නෙහෙමියා
7 පවුර නැවත ගොඩනඟා අවසන් කළ වහාම+ මම එහි දොරටුද සවි කළෙමි.+ දොරටු පාලකයන්වද+ ගායකයන්වද+ ලෙවීවරුන්වද+ තම කාර්යයන් සඳහා පත් කරන ලදි. 2 ඉන්පසුව මම යෙරුසලම පාලනය කිරීමට මාගේ සහෝදරයෙකු වූ හනානිවද+ දේවමාලිගාවේ බලකොටුව+ භාරව සිටි අධිපතියෙකු වූ හනනියාවද පත් කළෙමි. හනනියා බොහෝදෙනෙකුට වඩා සැබෑ දෙවිට ගරුබිය දැක්වූ+ ඉතා විශ්වාසවන්ත+ කෙනෙකි. 3 මම ඔවුන් දෙදෙනාටම මෙසේ පැවසුවෙමි. “හිරු මුදුන් වන වේලාව පැමිණෙන තුරු යෙරුසලමෙහි දොරටු+ විවෘත නොකළ යුතුයි. සවස් වරුවේ මුරට පැමිණෙන අය එම දොරවල් වසා ඒවාට අගුලු දැමිය යුතුයි.+ ඒ වගේම යෙරුසලමෙහි වැසියන් අතරින් මුරකරුවන්ව තෝරාගන්න. ඔවුන්ගෙන් සමහරෙකුට තමන්ගේම නිවෙස් මුර කිරීමට නියම කරන්න. අනික් අයව මුරපොළවලට පත් කරන්න.”+ 4 දිගින් හා පළලින් නුවර ඉතා විශාල වුවත් ඒ තුළ වාසය කළේ ස්වල්පදෙනෙකි.+ එහි නිවෙස්ද ඉදි කර නොතිබිණ.
5 මම වංශවත් අයවද නිලධාරීන්වද පොදු ජනයාවද එකතු කරගෙන ඔවුන්ගේ නම් පෙළපත් වාර්තාවලට ඇතුළත් කිරීමට පියවර ගත්තෙමි.+ එම අදහස මාගේ සිත+ තුළ ඇති කළේ මාගේ දෙවිය. ඉන්පසුව වහල්කමින් නිදහස් වී මුලින්ම පැමිණි අයගේ විස්තර අඩංගු පෙළපත් වාර්තාව+ මා අතට පත් විය. එහි ලියා තිබුණු විස්තර මතු දැක්වේ.
6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ වහල්භාවයට ගෙන ගිය+ අයගේ පැවතෙන්නන් අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට+ ආපසු පැමිණියෝය.+ 7 සෙරුබාබෙල්,+ යේෂුවා,+ නෙහෙමියා, අෂරියා,* රයමියා,* නහමානී, මොර්දෙකයි,+ බිල්ෂාන්, මිස්පෙරෙත්,* බිග්වායි, නේහුම්* සහ බානාහ් යන අය සමඟ යූදා දේශයට පැමිණි ඔවුන්ගේ විස්තර මතු දැක්වේ.
ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි පුරුෂයන්ගේ සංඛ්‍යාව මෙසේය. 8 පාරොෂ්ගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් එකසිය හැත්තෑදෙකකි. 9 ෂෙපටියාගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය හැත්තෑදෙකකි. 10 ආරාහ්ගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය පනස්දෙකකි. 11 පාහත්-මෝවබ්ගේ* පෙළපතට අයත්+ යේෂුවාගේ සහ යෝවාබ්ගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් අටසිය දහඅටකි. 12 ඒලාම්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දෙසිය පනස්හතරකි. 13 සට්ටුගේ පුත්‍රයන්ගේ+ ගණන අටසිය හතළිස්පහකි. 14 ෂක්කායිගේ පුත්‍රයන්ගේ+ ගණන හත්සිය හැටකි. 15 බින්නුයිගේ* පුත්‍රයන්ගේ+ ගණන හයසිය හතළිස්අටකි. 16 බෙබායිගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය විසිඅටකි. 17 අස්ගාද්ගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් තුන්සිය විසිදෙකකි. 18 අදොනිකාම්ගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය හැටහතකි. 19 බිග්වායිගේ පුත්‍රයන්ගේ+ ගණන දෙදහස් හැටහතකි. 20 ආදින්ගේ පුත්‍රයන්ගේ+ ගණන හයසිය පනස්පහකි. 