යෙසායා
30 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ මුරණ්ඩු පුත්රයෝ මහත් විපතකට මුහුණ දෙනු ඇත.+ මන්ද ඔවුහු මාගේ කැමැත්තට* විරුද්ධව+ උපායන් යොදති. මට පිළිකුල් වූ පාන පූජා ඔප්පු කරමින් තමන්ගේ පාප තව තවත් වැඩි කරගනිති.*+ 2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+ 3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+ 4 ඔවුන්ගේ පාලකයෝ ෂොවන්+ නගරයට පැමිණ සිටිති. ඔවුන්ගේ පණිවිඩකරුවෝ හනේස් ප්රදේශය දක්වාම ගොස් ඇත. 5 ඔවුහු සියලුදෙනාම ලැජ්ජාවට පත් වෙති. මන්ද ඔවුන් විශ්වාසය තබා ඇත්තේ තමන්ට පිහිට විය නොහැකි සෙනඟක් මතයි. ඔවුන් කෙරෙහි බලාපොරොත්තු තැබීමෙන් නින්දාවක් අත් වෙනවා මිසක ඔවුන්ට කිසි ප්රයෝජනයක් නොලැබෙයි.”+
6 දකුණු දේශයේ සිටින සතුන්ට විරුද්ධව දෙන තීන්දුව මෙයයි.+ ඔවුහු බූරුවන් හා ඔටුවන් පිට+ වටිනා තෑගිබෝග පටවා ගොරවන සිංහයන් හා දිවියන්ගෙන්ද විෂකුරු සර්පයන්+ හා පොළොඟුන්ගෙන්ද ගහන වූ දුෂ්කර දේශයක්+ මැදින් ගමන් කරති. නමුත් ඔවුන්ට එයින් කිසි පලක් වන්නේ නැත. 7 ඊජිප්තුවරුන්ගෙන් උපකාරය පැතුවත් එයින් කිසි ප්රයෝජනයක් නැත.+ මා ඊජිප්තුවරුන්ව, “පැත්තකට වී බලා සිටින රාහබ්”+ ලෙස හඳුන්වන්නේ ඒ නිසාය.
8 “දැන් ලියන ලෑල්ලක් මතද ලියවිල්ලක්+ මතද මේ සියල්ල ලියා තබන්න. මතු කාලයට ප්රයෝජනවත් වන පිණිසත් හැමදාටම+ සාක්ෂියක් වන පිණිසත් එය යූදා වැසියන් ඉදිරියේ ලියා තබන්න. 9 මන්ද මොවුහු කැරලිකාර පුත්රයෝය.+ යෙහෝවා දෙවි වන මාගේ නීතියට අකීකරු වන+ අවිශ්වාසවන්ත දරුවෝය.+ 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+ 11 අපි කැමති දේ කරන්න බැරි නම් මෙතැනින් යන්න.+ අපි ඉදිරියට ආයෙත් එන්න එපා. ඊශ්රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් පවසන දේවල් අපිට තවත් නොකියන්න.’”+
12 ඒ නිසා ඊශ්රායෙල්හි ශුද්ධ තැනැත්තාණෝ මෙසේ පවසයි. “ඔබ මාගේ වචන ප්රතික්ෂේප කර+ බොරුව සහ වංචාව කෙරෙහි විශ්වාසය තබන්නහුය.+ 13 ඔබේ කැරලිකාරකම නිසා පුපුරා ගිය උස් බිත්තියක්+ මෙන් ඔබ හදිස්සියෙන්ම+ කඩා වැටෙනු ඇත. 14 ඔබ කඩා බිඳ දැමූ මැටි භාජනයක් මෙන් වනු ඇත.+ ලිපකින් ගිනි අඟුරක් ගන්නවත් පොකුණකින් දිය පොදක් ගන්නවත් ප්රමාණවත් කැබැල්ලක් ඉතුරු නොවන ලෙසින් කුඩු කර දැමූ භාජනයක් මෙන් ඔබ සුනුවිසුනු වී යන්නහුය.”+
15 විශ්වයේ පාලකයාණන්ද ඊශ්රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියා තිබිණ. “මා වෙතට හැරී සන්සුන්ව සිටින්න. එවිට ඔබට ගැලවීම අත් වෙයි. කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න.+ එවිට ඔබ ශක්තිමත් වන්නහුය.” එහෙත් ඔබ එසේ කිරීමට කැමති වූයේ නැත.+ 16 ඔබ දෙවි කී දේ ප්රතික්ෂේප කර, “නැහැ, අපි අශ්වයන් පිට පලා යමු”+ යයි කීවහුය. ඒ නිසා, ඔබට ඇත්තෙන්ම පලා යන්න සිදු වෙයි. “අපි වේගවත් අශ්වයන් පිට නැඟ යන්නෙමු”+ යයි කී බැවින් ඔබ පසුපස හඹා එන ඔබේ සතුරෝ ඔබට වඩා වේගවත් වන්නෝය.+ 17 ඔවුන්ගෙන් එක් කෙනෙකු තර්ජනය කළ විට ඔබෙන් දහස්දෙනෙක් බියෙන් වෙවුලති.+ පස්දෙනෙකුගේ තර්ජනයට ඔබ සියලුදෙනාම පලා දුවන්නහුය. අන්තිමේදී ඔබෙන් ඉතුරු වන අය කඳු මුදුනක සිටුවා ඇති තනි කොඩියක් මෙන් වෙති.+
