විනිශ්චයකරුවෝ
18 ඊශ්රායෙල් දේශය පාලනය කිරීමට ඒ වන විට රජෙකුව පත් කර නොතිබිණ.+ ඒ කාලයේදී දාන් ගෝත්රයේ අය+ තම පදිංචිය සඳහා තවත් ප්රදේශයක් සොයමින් සිටියෝය. ඊට හේතුව නම් ඒ වන විටත් ඊශ්රායෙල් ජාතියේ අනිකුත් ගෝත්ර අතරේ ඔවුන්ට උරුමයක් ලෙස හිමි වී තිබූ ප්රදේශය ප්රමාණවත් නොවීමය.+
2 එහෙයින් දාන් ගෝත්රයේ සෙනඟ තමන් අතරෙන් බලසම්පන්න පුරුෂයන් පස්දෙනෙකුව තෝරාගෙන තම ගෝත්රයේ අයට ජීවත් වීමට සුදුසු ප්රදේශයක් සොයා බැලීම සඳහා ඔවුන්ව පිටත් කර යවමින්,+ “ඔබ දේශයේ ඇවිද පදිංචියට සුදුසු ප්රදේශයක් සොයා බලන්න” කියා ඔවුන්ට පැවසුවෝය. ඔවුන් පිටත් වූයේ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවල සිටය. දින කිහිපයකට පසු ඔවුහු එෆ්රායිම්හි කඳුකර ප්රදේශයට+ ඇතුල් වූහ. ඔවුහු එදින රාත්රිය මීකාගේ+ නිවසේ ගත කළෝය. 3 මීකාගේ නිවසේ සිටි ඔවුන්ට තරුණ ලෙවීවරයාගේ කටහඬ ඇසිණ. ඔහුව හඳුනාගත් ඔවුහු, “ඔබ මොනවාද මෙහෙට වෙලා කරන්නේ? කවුද ඔබව මෙහාට ගෙන්නගත්තේ” කියා ඔහුගෙන් ඇසුවෝය. 4 ඔහු පිළිතුරු දෙමින්, “මට මෙහෙ ඉන්න කිව්වේ මීකා. ඔහු වෙනුවෙන් මම පූජකයෙකු හැටියට සේවය කරනවා.+ ඒ සඳහා ඔහු මට පඩියකුත් දෙනවා”+ කියා පැවසීය. 5 එවිට ඔවුහු ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබට පුළුවන්ද අපි මේ යන ගමන සාර්ථක වෙයිද නැද්ද කියා දෙවිගෙන්+ අහලා+ අපට කියන්න?” 6 “ඔව් මට පුළුවන්. ඔබේ ගමනට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබිලයි තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයකට භය වෙන්න එපා. ඔබ යන ගමන සාර්ථක වෙයි” කියා ඔහු පිළිතුරු දුන්නේය.
7 ඔවුහු එතැනින් පිටත් වී ලායිෂ් නම් නුවරට+ පැමිණියෝය. එහි ජීවත්ව සිටියේ කිසිවෙකුට කරදරයක් නොකරන සාමකාමී සෙනඟකි.+ ඔවුහු සීදොන් වැසියන් හා සමාන ස්වාධීන සෙනඟකි. ඔවුන් සීදොන් වැසියන්ගෙන්+ ඈත්ව හුදෙකලාව ජීවත් වූ අතර කිසිම ජාතියක් හෝ පාලකයෙක් ඔවුන්ට හිරිහැර කිරීමට පැමිණියේ නැත.