21 හෙසකියාගේ පවුලට අයත් ආටෙර්ගේ පුත්‍රයන්ගේ+ ගණන අනූඅටකි. 22 හාෂුම්ගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය විසිඅටකි. 23 බේෂායිගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය විසිහතරකි. 24 හාරිෆ්ගේ* පුත්‍රයන්ගේ+ ගණන එකසිය දොළහකි. 25 ගිබියොන්හි*+ පුරුෂයන්ගේ ගණන අනූපහකි. 26 බෙත්ලෙහෙම+ සහ නෙටොෆාහි+ පුරුෂයන්ගේ ගණන එකසිය අසූඅටකි. 27 අනාතොත්හි පුරුෂයන්ගේ+ ගණන එකසිය විසිඅටකි. 28 බෙත්-අෂ්මාවෙත්හි පුරුෂයන්ගේ+ ගණන හතළිස්දෙකකි. 29 කිර්යත්-යෙයාරීම්,+ කෙෆීරා+ සහ බෙයේරොත්හි+ පුරුෂයන්ගේ ගණන හත්සිය හතළිස්තුනකි. 30 රාමා+ සහ ගෙබාහි+ පුරුෂයන්ගේ ගණන හයසිය විසිඑකකි. 31 මික්මාස්හි පුරුෂයන්ගේ+ ගණන එකසිය විසිදෙකකි. 32 බෙතෙල්හි+ සහ ආයිහි+ පුරුෂයන්ගේ ගණන එකසිය විසිතුනකි. 33 නෙබෝහි* පුරුෂයන්ගේ+ ගණන පනස්දෙකකි. 34 ඒලාම්ගේ* පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දෙසිය පනස්හතරකි. 35 හාරිම්ගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්සිය විස්සකි. 36 යෙරිකෝවෙහි පුරුෂයන්ගේ+ ගණන තුන්සිය හතළිස්පහකි. 37 ලොද්,+ හාදිද්+ සහ ඕනෝගේ+ පුත්‍රයන්ගේ ගණන හත්සිය විසිඑකකි. 38 සෙනායාගේ පුත්‍රයන්ගේ+ ගණන තුන්දහස් නවසිය තිහකි.
39 පූජකයන්ගේ ගණන මෙසේය. යේෂුවාගේ පවුලට අයත් යෙදායාගේ පුත්‍රයන්ගේ+ ගණන නවසිය හැත්තෑතුනකි. 40 ඉම්මේර්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් පනස්දෙකකි. 41 පෂ්හූර්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දෙසිය හතළිස්හතකි. 42 හාරිම්ගේ පුත්‍රයන්ගේ+ ගණන එක්දහස් දහහතකි.
43 ලෙවීවරුන්ගේ ගණන මෙසේය. හෝදෙවාගේ+ පවුලට අයත් කද්මියෙල්ගේ+ එනම්, යේෂුවාගේ පුත්‍රයන්ගේ ගණන හැත්තෑහතරකි. 44 ගායකයන් වූ+ ආසාෆ්ගේ පුත්‍රයන්ගේ+ ගණන එකසිය හතළිස්අටකි. 45 දොරටු පාලකයන්ගේ+ පුත්‍රයන් එනම්, ෂල්ලුම්,+ ආටෙර්, ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි+ යන අයගේ පුත්‍රයන්ගේ ගණන එකසිය තිස්අටකි.
46 නෙතිනිම්වරුන්ගේ+ නම් මෙසේය. ෂීහාගේ පුත්‍රයෝද හසුෆාගේ පුත්‍රයෝද ටබ්බාවොත්ගේ පුත්‍රයෝද+ 47 කෙරොස්ගේ පුත්‍රයෝද සියාගේ* පුත්‍රයෝද පාදොන්ගේ පුත්‍රයෝද+ 48 ලෙබානාගේ පුත්‍රයෝද හගාබාගේ පුත්‍රයෝද+ සල්මයිගේ පුත්‍රයෝද 49 හානාන්ගේ පුත්‍රයෝද+ ගිද්දෙල්ගේ පුත්‍රයෝද ගහර්ගේ පුත්‍රයෝද 50 රෙයායාගේ පුත්‍රයෝද+ රෙෂින්ගේ පුත්‍රයෝද+ නෙකෝදාගේ පුත්‍රයෝද 51 ගෂ්ෂාම්ගේ පුත්‍රයෝද උස්සාගේ පුත්‍රයෝද පාසේයාගේ පුත්‍රයෝද 52 බේසයිගේ පුත්‍රයෝද+ මෙයූනිවරුන්ගේ පුත්‍රයෝද නෙෆූෂෙසිම්වරුන්ගේ* පුත්‍රයෝද+ 53 බක්බුක්ගේ පුත්‍රයෝද හකූෆාගේ පුත්‍රයෝද හර්හූර්ගේ පුත්‍රයෝද+ 54 බෂ්ලීත්ගේ* පුත්‍රයෝද මෙහිදාගේ පුත්‍රයෝද හර්ෂාගේ පුත්‍රයෝද+ 55 බාකොස්ගේ පුත්‍රයෝද සිසෙරාගේ පුත්‍රයෝද තෙමාගේ පුත්‍රයෝද+ 56 නෙෂියාගේ පුත්‍රයෝද හටීෆාගේ පුත්‍රයෝද+ යන සියලුදෙනා නෙතිනිම්වරුය.
