යොෂුවා
10 යොෂුවා, ආයි නගරය+ අල්ලාගෙන එය විනාශ කළ බව+ යෙරුසලමේ රජු වූ අදොනි-ෂෙදෙක්ට ආරංචි විය. යෙරිකෝවටත් එහි රජුටත්+ කළ දේම+ යොෂුවා ආයි නගරයටත් එහි රජුටත්+ කළ බවද ගිබියොන් නගරයේ වැසියන් ඊශ්‍රායෙල්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගත් බවද ඔහුට දැනගන්න ලැබිණ.+ 2 අදොනි-ෂෙදෙක් එය අසා හොඳටම භය විය.+ මන්ද ගිබියොන් ඉතා විශාල නගරයකි. එය ආයි නුවරටත් වඩා විශාලය.+ රජෙකුගේ පාලනය යටතේ පැවති නගර මෙන් එයද ඉතා වැදගත් නගරයක් විය. එහි සියලු පුරුෂයෝ යුද්ධයට දක්ෂ, බලවත් අය වූහ. 3 එහෙයින් යෙරුසලමේ+ රජු වූ අදොනි-ෂෙදෙක්, හෙබ්‍රොන් නගරයේ+ රජු වූ හෝහාම්ටද යාමුත් නගරයේ+ රජු වූ පීරාම්ටද ලාකිෂ් නගරයේ+ රජු වූ යාෆියාටද එග්ලොන් නගරයේ+ රජු වූ දෙබීර්ටද මෙම පණිවිඩය යැව්වේය. 4 “ගිබියොන් නගරයට විරුද්ධව යුද්ධයට යෑම සඳහා මට ඔබේ උපකාරය ලබා දෙන්න. මන්ද ගිබියොන්වරු, යොෂුවා හා ඊශ්‍රායෙල්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා.”+ 5 එහෙයින් එම අමෝරිවරුන්ගේ+ රජවරු පස්දෙනාම එකතු වූහ. යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යාමුත්හි රජද ලාකිෂ්හි රජද එග්ලොන්හි රජද තම තමන්ගේ හමුදා රැස් කරගෙන ගිබියොන් නගරයට විරුද්ධව යුද්ධයට සැරසුණෝය.
6 එය දුටු ගිබියොන්වරු ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන සිටි+ යොෂුවාට පණිවිඩයක් යවා මෙසේ දැන්වූහ. “කඳුකරයේ ජීවත් වන අමෝරිවරුන්ගේ රජවරුන් සියලුදෙනාම අපිට විරුද්ධව යුද්ධ කිරීමට සැරසී සිටිනවා. ඉක්මනට ඇවිත් අපව බේරගන්න. මේ වගේ අසරණ වූ වෙලාවක ඔබේ සේවකයන් වන අපිව තනි කරන්න එපා.”+ 7 එහෙයින් යොෂුවා මුළු හමුදාව සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත්ව ආවේය.+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝ+ ඔහු සමඟ ගියෝය.
8 යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඔවුන්ට බිය නොවන්න.+ මන්ද මම ඔවුන්ව ඔබේ අතට භාර දෙන්නෙමි.+ ඔවුන්ගෙන් කිසිවෙකුට ඔබට විරුද්ධව නැඟී සිටිය නොහැක.”+ 9 යොෂුවා ගිල්ගාල් නගරයේ සිට මුළු රාත්‍රිය පුරාම ගමන් කර රහසින්ම අමෝරිවරුන් සිටි ස්ථානයට පැමිණ ඔවුන්ට පහර දීමට පටන්ගත්තේය. 10 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි අමෝරිවරුන්ව වියවුලට පත් කළේය.+ ඊශ්‍රායෙල්වරුද ගිබියොන් නගරය+ අසල අමෝරිවරුන් බොහෝදෙනෙකුව මරා දැමූහ. ඔවුහු ඉතුරු අයව බෙත්-හෝරොන් නගරයට නැඟ යන මාර්ගය දිගේ ලුහුබැඳ ගියෝය. අෂේකා+ හා මක්කේදා+ යන නගර දක්වාම ගොස් ඔවුන්ට පහර දුන්නෝය. 11 අමෝරිවරුන් බෙත්-හෝරොන්හි බෑවුම දිගේ ඊශ්‍රායෙල් සෙනඟ වෙතින් පලා යන විට යෙහෝවා දෙවි විශාල හිම කැට වර්ෂාවකින්+ ඔවුන්ට පහර දුන්නේය. අෂේකා නගරය දක්වාම හිම කැට වර්ෂාවෙන් ඔවුහු පහර ලැබූහ. ඊශ්‍රායෙල්වරුන් මරා දැමූ අයගේ ගණනට වඩා හිම කැට වර්ෂාවෙන් මැරුම් කෑ අයගේ ගණන අධික විය.
