ලූක්
17 ඉන්පසු යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. “ඕනෑම කෙනෙක් වරදකට පෙලඹෙන්න* පුළුවන්.+ නමුත් වරදක් කිරීමට අන් අයව පොලඹවන තැනැත්තාට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයි.+ 2 යම් කෙනෙක් නිසා මේ කුඩා අයගෙන් එක් කෙනෙක් හෝ වැටී ගියොත්*+ විශාල ඇඹරුම් ගලක් ඔහුගේ බෙල්ලේ එල්ලා ඔහුව මහ මුහුදට තල්ලු කිරීම වඩාත් හොඳයි.+ 3 ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න.+ ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි.+ 4 ඔහු දවසකට හත් වතාවක් වුණත් ඔබට විරුද්ධව වැරදි කළ හැකියි. නමුත් ඒ හත් වතාවම ඔහු ඔබ ළඟට ඇවිත්, ‘මට සමාවෙන්න’ කියා පැවසුවොත් ඔබ ඔහුට සමාව දිය යුතුයි.”+
5 එවිට යේසුස්ගේ නියෝජිතයන්* දොළොස්දෙනා ඔහුට මෙසේ පැවසූහ. “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න.”+ 6 එවිට යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “ඔබට අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තිබුණත් ඇති. එවිට මේ මල්බෙරි ගසට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ පැළ වෙන්න’ කියා ඔබ පැවසුවොත් ඒ ගස ඔබට කීකරු වෙයි.+
7 “සීසාමින් හෝ සතුන් රැකබලා ගනිමින් ඔබට සේවය කරන දාසයෙක් සිටිනවා කියා සිතන්න. ඒ සේවකයා වැඩ අවසන් කර පැමිණි වහාම, ‘ඇවිත් කෑමට ඉඳගන්න’ කියා ඔබ ඔහුට කියයිද? 8 ඒ වෙනුවට ඔබ, ‘මගේ රෑ කෑමට මොනව හරි පිළියෙල කරන්න. ඉන්පසු ලෑස්ති වී මා කා බී අවසන් වන තුරු මා ළඟ ඉඳ මට අවශ්‍ය දේ සපයන්න. ඊටපස්සේ ඔබට පුළුවන් කන්න බොන්න’ කියා ඔහුට පවසයි. 9 ඒ දාසයා තමාට පවරා තිබූ වැඩ කොටස කළා කියා ස්වාමියා ඔහුට ස්තුති කරන්නේ නැහැ. 10 ඔබත් මේ දාසයා හා සමාන බව මතක තබාගත යුතුයි. ඔබට පවරා තිබෙන සෑම දෙයක්ම කළ පසු, ‘අපි නිකම්ම නිකම් දාසයෝ පමණයි.+ අපි මේ කළේ අප කළ යුතු දේ විතරයි’ කියා පවසන්න.”
11 යේසුස් යෙරුසලම බලා යන විට ඔහු ගමන් කළේ සමාරිය සහ ගලීලය මැදින්ය.+ 12 ඔහු එක්තරා ගමකට ඇතුල් වූ විට ලාදුරු රෝගීන්+ දසදෙනෙක් ඔහු වෙතට පැමිණියෝය. නමුත් ඔවුන් සිටියේ ඔහුට මදක් දුරින්ය. 13 ඔවුහු මහත් හඬකින්, “යේසුස්, ගුරුතුමනි, අපට අනුකම්පා කරන්න”+ කියා පැවසූහ. 14 යේසුස් ඔවුන්ව දුටු විට, “ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිටින්න”+ කියා ඔවුන්ට කීවේය. ඔවුහු ඒ සඳහා පිටත්ව යන අතරතුරේදී එම රෝගයෙන් පවිත්‍ර වූහ.+ 15 තමන් සුව වී ඇති බව දුටු එක් කෙනෙක් මහත් හඬින් දෙවිට ප්‍රශංසා කරමින්+ නැවත හැරී ඇවිත්, 16 යේසුස්ගේ පාමුල වැටී+ ඔහුට ස්තුති කළේය. ඔහු සමරිතානු ජාතිකයෙකි.+ 17 යේසුස් ඔහුට මෙසේ කීවේය. “දහදෙනාම සුව වුණා නේද? එසේනම් අනික් නවදෙනා කොහේද? 18 වෙනත් ජාතියකට අයත් ඔබ හැර වෙන කවුරුත් දෙවිට ප්‍රශංසා කරන්න ආවේ නැද්ද?” 19 එවිට යේසුස්, “ඔබ සුව වුණේ ඔබේ විශ්වාසය නිසයි.+ දැන් ඔබට යන්න පුළුවන්” කියා ඔහුට කීවේය.
