හග්ගයි
2 හත්වන මාසයේ+ විසිඑක්වන දින අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් යෙහෝවා දෙවි මෙම පණිවිඩය දුන්නේය. 2 “යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ටත්+ යෙහොෂාදාක්ගේ+ පුත්‍රයා වූ උත්තම පූජක යොෂුවාටත්+ අන් සියලුදෙනාටත් මෙසේ කියන්න. 3 ‘මීට පෙර මේ ගෘහය මොන තරම් තේජාන්විත තත්වයක තිබුණාද කියා මතක තිබෙන්නේ කාටද?+ දැන් මේ ගෘහයේ තත්වය ගැන ඔබ සිතන්නේ කුමක්ද? නැවත කිසිදාක මේ ගෘහය මුලින් තිබූ තත්වයට ගත හැකියි කියා ඔබ සිතනවාද?’”+
4 “එහෙත් යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. ‘සෙරුබාබෙල්, ධෛර්යවත් වෙන්න.+ උත්තම පූජක යොෂුවා, ඔබත් ධෛර්යවත් වෙන්න.’
“‘දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වී දැන් වැඩ පටන්ගන්න’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
“‘මන්ද මම ඔබ සමඟ සිට ඔබට උපකාර කරන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියන්නේය. 5 ‘ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට එන විට මා ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මතක් කරගන්න.+ එදා මාගේ බලය ලබා දී ඔබට මඟ පෙන්නුවාක් මෙන් අදත් මම ඔබට මඟ පෙන්වන්නෙමි.+ එබැවින් දැන් භය නොවන්න.’”+
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘තව කෙටි කලකින්+ මම නැවත වරක් අහසත් පොළොවත් මුහුදත් ගොඩබිමත් සොලවන්නෙමි.’+
7 “‘මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.+ ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
8 “‘රිදී මාගේය. රන්ද මාගේය’+ කියාද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. ‘මේ අලුත් ගෘහයේ තේජස කලින් තිබුණු ගෘහයේ තේජස අභිභවා යයි.’+
“‘මම මේ ස්ථානයේදී මාගේ සෙනඟට සමාදානය දෙන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසයි.”
10 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ නවවන මාසයේ විසිහතරවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් මෙම පණිවිඩය දුන්නේය. 11 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මේ කාරණය ගැන නීතියේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා පූජකයන්ගෙන් අසා දැනගන්න.+ 12 “මිනිසෙක් දෙවිට කැප කළ මස් කැබැල්ලක් තමාගේ වස්ත්‍රයේ ඔතාගෙන යන විට, ඒ වස්ත්‍රය රොටිවල හෝ හොදිවල හෝ වයින්වල හෝ තෙල්වල හෝ වෙනත් කෑමක හෝ ගෑවුණොත් ඒවා ශුද්ධ තත්වයකට පත් වෙයිද?”’”+
එවිට පූජකයෝ, “නැත” කියා පිළිතුරු දුන්නෝය.
13 එවිට හග්ගයි මෙසේ ඇසුවේය. “මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර තත්වයක සිටින කෙනෙක් ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙන්නේ නැද්ද?”+
එවිට පූජකයෝ, “ඔව්, ඒවා අපවිත්‍ර වෙනවා” කියා පිළිතුරු දුන්නෝය.
14 ඉන්පසු හග්ගයි මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා ඉදිරියේ සිටින මේ ජනතාවත් මේ ජාතියත් සිටින්නේ ඒ හා සමාන තත්වයකය.+ ඔවුන් කරන සියල්ලද ඔවුන් ඔප්පු කරන සියලු පූජාද අපවිත්‍රය.’+
15 “‘නමුත් අද සිට මේ කාරණය ගැන හොඳින් සිතා බලන්න.+ යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ අත්තිවාරම දැමීමට කලින් එය තිබුණු තත්වය ගැන සිතන්න.+ 16 ඒ කාලයේදී ධාන්‍ය මිනුම් විස්සක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ධාන්‍ය ගොඩ අසලට ගිය කෙනෙකුට ලැබුණේ මිනුම් දහයකි. වයින් මිනුම් පනහක් ලබාගැනීමේ අටියෙන් වයින් යන්ත්‍රය ළඟට ගිය කෙනෙකුට ලබාගන්න හැකි වුණේ මිනුම් විස්සකි.+ 17 මම වියළි සුළඟෙන්ද+ දිලීර රෝගයෙන්ද+ හිම කැට වර්ෂාවෙන්ද+ ඔබේ අස්වැන්න විනාශ කළෙමි. ඔබ දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක කළෙමි.+ නමුත් ඔබ අතරෙන් කිසිවෙක්වත් මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
18 “‘යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ අත්තිවාරම දැමූ මේ දවසේ සිට+ එනම්, නවවන මාසයේ විසිහතරවනදා සිට මා ඔබ වෙනුවෙන් කිරීමට යන දේ බලන්න.+ 19 මේ වන විට ධාන්‍ය ගබඩාවේ එක ධාන්‍ය ඇටයක්වත් ඉතුරු වී තිබෙනවාද?+ මිදිවැලේවත් අත්තික්කා ගසේවත් දෙළුම් ගසේවත් ඔලීව ගසේවත් එක ගෙඩියක්වත් දකින්න තිබෙනවාද? නමුත් මේ දවසේ සිට මා ඔබට ආශීර්වාද කරන හැටි බලන්න.’”+
20 ඒ දවසේදීම එනම්, ඒ මාසයේ විසිහතරවන දින+ යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් තවත් පණිවිඩයක් දුන්නේය. 21 “යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ සෙරුබාබෙල්ට+ මෙසේ කියන්න. ‘මම අහසත් පොළොවත් සොලවන්නෙමි.+ 22 මම රාජ්‍යයන් පෙරළා දමා ජාතීන්ගේ බලය සුනුවිසුනු කර දමන්නෙමි.+ අශ්ව රථද ඒවා පදවන්නන්වද විනාශ කරන්නෙමි. අශ්වයෝද අසරුවෝද එක්ව මැරුම් කනු ඇත.+ ඔවුහු එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කන්නෝය.’”+
23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්,+ ඒ දවසේදී වැදගත් කාර්යයක් ඉටු කිරීමට මම ඔබව තෝරාගන්නෙමි.’ යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘මා තෝරාගත් සේවකයා ඔබය.+ එහෙයින් මාගේ ඇඟිල්ලේ පැළද සිටින වටිනා මුද්දක් සේ මම ඔබව සලකන්නෙමි.’+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.”+