උත්පත්ති
6 පොළොවේ ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන්ගත්තේය. මනුෂ්‍යයන්ට දූවරුද සිටියෝය.+ 2 ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ*+ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටුවෝය.+ ඔවුහු හිතුමනාපෙට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්හ. 3 පසුව යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මම හැමදාමත්+ මිනිසුන්ගේ ක්‍රියා නොඉවසන්නෙමි.+ මන්ද ඔවුන් නිකම්ම දුර්වල මනුෂ්‍යයන් විතරයි.+ ඔවුන්ට තව අවුරුදු එකසිය විස්සක් ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි.”+
4 ඒ දවස්වලත් කලක් ගෙවුණු පසුත්, නෙෆිලිම්වරු* පොළොවෙහි සිටියෝය. ඒ කාලයේදී සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ. ඒ ස්ත්රීන්ට පුත්‍රයෝ බිහි වුණෝය. ඔවුහු පුරාණයේ විසූ බලවත් කීර්තිමත් මිනිස්සු වූහ.
5 මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම+ නපුරටම යොමු වී තිබුණු බවත්+ යෙහෝවා දෙවි දුටුවේය. 6 එබැවින් යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනිණ.+ තමන් සෑදූ මිනිසුන් නිසා ඔහු කනගාටුවට පත් විය.+ 7 එබැවින් යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මම සෑදූ+ මිනිසුන්ව පොළොවෙන් නැති කර දමන්නෙමි. මිනිසුන්වද හීලෑ සතුන්වද කුඩා සතුන්වද* අහසේ පියාසර කරන ජීවීන්වද+ මම විනාශ කරන්නෙමි. මන්ද මා සෑදූ මිනිසුන් නිසා මම කනගාටු වෙමි.”+ 8 නමුත් නෝවා කටයුතු කළ ආකාරය ගැන යෙහෝවා දෙවි සතුටු විය.
9 නෝවාගේ ජීවිත කතාව මෙයයි.
නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් විය.+ ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළ නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළේය.+ 10 කල් යත්ම, නෝවාට දාව පුත්‍රයෝ තුන්දෙනෙක් උපන්නෝය. ඔවුන්ගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්ය.+ 11 දෙවි පොළොව දෙස බැලූ විට එය නාස්ති වී තිබුණු බව ඔහුට පෙනුණේය.+ පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණේය.+ 12 මිනිසාගේ හැසිරීම ඉතා පහත් තත්වයක+ තිබූ නිසා පොළොව දෙවි ඉදිරියේ නාස්ති වී තිබුණේය.+
13 ඉන්පසු දෙවි නෝවාට මෙසේ කීවේය. “ජීවත් වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත.+ මන්ද ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ. එබැවින් මම පොළොව පිටටත්+ මනුෂ්‍යයන් පිටටත් විනාශයක් ගෙනෙන්නෙමි. 14 ඔබ හොඳ ලීවලින්* නැවක් සාදන්න.+ නැව ඇතුළේ කාමර සාදා එහි ඇතුල් පැත්ත හා පිට පැත්ත සම්පූර්ණයෙන්ම තාරවලින් ආලේප කරන්න.+ 15 ඔබ එය මෙලෙස සෑදිය යුතුයි. නැවෙහි දිග රියන්*+ තුන්සියයක්ද පළල රියන් පනහක්ද උස රියන් තිහක්ද විය යුතුයි. 16 ඔබ නැවේ වහලේ සිට රියනක් පහළට කවුළුවක්* සාදා නැවේ පැත්තකින් දොරටුවක් සාදන්න.+ නැව තට්ටු තුනකින් සෑදිය යුතුයි.
17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+ 18 එහෙත් මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරන්නෙමි. ඔබද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුල් විය යුතුයි.+ 19 සියලු සත්ව වර්ගයන්ගෙන්+ දෙදෙනා බැගින් එනම්, පිරිමි සතෙකු හා ගැහැනු සතෙකු බැගින් තෝරා නැවට ඇතුල් කරන්න. ඔබේ ජීවිත මෙන්ම උන්ගේ ජීවිතත් රැකෙන පිණිස එසේ කරන්න.+ 20 ඒ ඒ වර්ගයට අනුව+ බෝ වන හීලෑ සතුන්ගෙන්ද පියාසර කරන ජීවීන්ගෙන්ද අනිකුත් කුඩා සතුන්ගෙන්ද* දෙදෙනා බැගින් තෝරා නැවට ගෙන එන්න. උන්ගේ දිවි රැකෙන පිණිස උන් ඔබ සමඟ නැවට ඇතුල් විය යුතුයි.+ 21 සියලු ආහාර වර්ගද එකතු කර නැවට රැගෙන යන්න.+ ඒ ආහාර ද්‍රව්‍ය ඔබටත් සතුන්ටත් කෑමට ගත හැකියි.”+
22 දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය.+