ගීතාවලිය
තුන්වෙනි කාණ්ඩය
ආසාෆ් රචනා කළ ගීතයකි.+
73 දෙවි ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් මොන තරම් යහපත් දේ කර තිබේද! එසේය, නිර්මල සිත් ඇත්තන්ට ඔහු කර තිබෙන යහපත් දේවල් මොන තරම්ද!+
3 මන්ද පුරසාරම් දොඩන අය ගැන මා තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+
දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව සිටිනවා දකින විට මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළෙමි.+
6 එබැවින් ඔවුහු අහංකාරකම ආභරණයක් මෙන් ගෙලෙහි පැළඳ සිටිති.+
සැහැසියාව නමැති වස්ත්‍රයෙන් ඔවුහු සැරසී සිටිති.+
9 තමන් ස්වර්ගයේ සිටිනවායයි සිතාගෙන ඔවුහු කතා කරති.+
ඔවුහු පොළොව පුරා ඇවිදිමින් තමන්ට රිසි පරිදි දේවල් පවසති.+
10 දෙවිගේ සෙනඟද ඔවුන්ගේ තත්වයටම ඇද වැටෙති.
ජලය පිරුණු බඳුන්වලින් ඔවුන්ට බීමට සිදු වී ඇත.
13 නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය.+
මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.+
16 එබැවින් මම ඒ කාරණය තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+
නමුත් එය මට බොහෝ දුෂ්කර විය.
17 ඉදිරියේදී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට මට අවශ්‍ය විය.+
එබැවින් මම දෙවිගේ ශුද්ධස්ථානය වෙතට ගියෙමි.+
19 සුළු මොහොතක් ඇතුළතදී ඔවුන් අද්දුටු විනාශය දෙස බලන්න.+
එක් නිමේෂයකින් ඔවුන් මොන තරම් භීතියකට පත් වුණාද කියා බලන්න. මෙසේ ඔවුන්ගේ දිවි කෙළවර විය.
20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත විගසින් අමතක වී යන සිහිනයක් මෙනි.+
මන්ද ඔබ නැඟී සිටින විට ඔබ ඔවුන්ව අවමානයට පත් කර අහක දමන්නෙහිය.+
21 මාගේ සිතෙහි තරහක් ඇති විය.+
මාගේ ඇතුළාන්තය වේදනාවෙන් පිරී තිබිණ.+
22 මාගේ කල්පනා ශක්තිය බොඳ වී ගියේය. මට කිසිවක් තේරුම්ගැනීමට නොහැකි විය.+
මම ඔබ ඉදිරියේ වනමෘගයෙකු මෙන් හැසිරුණෙමි.+
25 මට පිහිට වීමට ස්වර්ගයේ සිටින ඔබ හැර වෙන කිසිවෙක් නැත.+
මට සතුටු වීමටද පොළොවේ කිසි දෙයක් නැත. මාගේ සතුට ඔබය.+
26 මාගේ සිතද මාගේ අවයවයන්ද අඩපණ වී ඇත.+
නමුත් දෙවි මාගේ සිත ශක්තිමත් කරන්නේය. ඔහු මාගේ පර්වතයය. සදහටම මට හිමි උරුමයය.+