2 සාමුවෙල්
24 යෙහෝවා දෙවි නැවත වරක්+ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය. මන්ද, “ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව ගණන් කරන්න”+ යයි කියමින් ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වන අයුරින් කටයුතු කිරීමට දාවිත් රජුව යමෙක්* පෙලඹුවේය. 2 රජ තමා සමඟ සිටි යුධ හමුදාවේ ප්‍රධානියා වන යෝවාබ්ට මෙසේ කීවේය.+ “දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ගමන් කරලා ඊශ්‍රායෙල් දේශයේ සෑම ගෝත්‍රයකම සිටින මිනිසුන්ව ගණන් කරන්න.+ ඔවුන්ගේ මුළු ගණන මට දන්වන්න.”+ 3 නමුත් යෝවාබ්, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ ඇස් ඉදිරිපිටම සෙනඟ සිය ගුණයකින් වැඩි කරන්න ඔබේ දෙවි වන යෙහෝවාට පුළුවන්. ඉතින් ඇයි ඔබ මේ වගේ දෙයක් කරන්න හිතුවේ?”+
4 එහෙත් යෝවාබ් සහ යුධ හමුදාවේ අනික් ප්‍රධානීන්ට රජුගේ අණට යටත් වෙන්න සිදු විය.+ එබැවින් ඔවුහු ඊශ්‍රායෙල් සෙනඟ ගණන් කරන පිණිස පිටත්ව ගියෝය.+ 5 පසුව ඔවුහු යොර්දාන් ගඟෙන් එගොඩ වී නිම්නය මැද පිහිටි අරෝයේර් නම් නුවරට+ දකුණින් කඳවුරු බැඳගත්තෝය. ඔවුහු යාසෙර් නුවර+ දක්වාත් ගාද් ගෝත්‍රයට අයිති පළාත+ දෙසටත් ගමන් කළෝය. 6 පසුව ඔවුහු ගිලියද් දේශය+ වෙතටත් තාතිම්-හොද්ෂි දේශය වෙතටත් දාන්-යායන් හා සීදොන් නුවර+ වෙතටත් ගමන් කළෝය. 7 ඉන්පසු තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ සියලු නුවරවලටත්+ කානානිවරුන්ගේ සියලු නුවරවලටත් ඔවුහු ගියෝය. අවසානයේදී ඔවුහු යූදා දේශයේ නෙගෙබ්හි+ පිහිටි බෙයර්-ෂෙබා+ දක්වාම ගියෝය. 8 මෙසේ ඔවුහු මුළු දේශය පුරාම ගමන් කර නැවත යෙරුසලමට පැමිණියෝය. මුළු ගමනට මාස නවයකුත් දවස් විස්සක් ගත විය. 9 යෝවාබ්, සෙනඟගේ මුළු ගණන රජුට දැන්වූවේය.+ ඊශ්‍රායෙල් දේශයෙහි යුද්ධයට දක්ෂ පුරුෂයෝ අටලක්ෂයක්ද යූදා දේශයෙහි පුරුෂයෝ පන්ලක්ෂයක්ද සිටියෝය.+
10 පසුව සෙනඟව ගණන් කළ නිසා දාවිත් රජුගේ සිත ඔහුට මහත් සේ වද දෙන්න පටන්ගත්තේය.+ එබැවින් ඔහු යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම ක්‍රියා කළේ මෝඩයෙකු ලෙසයි.”+ 11 දාවිත් රජ පසුවදා උදෑසන අවදි විය. ඒ අතරතුර දෙවිගෙන් දර්ශන ලැබූ, අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ+ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය. 12 “ඔබ දාවිත් ළඟට ගොස් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “මම ඔබට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරගන්න.+ ඔබ තෝරගන්න දඬුවම මම ඔබ පිටට ගෙනෙන්නෙමි.”’”+ 13 ගාද්, දාවිත් රජු ළඟට පැමිණ ඒ සියල්ල ඔහුට ප්‍රකාශ කළේය.+ ඉන්පසු ඔහු දාවිත් රජුට මෙසේද කීවේය. “ඔබ කැමති අවුරුදු හතක් පුරා දේශයේ සාගතයක් පවතිනවාටද?+ නැත්නම් මාස තුනක් තිස්සේ ඔබේ සතුරන් ඔබව පරදවා ඔබ පසුපස ලුහුබැඳ එනවාටද?+ එහෙමත් නැත්නම් ඔබේ දේශයේ දවස් තුනක් පුරා වසංගතයක් පවතිනවාටද?+ මේවායින් ඔබ තෝරගන්නේ කුමන දේද කියලා මට කියන්න. එතකොට මාව එවූ තැනැත්තාට ඒ ගැන මම ගිහින් කියන්නම්.” 14 එවිට දාවිත් රජ ගාද්ට මෙසේ කීවේය. “මෙය මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා දෙවි ඉතා දයාන්විත දෙවි කෙනෙක්+ නිසා මනුෂ්‍යයන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ දෙවිගේම අතින් දඬුවම් ලැබීම හොඳයි.”+
