ලෙවී කතාව
26 “‘වැදගැම්මකට නැති දෙවිවරුන්ව සාදා නොගන්න.+ නමස්කාර කරන පිණිස රූප+ හෝ කුලුනු හෝ සාදා නොගන්න. කැටයම් කළ ගල් රූප ඔබේ දේශයේ ඉදි නොකරන්න.+ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. 2 මා නියම කළ සබත් දිනයන් ඔබ පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ගරුබිය දැක්විය යුතුයි. මා යෙහෝවා දෙවිය.
3 “‘ඔබ මගේ ආඥාවලට කීකරු වෙමින් මගේ පනත්වලට අනුව ජීවත් වුණොත්+ 4 මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි.+ ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය.+ කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය.+ 5 මිදි අස්වැන්න එකතු කරන කාලය දක්වාම ඔබ ධාන්‍ය පාහිනවා ඇත. බීජ වපුරන කාලය දක්වාම ඔබ මිදි අස්වැන්න එකතු කරනවා ඇත. ඔබට කෑමෙන් කිසි හිඟයක් නොවන්නේය.+ ඔබ ඔබේ දේශයේ සුරක්ෂිතව ජීවත් වන්නහුය.+ 6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+ 7 ඔබ ඔබේ සතුරන්ව පන්නා දමන්නහුය.+ ඔබ සැබවින්ම ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය. 8 ඔබෙන් පස්දෙනෙක් සතුරන් සියදෙනෙකුවද ඔබෙන් සියදෙනෙක් සතුරන් දසදහස්දෙනෙකුවද පන්නා දමන්නහුය. සැබවින්ම ඔබ ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය.+
9 “‘මම ඔබට ආශීර්වාද කරන්නෙමි.+ ඔබට බොහෝ දරු සම්පත් ලබා දී ඔබේ ජාතිය ගණනින් වැඩි කරන්නෙමි.+ මෙසේ, මම ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ඉටු කරන්නෙමි.+ 10 ඔබේ අස්වැන්න කොතරම්ද කියා කීවොත් එක අවුරුද්දක අස්වැන්න නෙළන විට කලින් අවුරුද්දේ අස්වැන්න+ ඒ වන විටත් ඉතුරුව තිබෙනු ඇත. 11 මම සැබවින්ම මාගේ ශුද්ධ කූඩාරම ඔබ අතරේ පිහිටුවන්නෙමි.+ මම ඔබට ද්වේෂ නොකරන්නෙමි.+ 12 මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි.+ ඔබද මගේ සෙනඟ වන්නහුය.+ 13 ඔබ වහල්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා මා, ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ පිට තිබූ වියගහ අහක් කර ඔබට කෙළින් සිටගන්න සැලැස්වූවේ මමය.+
14 “‘ඔබ මට සවන් නොදී මගේ සියලු ආඥාවලට කීකරු නොවුණොත්+ 15 එනම්, මගේ ගිවිසුම කඩ කරන තරමටම මගේ තීන්දු හෙළාදකිමින්+ මගේ සියලු අණපනත් ප්‍රතික්ෂේප කළොත්+ 16 මම ඔබට මෙසේ කරන්නෙමි. මම ඔබට දඬුවම් කරන්නෙමි. ඔබේ පෙනීම දුර්වල වන තරමටද+ ශරීර ශක්තිය හීන වන තරමටද+ ක්ෂය රෝගය+ සහ තද උණ ඔබ පිට ගෙනෙන්නෙමි. ඔබ එයින් බොහෝ සේ කැලඹෙන්නහුය. ඔබ කිසි පලක් නැතුව බීජ වපුරන්නහුය. මන්ද ඔබේ සතුරෝ ඔබ වැපුරූ සියල්ල කන්නෝය.+ 17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+
18 “‘ඉන්පසුත් ඔබ මට සවන් නොදෙන්නේ නම් ඔබ කළ පාප නිසා පෙරට වඩා හත් ගුණයක් වැඩියෙන් මම ඔබට දඬුවම් කරන්නෙමි.+ 19 මම ඔබේ උද්ධච්චකම පහත් කරන්නෙමි. අහස යකඩ+ මෙන්ද භූමිය පිත්තල මෙන්ද වියළෙන්න සලස්වන්නෙමි. 20 ඔබ නිකරුණේ ඔබේ ශක්තිය වැය කරන්නහුය. මන්ද භූමියෙන් අස්වැන්න ඔබට නොලැබෙන්නේය.+ කෙත්වතුවල ගස්ද පල නොදරන්නේය.+
21 “‘එසේ සිදු වූ පසුත් ඔබ මට විරුද්ධ වෙමින් මට සවන් නොදුන්නොත් මම ඔබේ පව්වලට සුදුසු ලෙස දඬුවම් දෙමින් ඔබ පිට ගෙන එන පීඩා තව හත් ගුණයකින් වැඩි කරන්නෙමි.+ 22 මම වනමෘගයන්ව ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබේ දරුවන්ව මරා+ ඔබ ඇති කරන සතුන්ව විනාශ කර දමන්නෝය. ඔබේ දේශයේ මාවත් පාළු වන තරමටම ජනගහනය අඩු වන්නේය.+
23 “‘ඔබ මෙලෙස දඬුවම් විඳීමෙන් පසුත් මගේ හික්මවීම් පිළි නොගෙන+ දිගටම මුරණ්ඩු ලෙස මට විරුද්ධව ක්‍රියා කළොත් 24 මමද ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ ඔබ කළ පාපවලට මම ඔබට හත් වරක් දඬුවම් කරන්නෙමි.+ 25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+ 26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+
