ගීතාවලිය
බෙන්ජමින් ගෝත්රයට අයත් කූෂ් කී දේ නිසා දාවිත් යෙහෝවා දෙවිට ගැයූ විලාප ගීතයකි.
7 යෙහෝවා, මාගේ දෙවියනි,+ මම ආරක්ෂාව පතන්නේ ඔබගෙනුයි.+
මට පීඩා කරන සියල්ලන්ගෙන් මාව ආරක්ෂා කර මාව ගලවාගන්න.+
2 මාව ගලවාගැනීමට කිසිවෙකු නොසිටියොත් ඔවුහු මාව පැහැරගෙන ගොස්,+
සිංහයෙකු මෙන් කැබලිවලට ඉරා දමනු ඇත.+
3 යෙහෝවා, මාගේ දෙවියනි, මා වරදක් කර තිබෙනවා නම්,+
මා අතින් අයුක්තියක් සිදු වී තිබෙනවා නම්,+
4 මට හොඳක් කළ තැනැත්තාට මා නපුරක් කළේ නම්,+
මට නපුරක් කිරීමට උත්සාහ කළ කෙනෙකුගේ දේපළ මා විනාශ කළේ නම්,+
5 මාගේ සතුරාට මාව ලුහුබැඳීමට ඉඩහරින්න.+
මාව අල්ලා පාගා දැමීමට ඔහුට ඉඩහරින්න.
මාගේ ගෞරවය පයට පෑගෙන දූවිල්ලක් මෙන් වීමට ඉඩහරින්න. සීලාහ්.
6 යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+
කෝපයෙන් මට හිරිහැර කරන්නන්ට විරුද්ධව ඔබේ උදහස ප්රකාශ කරන්න.+
යුක්තිය ඉටු කිරීමට නියෝග කළ ඔබ,+ මා වෙනුවෙන් ක්රියා කරන්න.+
7 සියලු ජාතීන්ට ඔබ වටා එක් රොක් වීමට ඉඩහරින්න.
ඔබේ සිංහාසනයේ සිට ඔවුන්ට විරුද්ධව ක්රියා කරන්න.
8 යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය.+
යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව+ හා
ඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව+ සිහි කරන්න.
9 දුෂ්ටයන්ගේ නපුරු ක්රියා අවසන් කරන්න.+
නමුත් ධර්මිෂ්ඨයාව තව තවත් ශක්තිමත් කරන්න.+
ධර්මිෂ්ඨ වූ දෙවි,+ මිනිසාගේ සිත් සෝදිසි කර+ ඇතුළාන්ත හැඟීම්* විමසා බලන්නේය.+
10 දෙවි මාගේ පලිහය.+ ප්රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයගේ ගැලවුම්කරුය.+
12 යමෙක් නපුරු මාර්ගයෙන් හැරී නාවොත්+ දෙවි තම කඩුව මුවහත් කරන්නේය.+
ඔහු තම දුන්නෙන් විදීමට සූදානමින් සිටින්නේය.+
14 බලන්න! නපුරු දේවල් තම සිතේ පෝෂණය කරන තැනැත්තෙක් සිටින්නේය.+
ඔහුගේ සිත තුළ නපුර පිළිසිඳගෙන බොරුව උපදවන්නේය.+