ශෙපනියා
1 ආමොන් රජුගේ+ පුත් යොෂියා යූදාහි රජකම් කළ කාලයේදී,+ කූෂිගේ පුත්‍ර වූ ශෙපනියාට යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ. කූෂි ගෙදලියාගේ පුත්‍රයාය. ගෙදලියා අමරියාගේ පුත්‍රයාය. අමරියා හෙසකියාගේ පුත්‍රයාය. ශෙපනියාට ලැබුණු පණිවිඩය මෙයයි.
2 “මම පොළොව මතුපිට තිබෙන සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරන්නෙමි” කියා යෙහෝවා දෙවි පවසන්නේය.+
3 “මම මිනිසුන්වද සතුන්වද+ ආකාශයේ පක්ෂීන්වද මුහුදේ මත්ස්‍යයන්වද සම්පූර්ණයෙන්ම විනාශ කරන්නෙමි.+ මිනිසුන්ව පාපයට හසු කරන දේවල් විනාශ කර දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කර දමන්නෙමි.+ එක මිනිසෙකුවත් මම දේශයේ ඉතුරු නොකරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. 4 “මම යූදා දේශයට විරුද්ධවත් යෙරුසලමේ සියලු වැසියන්ට විරුද්ධවත් මගේ බලය පෙන්වන්නෙමි.*+ බාල් දෙවියාට නමස්කාර කරන කිසිවෙකුවත් මම මේ ස්ථානයේ ඉතුරු නොකරන්නෙමි.+ බොරු දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පූජකයන් ඇතුළු සියලුම පූජකයන්ව මම විනාශ කර ඔවුන්ගේ නම් මකා දමන්නෙමි.+ 5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+ 6 යෙහෝවා දෙවි වන මට ළං වී මාගෙන් මඟ පෙන්වීම් පතනවා වෙනුවට+ යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී සිටින සියලුදෙනාවත් මම විනාශ කරන්නෙමි.”+
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ.+ යෙහෝවා දෙවි පූජාවක් සූදානම් කර+ ඒ සඳහා ආරාධිතයන්ව කැඳවා තිබේ.+
8 “යෙහෝවා දෙවි වන මම ඒ පූජාව ඔප්පු කරන දවසේදී පාලකයන්ටත් රජුගේ පුත්‍රයන්ටත් විදේශිකයන්ගේ වස්ත්‍රවලින් සැරසී සිටින සියලුදෙනාටත්+ දඬුවම් කරන්නෙමි.+ 9 ඒ දවසේදී, සිංහාසනය ළඟට වී සිටින සියලුදෙනාටත් තමුන්ගේ ස්වාමිවරුන්ගේ නිවෙස්වල සැහැසියාවෙන් සහ වංචාවෙන් ක්‍රියා කරන අයටත් මම දඬුවම් කරන්නෙමි.”+ 10 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඒ දවසේදී මත්ස්‍ය දොරටුවෙන්+ මහත් ආන්දෝලනයක්ද අලුත් නුවරින්+ වැලපීමේ හඬක්ද කඳුවලින්+ මහත් ඝෝෂාවක්ද ඇසෙනු ඇත. 11 මක්තෙෂ්හි* වැසියෙනි, මොරගසන්න.+ මන්ද වෙළඳාමේ නිරත වූ සියල්ලෝ විනාශ වී ගියෝය.+ රිදී ගනුදෙනුකරුවෝද විනාශ වී ඇත.
12 “ඒ කාලයේදී මම පහන් දල්වාගෙන යෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නෙමි.+ මණ්ඩි බසින තෙක්ම එකම භාජනයේ නිශ්චලව තිබෙන වයින් මෙන් තම ජීවිත වෙනස් කිරීමට කැමැත්තක් නොදක්වන මිනිසුන්ට මම දඬුවම් කරන්නෙමි.+ ‘යෙහෝවා දෙවි හොඳක්වත් නරකක්වත් නොකරයි’ කියා ඔවුහු සිතන්නෝය.+ 13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කා ගෙවල් පාළු කරනු ඇත.+ ඔවුන් ගෙවල් ගොඩනැඟුවද ඒ ගෙවල්වල ජීවත් වන්න ඔවුන්ට ලැබෙන්නේ නැත.+ ඔවුන් මිදිවතු වවන නමුත් එවායින් සාදන වයින් ඔවුන්ට බොන්න ලැබෙන්නේ නැත.+
14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+ 15 ඒ දවස උදහස ප්‍රකාශ කරන දවසක්ය. දුක් කරදර හා වේදනාවලින් පිරුණු දවසක්ය.+ සැඩ කුණාටුවෙන් සියල්ල වැනසී යන විපත්තිවලින් පිරුණු අඳුරු දවසක්ය.+ වලාකුළුවලින් වැසුණු ඝන අන්ධකාරය දසත පැතිරුණු දවසක්ය. 16 ඒ දවසේදී, පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරවලටත් උස් බලකොටුවලටත්*+ විරුද්ධව නඟන යුධ ඝෝෂා හා හොරණෑ හඬ ඇසෙනු ඇත.’+ 17 මම මනුෂ්‍යයන් පිට විපත්ති ගෙනෙන්නෙමි. යෙහෝවා දෙවි වන මට විරුද්ධව පව් කළ බැවින්+ ඔවුහු අන්ධයන් මෙන් ඉබාගාතේ යන්නෝය.+ මම ඔවුන්ගේ ලේ දූවිලි මෙන්ද+ ඔවුන්ගේ බඩවැල් ගොම මෙන්ද සෑම තැනම විසුරුවන්නෙමි.+ 18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+