27 “‘එහෙත් මේ සියල්ලෙන් පසුත් ඔබ මට සවන් නොදී මුරණ්ඩු ලෙස දිගටම මට විරුද්ධව ගමන් කළොත්+ 28 මමද මහත් කෝපයෙන් යුක්තව ඔබට විරුද්ධව පියවර ගන්නෙමි.+ ඔබ කළ පාපවලට මම ඔබට සත් වරක් දඬුවම් කරන්නෙමි.+ 29 එවිට ඔබ ඔබේම පුත්‍රයන්ගේද දූවරුන්ගේද මාංස කන්නහුය.+ 30 මම ඔබේ පූජනීය ස්ථාන* සහමුලින්ම විනාශ කර+ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩා දමන්නෙමි. ඔබ සෑදූ පිළිකුල් රූප* සුනුවිසුනු කර ඔබේ මළ කඳන්ද ඒවා මතට විසි කරන්නෙමි.+ මම ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමි.+ 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+ 32 මම ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ ඔබේ දේශය අයිති කරගන්නාවූ ඔබේ සතුරෝ ඔබේ දේශයට සිදු වන දෙය දැක පුදුම වන්නෝය.+ 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
34 “‘එසේ දේශය පාළුව තිබෙන සියලු දවස්වලදී එයට විවේකයක් ලැබෙනු ඇත. ඔබ සතුරන්ගේ දේශයේ සිටින ඒ කාලයේදී, ඔබ කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගනු ඇත.+ 35 ඔබ දේශයේ ජීවත් වූ කාලයේදී ඔබට නියම කළ සබත් දිනයන් නොපැවැත්වූ බැවින් දේශය පාළුව තිබෙන සියලු දවස්වලදී එය විවේක ගනු ඇත.
36 “‘ඔබ අතරින් දිවි ගලවාගන්නා අය+ සතුරන්ගේ දේශයේ බියෙන් ජීවත් වන්නෝය. සුළඟේ පාවී යන කොළයක ශබ්දයකට පවා ඔවුහු තිගැස්සී පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන් පසුපස ලුහුබැඳ නොගියත් කඩු අතැති අය ඔවුන් පසුපස එන්නාක් මෙන් ඔවුහු පලා යන්නෝය.+ 37 සතුරන් කඩු අතැතිව ඔවුන් පසුපස එළවාගෙන එන්නාක් මෙන් ඔවුහු පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන්ව ලුහුබැඳ නාවත් ඔවුහු කලබල වී ඒ මේ අත දුව ගොස් වැටෙන්නෝය. ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කිරීමට ඔබට කිසි ශක්තියක් නොතිබෙනු ඇත.+ 38 වෙනත් ජාතීන්ගේ දේශයකදී ඔබ මිය යන්නහුය.+ ඔබේ සතුරන්ගේ දේශයේදී ඔබ විනාශ වී යනු ඇත. 39 ඔබ අතරෙන් බේරී ජීවත් වන අය ඔවුන්ගේ පාප නිසාද ඔවුන්ගේ පියවරුන්ගේ පාප නිසාද+ සතුරන්ගේ දේශයේදී කුණු වී යන්නෝය.+ ඔවුන්ගේ පියවරුන් මෙන් ඔවුහුද කුණු වී යන්නෝය. 40 එවිට ඔවුන්ද ඔවුන්ගේ පියවරුන්ද මට ද්‍රෝහි වෙමින් මට විරුද්ධව පව් කළ බව ඔවුහු පිළිගනිති.+ 41 මා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කර+ සතුරන්ගේ දේශයට+ ඔවුන්ව ගෙන ගියේ ඔවුන් මට විරුද්ධව ක්‍රියා කළ නිසයි.
“‘මා ඔවුන්ට එලෙස දඬුවම් කළේ එවිටවත් ඔවුන් තම දැඩි සිත්*+ වෙනස් කරගෙන යටහත්පහත්+ ලෙස තම වරද පිළිගනියි කියා සිතූ නිසයි. 42 මම යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරන්නෙමි.+ ඊසාක් සමඟ කළ මගේ ගිවිසුමද+ ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුමද+ සිහි කරන්නෙමි. දේශයද මම සිහි කරන්නෙමි. 43 ඔවුන් දේශය අත්හැර දමා යන ඒ මුළු කාලය පුරාම ඔවුන් නොපැවැත්වූ සබත්+ දිනයන් වෙනුවෙන් දේශය විවේක ගනු ඇත. ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරමින්+ මගේ අණපනත් හෙළාදුටු නිසා+ දේශය පාළුවට ගොස් තිබෙන ඒ කාලයේදී ඔවුහුද තම වරදට වන්දි ගෙවනු ඇත.+ 44 නමුත් සතුරන්ගේ දේශයේ ඔවුන් ජීවත් වන කාලයේදී මා ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කරන තරමට+ මම ඔවුන්ට ද්වේෂ කරන්නේවත්+ ඔවුන්ව අත්හරින්නේවත්+ නැත. මම ඔවුන්ව සහමුලින්ම විනාශ නොකරන්නෙමි. මන්ද මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. 45 මා ඔවුන්ගේ දෙවි බව ඔප්පු කර පෙන්වන පිණිස මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ජාතීන් ඉදිරියේ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවෙමි.+ මම ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුම+ සිහි කරන්නෙමි. මා යෙහෝවා දෙවිය.’”
46 යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් සීනයි කන්දේදී ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිද නියෝගද+ තීන්දුද+ ඒවාය.