හිතෝපදේශ
15 මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+
2 ප්‍රඥාවන්තයන්ගේ දිව දැනුම පතුරවන්නේ ප්‍රයෝජනදායක ලෙසය.+ එහෙත් අඥානයන්ගේ මුවින් පිට වන්නේ මෝඩ කතාමය.+
3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+
4 සන්සුන්ව දිව හසුරුවන තැනැත්තා දිවි රැක දෙයි.*+ එහෙත් හානිකර ලෙස දිව හසුරුවන තැනැත්තා සිත් බිඳ දමයි.+
5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+
6 ධර්මිෂ්ඨයාගේ ගබඩාවේ කිසි හිඟයක් නැත.+ එහෙත් දුෂ්ටයා නෙළන පලදාවෙන් අත් වන්නේ විනාශයයි.+
7 ප්‍රඥාවන්තයාගේ දිව දැනුම දසත පතුරුවයි.+ එහෙත් අඥානයාගේ සිත දැනුමට ප්‍රිය නොකරන්නේය.+
8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+
9 දුෂ්ටයන්ගේ මාර්ග යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ධර්මිෂ්ඨ මාර්ගය අත් නොහරින තැනැත්තාට ඔහු ප්‍රේම කරයි.+
10 නිවැරදි මාර්ගය අත්හැර යන්නා හික්මවීම හෙළාදකියි.+ අවවාදයට ද්වේෂ කරන්නා මිය යන්නේය.+
11 යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+
12 සමච්චල් කරන්නා තමාට අවවාද කරන තැනැත්තාට ප්‍රේම නොකරයි.+ ඔහු ප්‍රඥාවන්තයන් ළඟට යන්න අකමැතිය.+
13 ප්‍රීතිමත් සිතක් මුහුණ පැහැපත් කරයි.+ නමුත් සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි.+
14 කාරණා හොඳින් වටහාගන්න තැනැත්තා දැනුම සොයා යයි.+ නමුත් අඥානයන්ගේ මුඛය මෝඩකමට ආශා කරයි.+
15 නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය.+ එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.+
16 බොහෝ වස්තු රැස් කරගෙන නොසන්සුන් මනසක් ඇතුව සිටිනවාට වඩා+ ස්වල්පයකින් සෑහීමට පත් වී යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම හොඳය.+
17 වෛරයෙන් යුතුව ගව මස්* කනවාට වඩා+ ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය.+
18 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ නමුත් ඉක්මනින් කේන්ති නොගන්නා සණ්ඩුසරුවල් නතර කරයි.+
19 අලසයාගේ මාර්ගය කටු පඳුරු ඇති මඟක් මෙනි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ මාර්ගය කම්කටොලු නැති සමතලා මාවතකි.+
20 ප්‍රඥාවන්ත පුතෙක් තම පියාගේ සිත සතුටු කරයි.+ නමුත් අඥාන තැනැත්තා තම මවව හෙළාදකියි.+
21 අඥානයා* තමාගේ මෝඩ හැසිරීමෙන් ප්‍රීතියක් ලබයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා හරි මඟෙන් ඉවත්ව නොයයි.+
22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+
23 මිනිසෙක් තම මුවින් පිට කරන අදහස් නිසා ප්‍රීතියට පත් වෙයි.+ සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද!+
24 වටහාගැනීමේ ශක්තිය ඇති තැනැත්තා මිනී වළට යන මඟ අත්හැර+ ජීවනයට යන මාර්ගයෙහි ගමන් කරන්නේය.+
25 යෙහෝවා දෙවි තමන්වම උසස් කරගන්න අයගේ නිවස කඩා දමයි.+ නමුත් ඔහු වැන්දඹුවගේ ඉඩමේ මායිම ආරක්ෂා සහිතව තබයි.+
26 දුෂ්ටයන්ගේ කූට උපායන් යෙහෝවා දෙවිට පිළිකුලකි.+ එහෙත් ප්‍රසන්න වචන පවිත්‍රය.+
27 අයුතු ලෙස ලාභ උපයන තැනැත්තා තමාගේම ගෙයි වැසියන්ව විනාශයට පමුණුවයි.+ නමුත් අල්ලසට පිළිකුල් කරන තැනැත්තා තම ජීවිතය රැකගනියි.+
28 ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.+ එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරේ උල්පතකි.+
29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+
30 යහපත් පුවතක්+ ශරීරයට සුවයක් ගෙන දෙයි.*+ ඇස්+ දීප්තිමත් වූ විට සිත ප්‍රීතියෙන් පිනා යයි.+
31 ජීවනය ගෙන දෙන අවවාදවලට කැමැත්තක් දක්වන අය+ ප්‍රඥාවන්තයන්ගේ ඇසුර සොයා යති.+
32 හික්මවීම ප්‍රතික්ෂේප කරන තැනැත්තා+ තමාගේම ජීවිතය සුළු කොට තකන්නේය. එහෙත් අවවාදය පිළිගන්න තැනැත්තාගේ සිත ප්‍රඥාවන්ත වන්නේය.+
33 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා ප්‍රඥාවන්තව හැසිරීමට තමාවම හික්මවාගනී.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+