18 එහෙත් යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න+ මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.+ මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි.+ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම+ සන්තෝෂවත්ය.+ 19 යෙරුසලමේ+ වාසය කරන සියොන්හි+ ජනයෙනි, ඔබ තවදුරටත් හඬා වැලපෙන්නේ නැත.+ ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔබ හඬගසන මොහොතේදීම ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.+ 20 යෙහෝවා දෙවි ඔබට දුක් කරදර නමැති කෑම කන්නත් පීඩා නමැති වතුර බොන්නත් ඉඩහරින්නේය.+ එහෙත් ඔබේ උදාර උපදේශකයාණන් තවදුරටත් ඔබෙන් සැඟවී සිටින්නේ නැත. ඔබ සැබවින්ම ඔහුව දකින්නහුය.+ 21 එවිට ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි. “ජනයෙනි, යා යුතු හරි මඟ+ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.” ඔබ දකුණට හෝ වමට හෝ හැරී නිවැරදි මඟෙන් ඉවත්ව ගියොත් දෙවි පෙන්වන මඟට නැවත හැරී එන්න.+
22 ඒ කාලයේදී, ඔබ රිදී හා රන්+ ආලේප කළ ඔබේ දේවතා රූප+ පිළිකුල් දෙයක් ලෙස සලකා ඉවතලනු ඇත.+ ස්ත්රියක් තම ඔසප් දවස්වලදී අපවිත්ර වූ රෙදිකඩක් ඉවත දමන්නාක් මෙන් ඔබත්, “මෙය මහ පිළිකුලක්”+ යයි කියමින් ඒ රූප ඉවත් කරන්නහුය.+ 23 දෙවි බීජ වපුරන කාලයේදී ඔබට වර්ෂාව දී හොඳ පලදාවක් ලබා දෙන්නේය.+ ඔබ ප්රණීත වූ හොඳම කෑම කන්නහුය.+ ඔබේ සතුන්ට ලගින්න ඇති තරම් තණබිම් තිබෙයි.+ 24 ගොවිතැනේ යොදවන ගවයන්ගේ හා බූරුවන්ගේ කෑමවලට හොඳ ධාන්යත්+ එක් කරනු ලබයි.* 25 ඔබේ සතුරන්ගේ බලකොටු බිඳ වැටී+ විශාල සෙනඟක් මැරුම් කන්නෝය. ඒ දවසේදී සෑම පර්වතයකින්ද කඳු මුදුනකින්ද දිය ඇළි හා දිය පහරවල් ගලාගෙන එයි.+ 26 යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කළ නිසා ඔවුන්ට දරුණු තුවාල ඇති විය. එහෙත් දෙවිම ඔවුන්ගේ තුවාල බැඳ+ සුව කර+ ඔවුන්ව විපතෙන් ගලවාගන්නේය. ඒ දවසේදී, පුන් සඳ බැබළෙන හිරු මෙන් දීප්තිමත් වන්නේය. බැබළෙන හිරුගේ ආලෝකය සත්ගුණයකින් වැඩි වී+ සත් දවසක එළිය මෙන් කාන්තිමත් වන්නේය.
27 යෙහෝවා දෙවි* දුර ඈත සිට පැමිණෙන්නේය. ගන වලාකුළු පිට නැඟ මහත් කෝපයෙන්+ පැමිණෙන ඔහුගේ මුඛය දවාලන ගින්නක් වැනිය.+ 28 ඔහුගේ බලය වේගයෙන් ගලා යන ජල ධාරාවක් මෙනි. එය ගෙල දක්වාම නඟින්නේය.+ ඔහු ජාතීන්ව පොළා+ කිසි කමකට නැති දහයියා මෙන් ඉවතලන්නේය. ඔහු ඔවුන්ගේ හකුවලට කටකලියාවක්+ දමා ඔවුන්ව විනාශය කරා ඇදගෙන යන්නේය.+ 29 නමුත් ශුද්ධ උත්සවයක්+ පවත්වන රාත්රියක මෙන් ඔබ ප්රීතියෙන් ගී ගයන්නහුය.+ ඊශ්රායෙල්හි පර්වතය+ වන යෙහෝවා දෙවිගේ කන්දට+ නළා පිඹිමින්+ යන ජනයා මෙන් ඔබේ සිත ප්රීතියෙන් ඉපිල යන්නේය.
30 යෙහෝවා දෙවි තම සතුරන්ට විරුද්ධව බිය උපදවන හඬක්+ නික්මවමින් තම බලවත් හස්තයෙන්+ ඔවුන්ට පහර දෙන්නේය. ඔහු ගිනි ජාලාවක්+ මගින්ද කුණාටුවක්+ මගින්ද හිම කැට වර්ෂාවක්+ මගින්ද තම දැවෙන කෝපය+ පිට කරන්නේය. 31 යෙහෝවා දෙවිගේ හඬ ඇසෙන විට ඇසිරියානු ජාතිකයෝ බියෙන් තැතිගනිති.+ ඔහු ඔවුන්ට යෂ්ටියකින් පහර දෙන්නේය.+ 32 යෙහෝවා දෙවි තම දණ්ඩ අතට ගෙන ඇසිරියානුවන්ට පහර දෙන සෑම වතාවකදීම ඔහුගේ සෙනඟ රබන් ගසමින්ද වීණා වයමින්ද ප්රීති වෙති.+ ඔහු තම මහත් බලය පෙන්වමින් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නේය.+ 33 ඇසිරියානුවන්වද ඔවුන්ගේ රජුවද+ පුලුස්සා දැමීමට දෙවි දැනටමත් තෝෆෙත්හි+ වළක් සූදානම් කරගෙන එහි දර ගොඩගසා ඇත. එම වළෙන් ගිනිදැල් බුරබුරා නඟියි. දැවෙන ගෙන්දගම් වැනි වූ යෙහෝවා දෙවිගේ හුස්ම එහි ගිනිදලු අවුළුවයි.+