1 ලේකම්
5 යාෆෙත්ගේ පුත්‍රයන් නම් ගොමෙර්, මාගොග්,+ මාදයි,+ යාවාන්,+ තූබල්, මෙෂෙක්+ සහ තීරස්+ යන අයයි.
6 ගොමෙර්ගේ පුත්‍රයන් නම් අෂ්කෙනස්,+ රිෆත්+ සහ තොගර්මා+ යන අයයි.
7 යාවාන්ගේ පුත්‍රයන් නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ රොදානිම්+ යන අයයි.
8 හාම්ගේ පුත්‍රයන් නම් කූෂ්,+ මිස්රයිම්,+ පූට්+ සහ කානාන්+ යන අයයි.
9 කූෂ්ගේ පුත්‍රයන් නම් සෙබා,+ හවිලා, සබ්තා,+ රයමා+ සහ සබ්තෙකා+ යන අයයි.
රයමාගේ පුත්‍රයන් නම් ෂෙබා සහ දෙදාන්ය.+
10 කූෂ්ට නිම්රොද්+ නමින් තවත් පුත්‍රයෙක් සිටියේය. පොළොවේ බලවන්තයෙකු වූ+ මුල්ම තැනැත්තා මොහුය.
11 මිස්‍රයිම්ගේ පුත්‍රයන් නම් ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 12 පත්රුසිම්,+ (පිලිස්තිවරුන්ගේ+ ආදිපියා වූ) කස්ලූහිම්+ සහ කප්තෝරිම්+ යන අයයි.
13 කානාන්ගේ කුලුඳුල් පුත්‍රයා සීදොන්ය.+ කානාන්ට හෙත්+ යන නමින්ද පුත්‍රයෙක් සිටියේය. 14 එමෙන්ම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්,+ 15 හිවීයවරුන්,+ අර්කිවරුන්, සීන්වරුන්,+ 16 අර්වාදිවරුන්,+ ෂෙමාරිවරුන්+ හා හමාතියවරුන්+ පැවතෙන්නේද කානාන්ගෙනි.
18 ආර්පක්සද්ගේ පුත්‍රයා ෂේලාය.+ ෂේලාගේ පුත්‍රයා ඒබර්ය.+
19 ඒබර්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. එක් කෙනෙකුගේ නම පේලෙග්ය.*+ ඔහුට එම නම තැබුවේ ඒ කාලයේ පොළොවේ යම් භේදයක් හටගත් නිසාය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.
20 යොක්තාන්ගේ පුත්‍රයන් නම් අල්මෝදාද්, ෂෙලෙප්, හසර්මාවෙත්, යේරා,+ 21 හදොරාම්, ඌසාල්, දික්ලා,+ 22 ඔබාල්, අබිමායෙල්, ෂෙබා,+ 23 ඕෆීර්,+ හවිලා+ හා යෝබාබ්+ යන අයයි.
28 ආබ්‍රහම්ගේ පුත්‍රයන් නම් ඊසාක්+ සහ ඉෂ්මායෙල්ය.+
29 ඔවුන්ගෙන් පැවතෙන්නන් මෙසේය. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුත්‍රයා නෙබායොත්ය.+ ඔහුගේ අනික් පුත්‍රයන් නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ 30 මිෂ්මා, දූමා,+ මස්සා, හදද්,+ තේමා, 31 යෙතූර්, නාෆිෂ් හා කේදෙමා+ යන අයයි.
32 ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ+ කෙටූරාගේ+ පුත්‍රයන් නම් සිම්රාන්, යොක්ෂාන්, මේදාන්,+ මිදියන්,+ ඉෂ්බාක්+ සහ ෂුවාහ්+ යන අයයි.
යොක්ෂාන්ගේ පුත්‍රයන් නම් ෂෙබා හා දෙදාන්ය.+
33 මිදියන්ගේ පුත්‍රයන් නම් ඒෆා,+ ඒෆෙර්, හනොක්, අබිදා සහ එල්දායා+ යන අයයි.
මොවුන් සියල්ලෝම කෙටූරාගේ පුත්‍රයෝය.
34 ආබ්‍රහම්ගේ පුත්‍රයා ඊසාක්ය.+ ඊසාක්ගේ පුත්‍රයන් නම් ඒසව්+ සහ ඊශ්රායෙල්ය.+
35 ඒසව්ගේ පුත්‍රයන් නම් එලිෆස්, රුවෙල්,+ යෙවුෂ්, යාලාම් සහ කෝරා+ යන අයයි.
