හිතෝපදේශ
12 හික්මවීමට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරන්නේය.+ එහෙත් අවවාදයට ද්වේෂ කරන්නාට කල්පනා ශක්තිය නැත.+
2 යහපත් කෙනෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබේ.+ නමුත් කූට අදහස් ඇති අයව දෙවි දුෂ්ටයන් ලෙස විනිශ්චය කරයි.+
3 දුෂ්ට දේ කර කිසිවෙකුට ස්ථිරව සිටීමට නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයා ගැඹුරට මුල් බැස ඇති ශක්තිමත් ගසක් මෙන් කිසිදා නොසෙල්වෙන්නේය.+
4 හොඳ බිරිඳක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නකි.+ නමුත් නින්දිතව හැසිරෙන තැනැත්තියකගේ පුරුෂයා ඇටකටු දිරා යන්නාක් මෙන් වේදනා විඳින්නේය.+
5 ධර්මිෂ්ඨ අයගේ සිතුවිලි යුක්තිසහගතය.+ එහෙත් දුෂ්ටයන්ගේ මඟ පෙන්වීම් රැවටිලිකාරය.+
6 දුෂ්ටයා තම වචන හසුරුවන්නේ නිදොස් අයගේ ලේ වගුරුවන්නයි.+ එහෙත් අවංක තැනැත්තා පවසන වචනවලින් ගැලවීම අත් වෙයි.+
7 දුෂ්ටයාව පාගා දමා නැති කර දමයි.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ පෙළපත සැමදා පවතින්නේය.+
8 නැණවත් ලෙස වචන හසුරුවන මිනිසා ප්‍රශංසාව ලබයි.+ නමුත් කපටි සිතක් ඇති තැනැත්තාව හෙළාදකිනු ලබයි.+
9 කුසට අහරක්වත් නැති විටදී පවා තමා ගැනම පුරසාරම් දොඩන තැනැත්තෙකුට වඩා එක් සේවකයෙකුවත් සිටින නිහතමානී කෙනෙකු හොඳය.+
10 ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙයි.+ එහෙත් දුෂ්ටයාගේ කරුණාවන්තම ක්‍රියාව පවා කෲරයි.+
11 තම ඉඩමේ වගා කරන තැනැත්තා කෑම කා තෘප්තියට පත් වෙයි.+ එහෙත් වැදගැම්මකට නැති දේවල් ලුහුබඳින තැනැත්තා අඥානයෙකි.*+
12 දුෂ්ටයා නපුරු අයගේ දැලට හසු වූ දේට ආශා කරයි.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල සවිමත් වෙයි.+
13 නපුරු තැනැත්තාගේ දුෂ්ට කතා ඔහුවම හසු කරගනී.+ එහෙත් ධර්මිෂ්ඨයා දුක් වේදනාවලින් ගැලවෙයි.+
14 මිනිසෙකු තම මුවින් පිට කරන වචන නිසා සතුටක් ලබයි.+ ඔහුගේ ක්‍රියාවලට අනුව ඔහුට ප්‍රතිඵල ලැබෙන්නේය.+
15 අඥානයා තමා කරන දේ හරියයි සිතයි.+ නමුත් උපදෙස්වලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයෙකි.+
16 අඥානයා තමාට ගැටලුවක් සිදු වූ දවසේම කෝපය පිට කරයි.+ එහෙත් බුද්ධිමත්ව කටයුතු කරන තැනැත්තාට අගෞරව කළත් ඔහු නිහඬව සිටියි.+
17 විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් සත්‍යය පවසයි.+ නමුත් බොරු සාක්ෂිකරුවෙකුගේ මුවින් නික්මෙන්නේ රැවටිලිකාර වදන්මය.+
18 නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.+ නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.+
19 සත්‍යය කතා කරන+ තැනැත්තා සදහටම පවතියි.+ නමුත් බොරු කියන දිව සැණෙකින් නිහඬ කරනු ලබයි.+
20 උගුල් අටවන්නාගේ සිත වංචාවෙන් පිරී ඇත.+ එහෙත් සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+
21 ධර්මිෂ්ඨයාට කිසි අනතුරක් සිදු වන්නේ නැත.+ නමුත් දුෂ්ටයා බොහෝ විපත්තිවලට මුහුණ දෙයි.+
22 බොරු කියන දිව යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් විශ්වාසවන්තව ක්‍රියා කරන අය ඔහුට ප්‍රසන්නය.+
23 සිහිබුද්ධියෙන් කටයුතු කරන අය තම දැනුම ප්‍රදර්ශනය නොකරයි.+ නමුත් අඥානයා තම මෝඩකම ප්‍රසිද්ධියේ කියයි.+
24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+
25 මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි.+ නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.+
26 ධර්මිෂ්ඨයා තම වටපිටාව ගැන සුපරීක්ෂාකාරීව සිටියි. නමුත් දුෂ්ටයෝ තමන් යන ගමන නිසා මංමුළා වී සිටිති.+
27 අලසයාට දඩමස් කන්න ලැබෙන්නේ නැත.+ එහෙත් උත්සාහවන්තකම මිනිසෙකුගේ වස්තුවයි.
28 ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමෙන් ජීවනය අත් වෙයි.+ ඒ මඟෙහි ගමන් කරන්නාට කිසිදා මරණය අත් නොවෙයි.+