1 ලේකම් 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට දාවිත් රජ ගාද්ට මෙසේ කීවේය. “මගේ වරද නිසා සිදු වූ දේ මට දරාගන්න බැහැ. එහෙත් යෙහෝවා දෙවි දයාන්විත කෙනෙක්+ නිසා මනුෂ්‍යයන්ගෙන් පහර කනවාට වඩා+ දෙවිගෙන් දඬුවම් ලැබීම මට යහපතයි.”+ ගීතාවලිය 86:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ යෙසායා 55:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+ 2 කොරින්ති 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන්+ වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය.+ සියලු සැනසිල්ලේ දෙවි ඔහුය.+ යාකොබ් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද පීඩා විඳදරාගෙන සිටින අය සන්තෝෂවත් කියා අපි ප්‍රකාශ කරන්නෙමු.+ යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති අතර+ යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය.+ ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු බවය.+
13 එවිට දාවිත් රජ ගාද්ට මෙසේ කීවේය. “මගේ වරද නිසා සිදු වූ දේ මට දරාගන්න බැහැ. එහෙත් යෙහෝවා දෙවි දයාන්විත කෙනෙක්+ නිසා මනුෂ්‍යයන්ගෙන් පහර කනවාට වඩා+ දෙවිගෙන් දඬුවම් ලැබීම මට යහපතයි.”+
15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+
7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+
3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන්+ වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය.+ සියලු සැනසිල්ලේ දෙවි ඔහුය.+
11 මන්ද පීඩා විඳදරාගෙන සිටින අය සන්තෝෂවත් කියා අපි ප්‍රකාශ කරන්නෙමු.+ යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති අතර+ යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය.+ ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු බවය.+