස්ස ලබා දෙන්නෙත් ඔහුයි.+
කඳු මුදුන් තණකොළවලින් වැහිලා යන්න සලස්වන්නෙත් ඔහුයි.+
10 අශ්වයෙක්ට තියෙන ශක්තිය දැකලවත්+
වේගයෙන් දුවන්න මිනිසෙක්ට තියෙන හැකියාව දැකලවත්+
ඔහු සතුටු වෙන්නේ නැහැ.
11 ඒත් යෙහෝවා සතුටු වෙන්නේ ඔහු ගැන ගරුබියක් තියෙන අය ගැනයි.+
ඔහුගේ නොසැලෙන ආදරය අද්දකින්න ආශාවෙන් බලන් ඉන්න අය ගැනයි.+
12 යෙරුසලම, යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න.
සියොන්, ඔබේ දෙවියන්ට ප්රශංසා කරන්න.
15 ඔහු පොළොවට අණක් නිකුත් කරනවා.
ඔහුගේ වචනය වේගයෙන් ගමනාන්තයට දිව යනවා.
ඒ සීතල දරාගන්න පුළුවන් කාටද?+
18 ඔහු අණ දෙද්දී ඒවා දිය වෙලා යනවා.
ඔහු සුළං හමන්න සලස්වනවා.+ ඒ සුළඟ නිසා ජලය ගලා බහිනවා.