57 සලමොන්ගේ සේවකයන්+ නම් මොවුහුය. සෝටයිගේ පුත්‍රයන්ද සොෆෙරෙත්ගේ පුත්‍රයන්ද පෙරීදාගේ* පුත්‍රයන්ද+ 58 යයලාගේ පුත්‍රයන්ද දර්කොන්ගේ පුත්‍රයන්ද ගිද්දෙල්ගේ පුත්‍රයන්ද+ 59 ෂෙපටියාගේ පුත්‍රයන්ද හට්ටිල්ගේ පුත්‍රයන්ද පොකෙරෙත්-හෂ්ෂෙබායිම්ගේ පුත්‍රයන්ද ආමොන්ගේ* පුත්‍රයන්ද+ යන අයයි. 60 නෙතිනිම්වරුන්ගේ+ සහ සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන්ගේ මුළු ගණන තුන්සිය අනූදෙකකි.
61 ටෙල්-මේලා, ටෙල්-හර්ෂා, කේරුබ්, අද්දොන් සහ ඉම්මේර් යන නුවරවලින් පැමිණි අයගේ නම් මතු දැක්වේ.+ එහෙත් ඔවුන්ගේ පවුල් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන් බව ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට නොහැකි විය. 62 දෙලායාගේ පුත්‍රයන්ද ටොබියාගේ පුත්‍රයන්ද නෙකෝදාගේ පුත්‍රයන්ද+ යන මොවුන්ගේ මුළු ගණන හයසිය හතළිස්දෙකකි. 63 පූජකයන්+ අතරේ හබායාගේ පුත්‍රයෝද හක්කොෂ්ගේ+ පුත්‍රයෝද බාසිල්ලයිගේ පුත්‍රයෝද+ සිටියෝය. බාසිල්ලයිගේ පුත්‍රයන්ට එම නම ලැබුණේ, ඔවුන්ගේ මුතුන්මිත්තා ගිලියද්වරයෙකු වූ බාසිල්ලයිගේ+ දියණියකව විවාහ කරගෙන ඔහුගේ නම ලබාගත් නිසාය. 64 ඔවුන් තම පෙළපත කුමක්ද කියා ඔප්පු කිරීමට පෙළපත් ලේඛනවල තමන්ගේ නම් සෙවූ නමුත්, එය සොයාගත නොහැකි+ වූ නිසා ඔවුන් පූජකයන් ලෙස සේවය කිරීමට නුසුදුසු අය බව තීරණය කරන ලදි.+ 65 එහෙයින් පූජකයෙකු ඌරීම්+ සහ තුම්මීම්*+ යොදාගෙන තීන්දුවක් දෙන තෙක් දෙවිට කැප කළ ආහාර කෑමට ඔවුන්ට අවසර නැති බව+ ආණ්ඩුකාරයා*+ පැවසුවේය.
66 ඉහත සඳහන් වූ අයගේ මුළු ගණන හතළිස්දෙදහස් තුන්සිය හැටකි.+ 67 ඊට අමතරව ඔවුන්ට සිටි දාසදාසීන්ගේ+ ගණන හත්දහස් තුන්සිය තිස්හතකි.+ එමෙන්ම ගායක+ ගායිකාවෝ+ දෙසිය හතළිස්පහක්ද ඔවුන් සමඟ සිටියෝය. 68 ඔවුන්ට අශ්වයෝ හත්සිය තිස්හයක්ද කොටළුවෝ දෙසිය හතළිස්පහක්ද+ 69 ඔටුවෝ හාරසිය තිස්පහක්ද බූරුවෝ+ හයදහස් හත්සිය විස්සක්ද සිටියෝය.+
70 පෙළපත්වල+ ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක්+ වැඩකටයුතු වෙනුවෙන් යම් පරිත්‍යාග කළෝය.+ ආණ්ඩුකාරයාද*+ භාණ්ඩාගාරයට රන් ඩ්‍රැක්මා* දහසක්, බඳුන් පනහක් හා පූජකයන්ට ඇඳිය හැකි වස්ත්‍ර පන්සිය තිහක් පරිත්‍යාග කළේය.+ 71 පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක් රන් ඩ්‍රැක්මා විසිදහසක්ද රිදී මීනා*+ දෙදහස් දෙසියයක්ද භාණ්ඩාගාරයට පරිත්‍යාග කළෝය. 72 පොදු ජනයා රන් ඩ්‍රැක්මා විසිදහසක්ද රිදී මීනා දෙදහසක්ද පූජකයන්ට ඇඳිය හැකි වස්ත්‍ර හැටහතක්ද පරිත්‍යාග කළෝය.
73 පූජකයෝද+ ලෙවීවරුද දොරටු පාලකයෝද ගායකයෝද+ යුදෙව් ජනතාව අතරින් යම් පිරිසක්ද නෙතිනිම්වරුද+ සියලුම ඊශ්‍රායෙල්වරුද තම තමන්ගේ නුවරවලට ගොස් පදිංචි වූහ.+ අවුරුද්දේ හත්වන මාසය වන විට+ සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවල පදිංචි වී සිටියෝය.+