12 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ අතට අමෝරිවරුන්ව හසු කර දුන් ඒ දවසේදී යොෂුවා යෙහෝවා දෙවිට යාච්ඤා කර ඊශ්‍රායෙල් හමුදාව ඉදිරියේ මෙසේ කීවේය.
“හිරු,+ ඔබ ගිබියොන් නගරයට+ ඉහළින් නැවතී සිටින්න.
සඳු, ඔබ ආයාලොන්+ තැනිතලාවට ඉහළින් නැවතී සිටින්න.”
13 එහෙයින් ඊශ්‍රායෙල්වරුන් තම සතුරන්ට පහර දී ඔවුන්ව පරාජයට පත් කරන තුරු+ හිරුද සඳුද නැවතී සිටියේය. මේ සිද්ධිය ගැන යාෂාර්ගේ ලියවිල්ලෙහිද+ සටහන් කර තිබේ. එදින හිරු බැස ගියේ නැත. සම්පූර්ණ දවසක් ගත වන තෙක්ම හිරු අහසේ පෙනෙන්න තිබිණ.+ 14 එදින සුවිශේෂී දිනයක් විය. මන්ද මීට පෙර කවදාවත් යෙහෝවා දෙවි මිනිසෙකුගේ ඉල්ලීම පිට එතරම් පුදුමාකාර දෙයක් සිදු කර නොතිබිණ.+ පසු කලෙකවත් එවැනි දෙයක් සිදු නොකළේය. එදින ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් සටන් කළේ යෙහෝවා දෙවියි.+
15 ඉන්පසු යොෂුවා හා මුළු ඊශ්‍රායෙල් හමුදාවම නැවත ගිල්ගාල්හි තම කඳවුර බලා පිටත්ව ගියෝය.+
16 ඒ අතරතුර අමෝරිවරුන්ගේ රජවරු පස්දෙනා,+ මක්කේදා නගරයේ+ ගුහාවක සැඟවුණෝය. 17 අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙනා මක්කේදා නගරයේ ගුහාවක සැඟවී සිටින බව ආරංචි වූ විට+ 18 යොෂුවා මෙසේ අණ කළේය. “ඔබ ගුහාවේ කට ළඟට විශාල ගල් පෙරළා එය වසන්න. එය මුර කිරීම සඳහා මිනිසුන් කිහිපදෙනෙකුව එහි තබා යන්න. 19 ඔබ ඔබේ සතුරන් පසුපස ලුහුබැඳ ගිහින් ඔවුන්ට පහර දෙන්න.+ ඔවුන්ගේ නගරවලට ඇතුල් වෙන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. ඔබේ දෙවි වන යෙහෝවා ඔවුන්ව ඔබේ අතට දැනටමත් හසු කර දී තිබෙනවා.”+
20 යොෂුවා හා ඊශ්‍රායෙල් සෙනඟ තම සතුරන්ගෙන් විශාල පිරිසක් මරා දැමූහ.+ ඔවුන්ගෙන් බේරුණේ අතළොස්සක් පමණි. බේරුණු අය පවුරුවලින් වට වූ නුවරවලට පලා ගියෝය.+ 21 ජයග්රහණයෙන් පසු ඊශ්‍රායෙල් හමුදාව මක්කේදා නගරයේ කඳවුරු බැඳගෙන සිටි යොෂුවා වෙතට නැවත ගියෝය. ඉන්පසු කිසිවෙක් ඊශ්‍රායෙල්වරුන්ට වචනයකින්වත් විරෝධය පෑවේ නැත.+ 22 පසුව යොෂුවා මෙසේ කීවේය. “ගුහාවේ කට ළඟින් ගල් අහක් කර ඇතුළේ සැඟවී ඉන්න රජවරුන් පස්දෙනාව මා ළඟට ගේන්න.” 23 ඔවුහු යොෂුවා කී ලෙසම ඒ රජවරුන් පස්දෙනාව ගුහාවෙන් පිටතට ගෙනාවෝය. යෙරුසලමේ රජුවද+ හෙබ්‍රොන්හි+ රජුවද යාමුත්හි රජුවද ලාකිෂ්හි රජුවද+ එග්ලොන්හි රජුවද+ 24 ඔවුහු යොෂුවා වෙතට ගෙනාවෝය. ඉන්පසු යොෂුවා තම හමුදාවේ සියලුදෙනාවම එතැනට කැඳවා තමා සමඟ එකට සටන් කළ හමුදාපතීන්ට මෙසේ කීවේය. “ඇවිත්, මේ රජවරුන්ගේ බෙලි පාගන්න.”