36 එලිෆස්ගේ පුත්‍රයන් නම් තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම්, කෙනෂ්,+ තිම්නා+ සහ අමලෙක්+ යන අයයි.
37 රුවෙල්ගේ පුත්‍රයන් නම් නාහත්, සේරා, ෂම්මාහ් සහ මිෂ්ෂා+ යන අයයි.
38 සේයිර්ගේ පුත්‍රයන්+ නම් ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා,+ දීෂොන්,+ එෂෙර් සහ දීෂන් යන අයයි.
39 ලොතන්ගේ පුත්‍රයන් නම් හෝරී සහ හෝමාම්ය. ලොතන්ගේ සහෝදරිය තිම්නාය.+
40 ෂෝබාල්ගේ පුත්‍රයන් නම් අල්වාන්, මනහාත්, ඒබාල්, ෂෙපො සහ ඕනාම්ය.+
ෂිබියොන්ගේ පුත්‍රයන් නම් ආයා සහ අනාය.+
දීෂොන්ගේ පුත්‍රයන් නම් හෙම්දන්, එෂ්බන්, ඉත්රාන් සහ කෙරන්+ යන අයයි.
42 එෂෙර්ගේ පුත්‍රයන්+ නම් බිල්හාන්, සයවාන් සහ අකාන්+ යන අයයි.
දීෂන්ගේ පුත්‍රයන් නම් ඌෂ් සහ අරාන්ය.+
43 ඒදොම්+ දේශයේ පාලනය කළ රජවරුන්ගේ නම් මතු දැක්වේ. ඔවුන් දේශය පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන් රජ කෙනෙකුව පත් කරගැනීමට කලින්ය.+ ප්‍රථමයා බෙයොර්ගේ පුත්‍රයා වූ බෙලාය. ඔහු පාලනය කළේ දින්හබා යන නුවරේ සිටය.+ 44 කල් යත්ම බෙලා මිය ගියේය. ඔහු වෙනුවට බොෂ්රා නුවරෙන්+ පැමිණි සේරාගේ+ පුත්‍ර යෝබාබ් පාලනය කිරීමට පටන්ගත්තේය. 45 යෝබාබ් මිය ගිය පසු ඔහු වෙනුවට තේමාන්වරුන්ගේ දේශයේ+ හූෂාම්+ රජකම් කිරීමට පටන්ගත්තේය. 46 කල් යත්ම හූෂාම් මිය ගියේය. ඔහු වෙනුවට මෝවබ් ප්‍රදේශයෙහිදී මිදියන්ව+ පරාජය කළ බෙදද්ගේ පුත්‍රයා වූ හදද්+ රජකම් කිරීමට පටන්ගත්තේය. ඔහුගේ නුවරේ නම අවිත්ය.+ 47 හදද් මිය ගිය පසු ඔහු වෙනුවට මස්රේකා+ නම් ස්ථානයෙන් පැමිණි සම්ලා රජකම් කිරීමට පටන්ගත්තේය. 48 කල් යත්ම සම්ලා මිය ගියේය. ඉන්පසු ගඟ අසබඩ පිහිටි රෙහොබොත්+ නම් ස්ථානයෙන් පැමිණි ෂාවුල් ඔහු වෙනුවට රජකම් කිරීමට පටන්ගත්තේය. 49 ෂාවුල් මිය ගිය පසු ඔහු වෙනුවට අක්බොර්ගේ+ පුත්‍ර බාල්-හානාන් රජකම් කිරීමට පටන්ගත්තේය. 50 කල් යත්ම බාල්-හානාන් මිය ගොස් ඔහු වෙනුවට හදද්* රජකම් කිරීමට පටන්ගත්තේය. ඔහුගේ භාර්යාවගේ නම මෙහේටබෙල්ය. ඇය මේෂාහාබ්ගේ දියණිය වූ මාත්රෙද්ගේ දියණියයි. ඔහුගේ නුවරේ නම පාව්ය.+ 51 කල් යත්ම හදද් මිය ගියේය.
ඒදොම් දේශයේ අධිපතීන්* නම් තිම්නා, අල්වා, යේතෙත්,+ 52 ඔහොලිබාමා, ඒලාහ්, පීනොන්,+ 53 කෙනෂ්, තේමාන්, මිබ්ෂාර්,+ 54 මග්දියෙල් හා ඊරාම්+ යන අයයි. ඔවුහු සියලුදෙනා ඒදොම් දේශයේ අධිපතීන්+ ලෙස කටයුතු කළෝය.