20 දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියා පරිසිවරුන් යේසුස්ගෙන් විමසූ විට+ ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ සියලුදෙනාටම පැහැදිලිව දැකිය හැකි ආකාරයකින් නොවෙයි. 21 ‘මෙන්න එය මෙතැනයි’ හෝ ‘එතැනයි’+ කියා කිසි කෙනෙක් පවසන්නෙත් නැහැ. ඇත්තටම දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි.”+
22 ඉන්පසු ඔහු තම ගෝලයන්ට මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදී එක දවසක් හෝ ජීවත් වෙන්න ඔබ ආශා වුණත් ඒ දේ කරන්න ඔබට හැකි වන්නේ නැහැ.+ 23 මිනිස්සු ඔබට, ‘අන්න එතැනට ගොස් බලන්න’ හෝ ‘මෙන්න මෙහෙ ඇවිත් බලන්න’+ කියා පවසයි. ඒ වුණත් ඔබ නොයා යුතුයි. ඔවුන් පසුපස යන්න එපා.+ 24 අකුණු ගසද්දී+ විදුලි සැරය අහසේ එක් දිශාවක සිට අනික් දිශාව දක්වා විහිදී යන ආකාරය ඔබ දැක ඇති. මනුෂ්‍ය පුත්‍රයා+ එළිදරව් වන අවස්ථාවේදීත් එලෙසම වෙයි. 25 නමුත් මුලින්ම ඔහුට බොහෝ වේදනා අද්දකින්න සිදු වන අතර මේ පරම්පරාව විසින් ඔහුව ප්‍රතික්ෂේප කරනු ලබයි.+ 26 මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන කාලයේ සිදු වන දේවල්+ නෝවාගේ කාලයේ සිදු වූ දේවලට සමාන වෙයි.+ 27 නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔවුන් සිටියේ කමින්, බොමින්, විවාහ වෙමින්, විවාහ කර දෙමිනුයි. එවිට ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්ව විනාශ කළා.+ 28 ලොත්ගේ කාලයෙත් ඒ හා සමාන දෙයක් සිදු වුණා.+ ඔවුන් කමින්, බොමින්, මිල දී ගනිමින්, විකුණමින්, වගා කටයුතු කරමින්, ගෙවල් ගොඩනඟමින් සිටියා. 29 නමුත් ලොත් සොදොම් නුවරින් පිටතට ආ දවසේදී අහසෙන් ගිනිද ගෙන්දගම්ද වැටී සියලුදෙනා විනාශ වුණා.+ 30 මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිත දවසේදීත් එවැනිම දෙයක් සිදු වෙයි.+
31 “එදින වහල්තලයේ සිටින්නා පහතට ඇවිත් තම නිවසෙහි තිබෙන බඩු බාහිරාදිය ගැනීමට ගෙට ඇතුල් නොවිය යුතුයි. එසේම කෙතෙහි සිටින තැනැත්තා තමා දමා ගිය දේවල් ගැනීමට ආපසු හැරී නොයා යුතුයි. 32 ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා.+ 33 යමෙක් තම ජීවිතය රැකගැනීමට මොන තරම් උත්සාහ කළත් ඔහුට එය නැති වෙයි. නමුත් තම ජීවිතය අහිමි කරගන්නාට එය නැවත හිමි වෙයි.+ 34 මා කියන දේට සවන් දෙන්න. ඒ රාත්රියේදී මිනිසුන් දෙදෙනෙක් එකම ඇඳේ නිදාගෙන සිටියි. එක් කෙනෙකුව ගෙන යනු ලබයි. අනික් තැනැත්තාව අත්හරිනු ලබයි.+ 35 ස්ත්‍රීන් දෙදෙනෙක් එකම ඇඹරුම් ගලේ අඹරමින් සිටියි. එක් කෙනෙකුව ගෙන යනු ලබයි. අනික් තැනැත්තියව අත්හරිනු ලබයි.”+ 36 —— 37 ඒ සියල්ල අසා සිටි ඔවුහු, “ස්වාමීනි, මේ දේවල් සිදු වන්නේ කොහේදීද” කියා ඔහුගෙන් ඇසුවෝය. ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යම් තැනකට රාජාලීන් රැස් වන විට මළ කුණත් තිබෙන්නේ+ එතැන බව වටහාගන්න.”+