+ එවිට ඔවුහු ඉදිරියට ඇවිත් ඒ රජවරුන් පස්දෙනාගේ බෙලි පෑගුවෝය.+ 25 යොෂුවා ඔවුන්ට මෙසේද කීවේය. “දැන් භය වෙන්න එපා.+ ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. අද යෙහෝවා දෙවි ඔබේ සතුරන්ව යටත් කර දුන් ආකාරයටම ඔබට විරුද්ධව යුද්ධ කරන සෑම සතුරෙක්වම ඔබට යටත් කර දෙයි.”+
26 ඉන්පසු යොෂුවා ඒ රජවරුන් පස්දෙනාව මරා ඔවුන්ගේ මළ සිරුරු කණුවල එල්ලුවේය. සවස් වන තුරු ඔවුන්ගේ මළ කඳන් එලෙස එල්ලා තිබිණ.+ 27 හිරු බැස යන වේලාවේදී යොෂුවාගේ අණ පරිදි රජවරුන්ගේ මළ කඳන් කණුවලින් බා,+ කලින් ඔවුන් සැඟවී සිටි ගුහාවටම වීසි කළෝය. පසුව විශාල ගල්වලින් ගුහාවේ කට වසන ලදි. අද දක්වාම ඒ ගල් එතැන තිබේ.
28 එදින යොෂුවා මක්කේදා නගරයත්+ අල්ලාගෙන එය විනාශ කර දැමුවේය. ඒ නගරයේ රජුවද එහි සියලු වැසියන්වද ඔහු කඩුවෙන් මරා දැමුවේය.+ ඔහු එක වැසියෙකුවත් ඉතුරු කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ දේම මක්කේදාහි රජුටත්+ කළේය.
29 ඉන්පසු යොෂුවා ඊශ්‍රායෙල් හමුදාව සමඟ මක්කේදා නගරයෙන් පිටත් වී ලිබ්නා නගරය+ බලා ගියේය. එහිදීද ඔවුහු යුද්ධ කළෝය. 30 යෙහෝවා දෙවි ලිබ්නා නගරයත් එහි රජුවත් ඊශ්‍රායෙල්වරුන්ගේ අතට පත් කළේය. ඔවුහු ඒ නගරය විනාශ කර එහි සිටි සියලු වැසියන්වද කඩුවෙන් මරා දැමුවෝය. එක් වැසියෙක්වත් ඉතුරු වුණේ නැත. යෙරිකෝවේ රජුට සිදු වූ දේම ලිබ්නා නගරයේ රජුටත් සිදු විය.+
31 ලිබ්නා නගරය අල්ලාගත් පසු යොෂුවාද ඊශ්‍රායෙල් හමුදාවද ලාකිෂ් නගරය+ බලා පිටත් විය. ඔවුහු එම නගරය අසල කඳවුරු බැඳගෙන ඊට විරුද්ධව යුද්ධ කළෝය. 32 ලාකිෂ් නගරය දවස් දෙකක් ඇතුළත අල්ලාගැනීමට යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උපකාර කළේය. ඔවුහු ලිබ්නා නගරය විනාශ කළාක් මෙන් ලාකිෂ් නගරයද විනාශ කර එහි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+
33 ඊශ්‍රායෙල්වරුන් ලාකිෂ් නගරයට විරුද්ධව යුද්ධ කරමින් සිටියදී ගෙෂෙර් නගරයේ+ රජු වූ හොරාම්, ලාකිෂ් නගරයේ වැසියන්ගේ උපකාරයට පැමිණියේය. නමුත් යොෂුවා, ඔහුවත් ඔහුගේ හමුදාවත් පරාජය කර ඔවුන් සියලුදෙනාවම කඩුවෙන් මරා දැමුවේය.+