15 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය පිටට වසංගතයක් ගෙනාවේය.+ එදින උදෑසන සිට දෙවි නියම කළ කාලය දක්වා එය පැවතිණ. දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ මනුෂ්‍යයෝ හැත්තෑදහසක් වසංගතය නිසා මිය ගියෝය.+ 16 යෙරුසලමේ ජනයාව විනාශ කරන පිණිස දේවදූතයෙක්+ ඒ නුවර දෙසට තම අත දිගු කළේය. පසුව සිදු වී තිබූ විනාශය දැක යෙහෝවා දෙවි දුක් වී,+ සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාට මෙසේ කීවේය. “දැන් ඔබේ අත පහත දමන්න.” ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයා සිටියේ යෙබූසිවරයෙකු වූ+ අරව්නාගේ+ කමත අසලය.
17 දාවිත් රජ, සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාව දැක යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “පව් කළේ මමයි. වරද මගේ අතේ. බැටළුවන් වගේ ඉන්න+ මේ සෙනඟ අතේ කිසි වරදක් නැහැ. ඒ නිසා මටයි+ මගේ පියාගේ පවුලේ අයටයි දඬුවම් කරන්න.”
18 පසුව ගාද් නැවත වරක් දාවිත් රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න.”+ 19 ඉන්පසු යෙහෝවා දෙවි, ගාද් මාර්ගයෙන් දාවිත් රජුට පැවසූ දේ ඉටු කරන පිණිස ඔහු පිටත්ව ගියේය.+ 20 අරව්නා, රජු සහ ඔහුගේ සේවකයන් තමන් සිටි ස්ථානයට පැමිණෙනවා දැක ඔවුන් ඉදිරියට දුව ගොස් හිස නමා+ රජුට ආචාර කළේය.+ 21 අරව්නාද, “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ සේවකයා වන මා ළඟට ඔබ ආවේ ඇයි” කියා රජුගෙන් ඇසීය. එවිට දාවිත් රජ, “මම ආවේ ඔබේ කමත මිල දී ගන්නයි.+ මට ඕනේ මෙතැන යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්නයි. එහෙම කළොත් සෙනඟ අතරේ පැතිරෙන මේ වසංගතය+ නවතියි” කියා ඔහුට කීවේය. 22 එවිට අරව්නා, දාවිත් රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ මේ කමත ගන්න.+ ඒ වගේම ඔබට කැමති ඕනෑම දෙයක් පූජාව සඳහා මෙතැනින් ගන්න. දවන පූජාව සඳහා ගවයන් ඉන්නවා. මෙතැන ධාන්‍ය මඩින ආයුධ හා වියගස් තියෙනවා. ඒවා දර සඳහා පාවිච්චි කරන්න.+ 23 රජ්ජුරුවනි, මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.” අරව්නා තවදුරටත් මෙසේ කීවේය. “ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ පූජාව සතුටින් පිළිගනු ලැබේවා!”+
24 නමුත් රජ අරව්නාට මෙසේ කීවේය. “මට ඔබෙන් මේ කමත මිල දී ගන්න ඕනේ.+ කිසිම වියදමක් දරන්නේ නැතුව මම මගේ දෙවි වන යෙහෝවාට දවන පූජාවක් ඔප්පු කරන්නේ කොහොමද!”+ එබැවින් දාවිත් රජ රිදී ෂෙකෙල් පනහක් ගෙවා ඒ කමතද ගවයන්වද මිල දී ගත්තේය.+ 25 දාවිත් රජ එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ ඔහුට දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. ඉන්පසු දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ එබැවින් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිර ගිය වසංගතය නතර විය.