ගීතාවලිය
මතක් කිරීමක් විදිහට දාවිත් රචනා කරපු ගීතයක්.
3 ඔබ දුන්න හික්මවීම නිසා මගේ මුළු ඇඟම රිදුම් දෙනවා.
මං කරපු වරද නිසා මගේ හිතට* කිසිම සැනසීමක් නැහැ.+
4 මං කරපු වැරදි ගොඩගැහුවොත් ඒවා මගේ හිසටත් ඉහළින් තියෙයි.+
ඒවා මං පිට පටවලා තියෙන ලොකු බරක් වගේ. මට ඒ බර දරාගන්න බැහැ.
5 මං කරපු මෝඩකම් නිසා
මගේ තුවාල පැසවලා ඒවායින් දුගඳක් හමනවා.
6 වේදනාව දරාගන්න බැරුව මම බිම වැතිරිලා ඉන්නවා.
දවස පුරාම මම දුකින් ඇවිදිනවා.
9 අනේ යෙහෝවා, මගේ හිතේ තියෙන හැම ආශාවක්ම ඔබ දන්නවා.
මං සුසුම්ලන හැම වතාවකදීම ඔබට ඒක ඇහෙනවා.
11 මගේ යාළුවෝ මගේ විපත දැකලා මගෙන් ඈත් වෙලා ඉන්නවා.
මං ළඟින්ම හිටපු අයත් දැන් මගෙන් දුරස් වෙලා.
12 මාව මරන්න හොයන අය මාව අල්ලගන්න උගුල් අටවනවා.
මට හානියක් කරන්න හදන අය මාව විනාශ කරන්න කතා වෙනවා.+
මාව රවට්ටලා අල්ලගන්න ඔවුන් දවස තිස්සේම කුමන්ත්රණය කරනවා.
14 මම කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ ඉන්නවා.
මගේ නිර්දෝෂකම ඔප්පු කරන්න කිසිම දෙයක් නොකියා ඉන්නවා.
16 “ඔබ මගේ උදව්වට ආවේ නැත්නම් මගේ විපත දැකලා ඔවුන් සතුටු වෙයි.
මගේ කකුල පැටලිලා වැටුණොත් ඔවුන් මට නින්දා කරයි” කියලා මම කිව්වා.
19 මගේ සතුරෝ හොඳ සවිශක්තියක් තියෙන, බලවත් අය.
කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයගේ ගාණ තව තවත් වැඩි වුණා.
20 මම ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට සැලකුවේ නරක විදිහට.
මං හරි දේ කරන්න හදද්දී ඔවුන් ඒකට බාධා කළා.
21 අනේ යෙහෝවා, මාව අත්හරින්න එපා.
මගේ දෙවියනි, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+