8 මේ සෑම දෙයක්ම හොඳින් සැලකිල්ලට ගත් ඒ පුරුෂයෝ පස්දෙනා එතැනින් පිටත් වී තම සහෝදරයන් විසූ ෂොරා+ සහ එෂ්තායොල්+ යන නුවරවලට ආපසු පැමිණියෝය. එවිට ඔවුන්ගේ සහෝදරයෝ පැමිණ, “කොහොමද ඔබ ගිය ගමන” කියා ඔවුන්ගෙන් විමසුවෝය. 9 ඔවුහු ඒ ගැන ඔවුන්ට මෙසේ පැවසුවෝය. “අපි හොඳ දේශයක් දැක්කා.+ ඒ දේශය අපිට පහසුවෙන්ම යටත් කරගන්න පුළුවන්. ඉතින් තවත් කල් දාන්නේ මොකටද? අපි ඉක්මනින්ම ගිහින් ඒ දේශය අල්ලගනිමු.+ 10 ඒ දේශය හරිම සමෘද්ධිමත්, විශාල දේශයක්. අපට ඕනේ කරන සෑම දෙයක්ම එහි තියෙනවා.+ එහි ඉන්නේ සතුරු තර්ජනයක් නැති සාමකාමී සෙනඟක්.+ දෙවි අනිවාර්යයෙන්ම අපට ඒ දේශය ලබා දෙයි.”+
11 ඉන්පසු දාන් ගෝත්රයට අයත් පුරුෂයන්+ හයසියදෙනෙක් අවිආයුධ අතැතිව ෂොරා සහ එෂ්තායොල් යන නුවරවලින්+ පිටත් වී 12 යූදා ගෝත්රයට අයත් නුවරක් වන කිර්යත්-යෙයාරීම්ට+ බටහිර දෙසින් කඳවුරු බැඳගත්තෝය. ඔවුන් එම ස්ථානය මහනේ-දාන්*+ කියා නම් කළ අතර එම නම අද දක්වාම භාවිත කෙරේ. 13 එතැනින් පිටත්ව එෆ්රායිම්හි කඳුකර ප්රදේශයට ඇතුල් වූ ඔවුහු මීකාගේ නිවස අසලට පැමිණියෝය.+
14 එවිට ලායිෂ් දේශයේ+ තොරතුරු සොයා බැලීමට ගිය පස්දෙනා+ තම සහෝදරයන්ට මෙසේ කීවෝය. “මේ ගෙදර ඒෆොද් හැට්ටයකුත් ටෙරෆිම් රූපත්+ තව රූප දෙකකුත්+ තියෙන බව ඔබ දන්නවාද? ඉතින් දැන් ටිකක් කල්පනා කරලා බලන්න අපි මොනවාද කරන්න ඕනේ කියලා.”+ 15 එවිට ඒ පස්දෙනා මීකාගේ නිවසට යාබදව තිබූ තරුණ ලෙවීවරයාගේ+ නිවසට ගොස් ඔහුගෙන් සැප දුක් විමසුවෝය.+ 16 ඒ අතරතුර අවිආයුධ අතැතිව+ පැමිණි දාන් ගෝත්රයට අයත්+ හයසියදෙනා ගේට්ටුව අසල රැඳී සිටියෝය. 17 එවිට ඒ පුරුෂයෝ පස්දෙනා+ ඒෆොද් හැට්ටයත්+ ටෙරෆිම් රූපත්+ අනික් රූප දෙකත්+ රැගෙන යෑමේ අදහසින් ලෙවීවරයාගේ නිවසට ඇතුල් වූහ. (ලෙවීවරයා+ සිටියේ අවිආයුධ අතැතිව ගේට්ටුව අසලට වී සිටි මිනිසුන් හයසියදෙනාත් සමඟය.) 18 ඒ පස්දෙනා නිවසට ඇතුල් වී ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූප දෙකත්+ ගත් විට එය දුටු ලෙවීවරයා,+ “ඔබ මොනවාද මේ කරන්නේ” කියා ඔවුන්ගෙන් ඇසුවේය. 19 එවිට ඔවුහු ඔහුට මෙසේ පැවසුවෝය. “කට වහගෙන අපිත් එක්ක එන්න. ටිකක් හිතලා බලන්න, එක මිනිසෙකුගේ පූජකයෙක් වෙලා ඉන්න එකද හොඳ+ නැත්නම් ඊශ්රායෙල් ජාතියට අයත් ගෝත්රයක පූජකයෙක් වෙන එකද හොඳ?+ ඔබ අපි එක්ක ආවොත් ඔබට පුළුවන් අපි හැමෝම වෙනුවෙන් උපදේශකයෙක්+ හා පූජකයෙක්+ හැටියට සේවය කරන්න.” 20 ඔවුන්ගේ යෝජනාවට සතුටින් එකඟ වූ+ ලෙවීවරයා ඒෆොද් හැට්ටයත් ටෙරෆිම් රූපත් අනික් රූපයත්*+ රැගෙන ඔවුන් සමඟ ගියේය.