34 ලාකිෂ් නගරය අල්ලාගත් පසු යොෂුවාද ඊශ්‍රායෙල් හමුදාවද එග්ලොන් නගරය+ බලා පිටත් විය. ඔවුහු එම නගරය ළඟ කඳවුරු බැඳගෙන ඊට විරුද්ධව යුද්ධ කළෝය. 35 ඔවුහු එග්ලොන් නගරය අල්ලාගෙන එදිනම එය විනාශ කර දැමුවෝය. ලාකිෂ් නගරය විනාශ කළාක් මෙන් ඔවුහු එහි සියලු වැසියන්වද කඩුවෙන් මරා දැමුවෝය.+
36 ඉන්පසු යොෂුවා ඊශ්‍රායෙල් හමුදාව සමඟ එග්ලොන් නගරයෙන් පිටත් වී හෙබ්‍රොන් නගරයට+ ගොස් එහිදීද යුද්ධ කළෝය. 37 ඔවුහු හෙබ්‍රොන් නගරය හා එහි කුඩා නගරවල් සියල්ල අල්ලාගෙන ඒවා විනාශ කර එහි රජු ඇතුළු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය. ඔවුහු එහි එක් වැසියෙකුවත් ඉතුරු කළේ නැත. යොෂුවා එග්ලොන් නගරය විනාශ කළාක් මෙන් හෙබ්‍රොන් නගරයද විනාශ කර එහි සියලු වැසියන්ව මරා දැමුවේය.+
38 පසුව යොෂුවා ඊශ්‍රායෙල් හමුදාව සමඟ දෙබීර් නගරයට+ ගොස් ඊට විරුද්ධව යුද්ධ කළේය. 39 ඔහු දෙබීර් නගරය හා කුඩා නගරවල් සියල්ල අල්ලාගෙන ඒවා විනාශ කර එහි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවේය.+ යොෂුවා හෙබ්‍රොන් නගරයටත් ලිබ්නා නගරයටත් ඒවායේ සිටි රජවරුන්ටත් කළාක් මෙන් දෙබීර් නගරයට හා එහි රජුටත් කළේය.+ එහි එක් වැසියෙක්වත් ඉතුරු වුණේ නැත.+
40 මෙසේ යොෂුවා කඳුකරයට,+ නෙගෙබ් පළාතට,+ පහත් බිම්වලට*+ හා කඳු බෑවුම්වලට+ අයිති මුළු දේශයම අල්ලාගත්තේය. එහි සිටි සියලු වැසියන්වද ඔවුන්ගේ රජවරුන්වද ඔහු පරාජය කළේය. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා අණ කළ ලෙස+ යොෂුවා එක් මනුෂ්යයෙකුවත් ඉතුරු නොකර ඔවුන් සියලුදෙනාවම*+ මරා දැමුවේය.+ 41 යොෂුවා, කාදෙෂ්-බර්නේය ප්‍රදේශයේ+ සිට ගාසා නගරය+ දක්වාද මුළු ගෝෂෙන් දේශය+ ඇතුළුව ගිබියොන් නගරය+ දක්වාද සිටි සියලු වැසියන්ව විනාශ කළේය. 42 තමන් දියත් කළ එක් යුධ මෙහෙයුමකින් ඒ සියලු රජවරුන්ව පරාජය කරන්නත් ඔවුන්ගේ දේශ අල්ලාගන්නත් යොෂුවාට හැකි විය.+ මෙසේ කිරීමට හැකි වූයේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන් වෙනුවෙන් සටන් කළ නිසාය.+ 43 මෙම නගර සියල්ල අල්ලාගත් පසු යොෂුවා සහ ඊශ්‍රායෙල් හමුදාව නැවත ගිල්ගාල්හි තම කඳවුර වෙතට හැරී ගියෝය.+