හිතෝපදේශ
16 මිනිසෙකුගේ සිතුම් පැතුම් පාලනය කරන්නේ ඔහුමය.+ එහෙත් මුවින් ලැබෙන පිළිතුර යෙහෝවා දෙවිගෙන්ය.+
2 මිනිසෙකුට තමාගේ සියලුම ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+
3 ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න.+ එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.+
4 යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරගැනීම සඳහා සියල්ල සාදා ඇත.+ ඔහු දුෂ්ටයාව පවා විපත්ති දවසට නියම කර ඇත.+
5 උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලකි.+ ඔවුහු අතට අත දී එකිනෙකාට උදව් කළත් දඬුවමෙන් නම් නිදහස් නොවන්නෝය.+
6 ප්‍රේමය* සහ විශ්වාසවන්තකම හේතුවෙන් වරදට සමාව ලැබෙයි.+ එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා වැරදි දෙයින් වැළකී සිටියි.+
7 මිනිසෙකුගේ හැසිරීම ගැන යෙහෝවා දෙවි සතුටු වූ විට+ ඒ තැනැත්තාගේ සතුරෝ පවා ඔහු සමඟ සමාදානයෙන් සිටින්නෝය.+
8 අසාධාරණයෙන් බොහෝ දේ රැස් කරගන්නවාට වඩා+ ධර්මිෂ්ඨකමෙන් ස්වල්පයක් උපයාගැනීම යහපත්ය.+
9 මිනිසෙකු තමන් යන මඟ තීරණය කළත්+ ඔහුගේ පියවර හසුරුවන්නේ යෙහෝවා දෙවිය.+
10 රජෙකු ප්‍රකාශ කළ යුත්තේ දෙවිගෙන් ලැබෙන තීන්දුවයි.+ ඔහුගේ මුවින් අසාධාරණ තීන්දුවක් පිට නොවිය යුතුයි.+
11 නිවැරදි මිනුම හා තරාදිය අයිති යෙහෝවා දෙවිටය.+ මල්ලේ රැගෙන යන මිනුම් පඩි* ලබා දෙන්නේද ඔහුය.+
12 රජවරු සියලුම දුෂ්ටකම් හෙළාදකිති.+ ධර්මිෂ්ඨකම නිසා සිංහාසනයක් ස්ථිර වන්නේය.+
13 ධර්මිෂ්ඨ ලෙස කතා කරන කෙනෙකු රජුගේ හද සතුටු කරයි.+ යහපත් දේ කතා කරන අයට ඔහු ප්‍රේම කරයි.+
14 රජෙකුගේ කෝපය මරණ පණිවිඩ ගෙනෙන දූතයෙකු මෙනි.+ එහෙත් ප්‍රඥාවන්තයා රජෙකුගේ උදහස නිවා දමන්නේය.+
15 රජෙකුගේ සිත දිනාගැනීමෙන් ජීවිතය රැකෙයි.+ ඔහුගේ අනුමැතිය ලබාගැනීම වසන්ත කාලයේ දක්නට ලැබෙන වැහි වලාකුළු මෙනි.+
16 ප්‍රඥාව රනටත් වඩා වටින්නේය.+ රිදී සොයාගැනීමටත් වඩා වටින්නේ හොඳ අවබෝධයක් ලබාගැනීමය.+
17 ප්‍රතිපත්තිගරුක අය වැරදි මාර්ගවලින් ඈත් වෙයි.+ තමන්ගේ ගමන් මඟ ගැන සෝදිසියෙන් සිටින තැනැත්තා තම ජීවිතය රැකගනී.+
18 විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+
19 තමන්වම උසස් කරගන්න අය සමඟ ලාභ බෙදාගන්නවාට වඩා+ නිහතමානී අය සමඟ යටහත්පහත් මනසක් ඇතුව සිටීම යහපත්ය.+
20 යම් කාරණයකදී තම වටහාගැනීමේ හැකියාව යොදාගන්න තැනැත්තා තම ජීවිතය සාර්ථක කරගනියි.+ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන මිනිසා සන්තෝෂවත්ය.+
21 ප්‍රඥාවන්තව සිතන අයට හොඳ අවබෝධයක් ඇතැයි පිළිගැනේ.+ ප්‍රසන්න අයුරින් වචන හසුරුවන්නා අන් අයගේ සිත් දිනාගනී.+
22 වටහාගැනීමේ ශක්තිය ජීවිතය රැක දෙයි.*+ අඥානයා තම මෝඩකම් නිසා විහින් දඬුවම් විඳින්නේය.*+
23 ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි.+ අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.+
24 ප්‍රිය වදන් මීවදයක් මෙන් මිහිරිය.+ එය ගතටත් සිතටත්* සුවයක් ගෙන දෙයි.+
25 මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+
26 වෙහෙස මහන්සි වී වැඩ කරන්නා තමාගේ කුසගින්න නිවාගැනීමට වැඩ කරයි.+ ඔහුව පොලඹවන්නේ ඔහුගේම කුසගින්නයි.+
27 කිසි වැදගැම්මකට නැති මිනිසා නපුරු දේ හාරා අවුස්සයි.+ ඔහුගේ තොල් දැවෙන ගින්නක් හා සමානය.+
28 කූට උපක්‍රම යොදන තැනැත්තා භේද පතුරවයි.+ කේලම් කියන්නා මිත්රයන්ව වෙන් කරයි.+
29 දරුණු මිනිසෙක් තම අසල්වැසියාව රවටා+ ඔහුව වැරදි මඟක ගෙන යයි.+ 30 ඔහු ඇස්වලින් ඉඟි කර කූට උපක්‍රම යොදයි.+ ඔහු කපටි සිනාවක් පාමින් තම උගුල අටවයි.
31 ධර්මිෂ්ඨ+ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි.+
32 ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.+ තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.+
33 දාදු දමන්නේ* තීරණයක් ගැනීමටය.+ එහෙත් ගත යුතු තීරණය පෙන්වා දෙන්නේ යෙහෝවා දෙවිය.+