-
ද්විතීය කතාව 31:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “තව කෙටි කලකින් ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබත් මිය යනු ඇත.+ ඔබේ මරණයෙන් පසු මේ ජාතිය අනිවාර්යයෙන්ම මාව අත්හැර+ මා සමඟ ඇති කළ ගිවිසුමද කඩ කරන්නෝය.+ ඔවුහු තමන් යන දේශයේ ජීවත් වන මිනිසුන් අදහන බොරු දෙවිවරුන්ව අදහමින් සියල්ලන් ඉදිරියේ ඉතා පිළිකුල්සහගත දේවල් කරන්නෝය.+
-
-
2 සාමුවෙල් 20:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 බෙන්ජමින් ගෝත්‍රයට අයත් බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ නම් වූ මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු කිසි කමකට නැති මනුෂ්‍යයෙකි.+ ඔහු හොරණෑව පිඹිමින්+ මෙසේ කීවේය. “දාවිත්ගේ රාජධානියේ අපට කොටසක් නැහැ. යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.”+
-