උත්පත්ති
32 යාකොබ් දිගටම ගමන් කළේය. ඒ අතරතුරේදී ඔහුට දෙවිගේ දූතයන්ව හමු විය.+ 2 යාකොබ් ඔවුන්ව දුටු විට, “දෙවිගේ කඳවුර මෙතැනයි”+ කියා පවසමින් එතැනට මහනායිම්*+ යන නම තැබීය.
3 ඉන්පසු යාකොබ් ඒදොම්හි+ පිහිටි සේයිර් නම් පළාතේ+ ජීවත් වූ තම සහෝදරයා වන ඒසව් වෙතට පණිවිඩකරුවන්ව+ යැවීය. 4 යාකොබ් ඔවුන්ට මෙසේ අණ කළේය. “මාගේ ස්වාමීන්+ වන ඒසව්ට ඔබ මෙහෙම කියන්න. ‘ඔබේ සේවකයා වන යාකොබ් ඔබට මෙහෙම කියනවා. “මම මේ වෙනකම් දිගු කාලයක් පුරා ලාබන් සමඟ විදේශිකයෙක් ලෙස ජීවත් වුණා.+ 5 මට දැන් සෑහෙන ගොනුන්ද බූරුවන්ද බැටළුවන්ද සේවක සේවිකාවන්ද සිටිනවා.+ මාගේ ස්වාමීනි, මම එන බව ඔබට දන්වා එවන්නේ ඔබ මට කරුණාවෙන් සලකාවි යන බලාපොරොත්තුවෙන්.”’”+
6 පණිවිඩකරුවන් ආපසු යාකොබ් වෙතට පැමිණි විට ඔවුහු මෙසේ කීවෝය. “ඔබේ සහෝදරයා වන ඒසව්ව අපිට හමු වුණා. ඔහු දැන් මිනිසුන් හාරසියයක් සමඟ ඔබව හමු වීමට එනවා.”+ 7 එවිට යාකොබ් අතිශයින් භය වී කලබල විය.+ එබැවින් ඔහු එළුවන්, බැටළුවන්, ගොනුන් සහ ඔටුවන් ඇතුළු තමන් සමඟ ගමන් ගත් මුළු පිරිස කඳවුරු දෙකකට බෙදා,+ 8 මෙසේ කීවේය. “ඒසව් ඇවිත් එක කණ්ඩායමකට පහර දුන්නොත් අනික් කණ්ඩායම හරි ගැලවෙයි.”+
9 ඉන්පසු යාකොබ් මෙසේ යාච්ඤා කළේය. “මගේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ දෙවි+ වන යෙහෝවා, ‘ඔබේ දේශයටත් ඔබේ නෑදෑයන් වෙතටත් නැවත යන්න. මම ඔබට ආශීර්වාද කරන්නෙමි’ කියා ඔබ මට පැවසුවා.+ 10 ඔබේ සේවකයා වන මට ඔබ පෙන්වූ ප්‍රේමය* හා විශ්වාසවන්තකම මොන තරම්ද!+ නමුත් මම ඒ කිසිම දෙයක් ලබන්න තරම් වටින පුද්ගලයෙක් නෙවෙයි. මා යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දී මා ළඟ තිබුණේ මගේ සැරයටිය විතරයි. එහෙත් දැන් මට කඳවුරු දෙකක්ම තිබෙනවා.+ 11 අනේ, මගේ සහෝදරයා වන ඒසව්ගේ අතින් මාව ගලවාගන්න.+ ඔහු ඇවිත් මටත් මගේ දරුවන්ටත් ඔවුන්ගේ මව්වරුන්ටත් පහර දෙයි කියා මට ලොකු භයක් දැනෙනවා.+ 12 ‘මම ස්ථිරවම ඔබට ආශීර්වාද කර ඔබෙන් පැවතෙන්නන්ව මුහුදේ වැලි මෙන් ගණන් කළ නොහැකි තරමට වැඩි කරන්නෙමි’+ කියා ඔබ මට පොරොන්දු වූ බව සිහි කරන මෙන් මම ඔබෙන් ඉල්ලනවා.”