21 ඔවුහු තම කුඩා දරුවන්වද සත්ව රැළවල්ද තමන් සතු වටිනා බඩු බාහිරාදියද ඔවුන්ට පෙරටුවෙන් යවමින්+ නැවතත් ගමන් ඇරඹූහ. 22 මීකාගේ+ නිවස අවට සිටි අය එකතු වී දාන් ගෝත්රයේ සෙනඟ පසුපස ලුහුබැඳ ගියෝය. ඒ වෙද්දී දාන් ගෝත්රයේ සෙනඟ මීකාගේ නිවසේ සිට බොහෝ දුරක් ගමන් කර තිබිණ. 23 ඒ පිරිස දාන් ගෝත්රයේ සෙනඟ වෙතට ළඟා වී ඔවුන්ට කතා කළ විට දාන් ගෝත්රයට අයත් පුරුෂයෝ මීකාගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ මේ වගේ විශාල පිරිසක් එකතු කරගෙන අපිව ලුහුබඳින්නේ මොන හේතුවක් නිසාද?”+ 24 එවිට මීකා මෙසේ කීවේය. “ඔබ කියන්නේ පුදුම කතාවක්නේ. ඔබ මගේ දෙවිවරුන්වයි,+ මගේ පූජකයාවයි+ අරගෙන ගියාම මට මොනවාද ඉතුරු වෙන්නේ?”+ 25 එවිට දාන් ගෝත්රයේ අය ඔහුට මෙසේ පැවසුවේය. “ඔය විදිහට කෑගහන්න එපා. අපේ මිනිසුන්ට කේන්ති ගියොත්+ ඔබවත් ඔබේ පවුලේ අයවත් ඉතුරු කරන එකක් නැහැ.” 26 එසේ පැවසූ ඔවුහු නැවතත් තම ගමන ඇරඹූහ. තමා සමඟ සිටි අයට වඩා ඔවුන්ගේ පිරිස බලවත් බව තේරුම්ගත්+ මීකාද තම නිවසට හැරී ගියේය.
27 දාන් ගෝත්රයේ අය නමස්කාරය සඳහා මීකා සාදාගෙන තිබූ දේවල්ද ඔහුට පූජකයෙකු ලෙස සේවය කළ ලෙවීවරයාවද+ රැගෙන, යුධ බියකින් තොර නිසංසල ජීවිතයක් ගත කළ මිනිසුන්+ විසූ ලායිෂ් නුවර+ බලා ගියෝය. ඔවුහු නුවරට ඇතුල් වී එහි වැසියන්ට කඩුවෙන් පහර දී+ මුළු නුවරම ගිනිබත් කළෝය.+ 28 බෙත්-රෙහොබ් තැනිතලාවේ+ පිහිටි මෙම නුවර සීදොන්+ ප්රදේශයේ සිට බොහෝ ඈතක පිහිටා තිබූ නිසා ඔවුන්ව ගලවාගැනීමට කිසිවෙක් සිටියේ නැත. දාන් ගෝත්රයේ සෙනඟ එම නුවර නැවත ගොඩනඟා එහි වාසය කිරීමට පටන්ගත්තෝය.+ 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්රයේ ප්රධානියා වූ නිසාය. 30 දාන්ගේ ගෝත්රයේ අය තමන් සමඟ රැගෙන ආ රූපය+ නුවරේ යම් තැනක තැබූහ. ඔවුන් සමඟ පැමිණි ලෙවීවරයා මෝසෙස්ගේ පුත් ගේර්ෂොම්ගේ+ පුත්රයෙකු වූ යොනාතාන්ය.+ ඔහුද ඔහුගෙන් පැවත ආ පුත්රයෝද දාන් ගෝත්රය වෙනුවෙන් පූජකයන් ලෙස සේවය කළෝය. සතුරන් පැමිණ ඔවුන්ගේ දේශය අල්ලාගන්නා තෙක්ම+ ඔවුහු එසේ සේවය කළෝය. 31 සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා ඉදි කළ කූඩාරම+ ෂීලෝ නුවරේ+ තිබූ කාලය පුරාම මීකා සාදාගත් රූපයද ඔවුහු තම නුවරේ තබාගත්තෝය.