2 ලේකම්
16 ආසා රජකම් කළ තිස්හයවන අවුරුද්දේදී ඊශ්‍රායෙල්හි රජු වූ බාෂා+ යූදා රාජ්‍යයට විරුද්ධව පැමිණ රාමා නම් නුවරේ+ ආරක්ෂාව තර කිරීම සඳහා එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කළේය. ඔහු එසේ කළේ යූදාහි රජු වූ ආසාගේ බලප්‍රදේශයට කිසිවෙකුට ඇතුල් වීමටවත් එයින් කිසිවෙකුට පිට වීමටවත් නොහැකි වන ලෙසය.+ 2 එවිට ආසා රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ+ ගබඩා කර තිබූ රන් හා රිදී රැගෙන දමස්කයේ වාසය කළ+ සිරියාවේ රජු වූ+ බෙන්-හාදද්ට යැව්වේය.+ ඔහු මෙම පණිවිඩයද ඔහුට කියා යැව්වේය. 3 “ඔබ හා මා අතරත් ඔබේ පියා හා මගේ පියා අතරත් ගිවිසුමක් තිබෙනවා. ඒ නිසා මම ඔබෙන් ඉල්ලන්නේ ඊශ්‍රායෙල්හි රජු වූ බාෂා+ සමඟ ඔබ ඇති කරගත් ගිවිසුම අහෝසි කරන්න කියායි. එවිට ඔහු මාගේ දේශයෙන් ඉවත් වෙයි.+ ඒ සඳහා තෑග්ගක් හැටියට මේ රන් හා රිදී මම ඔබට එවනවා.”
4 බෙන්-හාදද් රජ ආසා රජුට සවන් දී තම සෙන්පතීන්ව ඊශ්‍රායෙල් දේශයේ නුවරවලට විරුද්ධව සටනට යැවීය. ඔවුහු ඊයොන්,+ දාන්+ සහ ආබෙල්-මායිම්+ යන නුවරවලටද නෆ්තලී ප්‍රදේශයට අයත් නුවරවල+ තිබූ ගබඩාවලටද+ පහර දුන්නෝය. 5 මේ ගැන බාෂා රජුට ආරංචි වූ වහාම ඔහු රාමා නුවරෙහි කළ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දැමුවේය.+ 6 එවිට ආසා රජ යූදාහි සිටි සියලුදෙනාද එක් රැස් කරගෙන+ රාමා නුවරට+ ගියේය. බාෂා රජු ඉදි කිරීම් කටයුතු සඳහා භාවිත කළ+ ගල්ද ලීද ආසා රජ එතැනින් ගෙන ගොස්, ගෙබා+ සහ මිෂ්පා+ යන නුවරවල යම් ඉදි කිරීම් කටයුතු සඳහා යොදාගත්තේය.
7 එවිට අනාගතවක්තෘ හනානි+ යූදාහි රජු වූ ආසා ළඟට පැමිණ මෙසේ පැවසීය. “ඔබ ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතබා+ සිරියාවේ රජුගෙන් උදව් ඉල්ලූ නිසා+ සිරියානු රජුගේ හමුදාව තවදුරටත් ඔබේ පාලනය යටතේ තබාගැනීමට ඔබට හැකි වෙන්නේ නැහැ. 8 ඉතියෝපියානු+ හා ලිබියානු ජාතිකයන්+ ඔබට විරුද්ධව සටනට ආ හැටි ඔබට මතක නැද්ද? ඔවුන්ට මොන තරම් විශාල අසරුවන් හා අශ්ව රථ සේනාවක් සිටියාද!+ නමුත් එදා ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔවුන්ව යටත් කරගැනීමට දෙවි ඔබට ශක්තිය දුන්නා.+ 9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
10 එය ඇසූ ආසා රජ බොහෝ සෙයින් උදහස් වී+ අනාගතවක්තෘවරයාව දඬුකඳේ ගැසුවේය.+ ඒ කාලයේදීම ආසා රජ සෙනඟ අතරින් සමහරදෙනෙකුටද පීඩා කිරීමට පටන්ගත්තේය.+ 11 ආසා රජුගේ ජීවිතයේ සියලුම තොරතුරු යූදා සහ ඊශ්‍රායෙල් රජවරුන්ගේ තොරතුරු අඩංගු ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
12 ආසා රජකම් කළ තිස්නවවන අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් හටගත් බැවින් ඔහු බොහෝ සෙයින් රෝගාතුර විය.+ එම රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඔහු ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා වෙනුවට+ ලෙඩ සුව කරන්නන්ගෙන් පිහිට පැතීය.+ 13 ආසා රජ මිය ගියේ ඔහු රජකම් කළ හතළිස්එක්වන අවුරුද්දේදීය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ 14 ඔහුව තැන්පත් කළේ ඔහු විසින්ම දාවිත්ගේ නුවරෙහි+ සාදන ලද ඉතා අලංකාර සොහොන් ගෙයකය.+ ඔහුගේ මළ සිරුර තබා තිබූ යහනට බෝල්සම් තෙල්ද+ විවිධාකාර සුවඳැති විශේෂ තෛලද+ ගල්වා තිබිණ. ඉන්පසු ඔවුහු ඔහු වෙනුවෙන් විශාල සුවඳ ද්‍රව්‍ය ප්‍රමාණයක්ද දවා දැමුවෝය.+