13 ඔහු ඒ ස්ථානයේ රාත්‍රිය ගත කළේය. පසුව, තම සහෝදරයා වන ඒසව්ට තෑග්ගක් ලෙස ඔහු තමාට අයිති දේවලින් කොටසක් වෙන් කළේය.+ 14 එළුදෙනුන් දෙසියයක් සහ එළුවන් විස්සක්ද බැටළුදෙනුන් දෙසියයක් සහ බැටළුවන් විස්සක්ද, 15 කිරි දෙන ඔටුදෙනුන් තිහක් සහ උන්ගේ පැටවුන්ද එළදෙනුන් හතළිහක් සහ ගොනුන් දහයක්ද බූරුදෙනුන් විස්සක් සහ බූරුවන් දහයක්ද ඔහු වෙන් කළේය.+
16 ඉන්පසු ඔහු එක් එක් රැළ වෙන් වෙන් වශයෙන් තම සේවකයන්ට භාර දී ඔවුන් එක් එක් කෙනාට මෙසේ කීවේය. “මේ ඔයෙන් එගොඩ වී මට ඉදිරියෙන් යන්න. එක් කණ්ඩායමක් අනික් කණ්ඩායමෙන් ඈත් වී ගමන් කරන්න.”+ 17 ඔහු පළමුවෙනි සේවකයාට මෙසේ අණ කළේය. “මගේ සහෝදරයා වන ඒසව්ව හමු වූ විට ඔහු, ‘ඔබ කාගේ සේවකයාද? ඔබ යන්නේ කොහෙද? ඔබ ඉදිරියෙන් යන මේ සත්තු කාගෙද’ කියා ඔබෙන් ඇසුවොත්, 18 ඔබ පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. ‘මේ සත්තු ඔබේ සේවකයා වන යාකොබ්ගේ. ඔහුත් අප පිටුපසින් ගමන් කරනවා. මේ සත්තු එවා තිබෙන්නේ මාගේ ස්වාමීන්+ වන ඒසව්ට තෑග්ගක්+ හැටියටයි.’” 19 පසුව ඔහු දෙවෙනි සේවකයාටද තුන්වෙනියාටද රැළවල් පිටුපස ගිය සියල්ලන්ටද මෙසේ අණ කළේය. “ඔබට ඒසව්ව මුණගැසුණොත් ඔබත් ඒ දේම ඔහුට කියන්න.+ 20 ඔබ මෙහෙමත් කියන්න. ‘ඔබේ සේවකයා වන යාකොබ් අපට පිටුපසින් එනවා.’”+ යාකොබ් එසේ කළේ, “ඒසව් මුහුණට මුහුණ හමු වෙන්න කලින් මට ඉදිරියෙන් තෑග්ගක්+ යැව්වොත් සමහරවිට ඔහුගේ කෝපය නිවී ඔහු මාව සාදරයෙන් පිළිගනීවි”+ කියා සිතූ බැවිනි. 21 ඔහුගේ සේවකයෝ තෑග්ග සමඟ ඔහුට ඉදිරියෙන් ගොස් ඔයෙන් එගොඩ වූහ. නමුත් යාකොබ් එදින රාත්‍රියේ කඳවුරේ සිටියේය.+
22 ඔහු එම රාත්‍රියේදීම නැඟිට තම භාර්යාවන් දෙදෙනාවද+ තම සේවිකාවන් දෙදෙනාවද+ තම කුඩා පුත්‍රයන් එකොළොස්දෙනාවද+ රැගෙන යබ්බොක් ඔයෙන්+ එගොඩ විය. 23 ඔහු ඔවුන්වද තමාට අයිතිව තිබූ සියල්ලද ඔයෙන් එගොඩ කළේය.+
24 පසුව යාකොබ් තනිව සිටියදී මිනිසෙක් අලුයම වන තුරු ඔහු සමඟ පොරබැදීය.+ 25 තමාට යාකොබ්ගෙන් ජය ගත නොහැකි බව ඒ තැනැත්තා දුටු විට+ ඔහු යාකොබ්ගේ කළව සන්ධිය* ඇල්ලුවේය. මෙසේ, ඔහු සමඟ පොරබදද්දී යාකොබ්ගේ කළව සන්ධියේ ඇටය පැන්නේය.+ 26 ඉන්පසු ඒ තැනැත්තා මෙසේ කීවේය. “දැන් පහන් වී ඇති නිසා මට යන්න දෙන්න.” එවිට යාකොබ් මෙසේ කීවේය. “ඔබ මට ආශීර්වාද කරන තුරු මම ඔබට යන්න දෙන්නේ නැහැ.”+ 27 එබැවින් ඔහු, “ඔබේ නම කුමක්ද” කියා ඇසීය. “මම යාකොබ්” කියා ඔහු උත්තර දුන්නේය. 28 එවිට ඔහු මෙසේ කීවේය. “මින්මතු ඔබේ නම යාකොබ් නොවෙයි. මන්ද ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද+ ජය ගත් නිසා ඔබට ඊශ්‍රායෙල්*+ යන නම දෙනු ලැබේ.” 29 යාකොබ් ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔබේ නම කුමක්ද?” එහෙත් ඔහු, “ඔබ මගෙන් නම+ අසන්නේ මන්ද” කියා ඇසුවේය. ඉන්පසු ඔහු යාකොබ්ට ආශීර්වාද කළේය. 30 එබැවින් යාකොබ් එතැනට පෙනීයෙල්*+ යන නම තැබීය. මන්ද, “මම දෙවිව මුහුණට මුහුණ ලා දුටුවත් මගේ ජීවිතය බේරුණා” කියා ඔහු පැවසීය.+
31 ඔහු පෙනුයෙල් පසු කර යද්දී ඉර උදා විය. ඔහුගේ කළවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.+ 32 යාකොබ්ගේ කළව සන්ධිය ළඟ තිබෙන නහරය ඇල්ලූ නිසා අද වන තුරු ඊශ්‍රායෙල්වරු සතුන්ගේ කළව සන්ධියේ තිබෙන නහරය* නොකන්නෝය.+