හිතෝපදේශ
21 රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි.+ ඔහු කැමති කැමති අතට එය හරවන්නේය.+
2 මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+
3 පූජාවට වඩා යෙහෝවා දෙවිට වටින්නේ ධර්මිෂ්ඨකම හා යුක්තියයි.+
4 උඩඟු ඇස් හා අහංකාර සිතක්+ තිබීම පාපයකි. ඒවා දුෂ්ටයන්ට පහනක් මෙනි.+
5 උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.+ එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.+
6 බොරු ගොතමින් වංචා කරමින් රැස් කරගත් වස්තුව සුසුමක් මෙන් විගස අතුරුදහන් වී යයි.+ එසේ වස්තු රැස් කරගන්නා මරණයට අත වනයි.+
7 දුෂ්ටයෝ යුක්තිය එපා කරන්නෝය.+ අනුන්ට කරන අපරාධ ඔවුන්ටම සිදු වී ඔවුන් විනාශ වී යයි.+
8 දෙවිව නාඳුනන කෙනෙකුගේ ක්‍රියා වංකය.+ නමුත් නිර්දෝෂ තැනැත්තාගේ ක්‍රියා අවංකය.+
9 අඬදබර කරන බිරිඳක සමඟ එක ගෙයි වාසය කරනවාට වඩා+ වහල උඩ වාසය කිරීම හොඳය.+
10 දුෂ්ටයා නපුරු දේ කිරීමට බොහෝ සෙයින් ආශා කරයි.+ ඔහු තමාව ඇසුරු කරන අයට කිසි අනුකම්පාවක් නොපෙන්වයි.+
11 සමච්චල් කරන්නාට දඬුවම් කරන්න. අද්දැකීම් අඩු තැනැත්තා එය දැක ප්‍රඥාවන්ත වෙයි.+ ප්‍රඥාවන්ත තැනැත්තෙකුට කාරණා හොඳින් අවබෝධ කර දෙන්න. එවිට ඔහු දැනුම් තේරුම් ඇතුව ක්‍රියා කරයි.+
12 ධර්මිෂ්ඨ තැනැත්තාණන්* දුෂ්ටයාගේ නිවස ගැන සෝදිසියෙන් සිටියි.+ ඔහු දුෂ්ටයන්ව පාගා දමා විනාශයට පමුණුවයි.+
13 අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම්+ ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය.+
14 රහසින් දෙන තෑග්ගක් නිසා කෝපය පහ වී යයි.+ අල්ලසකින්+ උදහස පවා නිවා දැමිය හැක.
15 යුක්තිය ඉටු කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියකි.+ එහෙත් නපුරු දේ කරන අයට අත් වන්නේ භයානක විනාශයකි.+
16 සිහිබුද්ධිය අත්හරින්නා+ මිනී වළට යන්නේය.+
17 විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+
18 ධර්මිෂ්ඨයාව බේරාගැනීමට දුෂ්ටයාව භාර දෙනු ලැබේ.+ ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත ගලවාගැනීමට ද්‍රෝහිකම් කරන අයව දෙනු ලැබේ.+
19 අඬදබර කරන බිරිඳක සමඟ ජීවත් වීමට වඩා කාන්තාරයක තනිව විසීම හොඳය.+
20 ප්‍රඥාවන්තයාගේ නිවසේ අගනා වස්තුවලින්ද තෙල්වලින්ද අඩුවක් නැත.+ නමුත් අඥානයා ඒවා නැති නාස්ති කර දමයි.+
21 ධර්මිෂ්ඨකමටත් කරුණාවටත්* ප්‍රිය කරන තැනැත්තාට+ ජීවනයද යුක්තියද ගෞරවයද ලැබෙයි.+
22 ප්‍රඥාවන්තයෙක් බලවත් නුවරක පවුරට නැඟ එහි වැසියන්ගේ විශ්වාසයට හේතු වූ බලකොටු පවා බිඳ දමයි.+
23 තම වචන කල්පනාකාරීව හසුරුවන තැනැත්තා දුක් කරදරවලින් තම ජීවිතය ආරක්ෂා කරගනියි.+
24 හිස උදුම්මාගෙන විගස කෝපය පිට කරන තැනැත්තාව හඳුන්වන්නේ උද්ධච්ච, පුරසාරම් දොඩන්නෙකු ලෙසය.+
25 අලසයා වැඩ නොකරයි.+ ඒ නිසා ඔහුගේ ආශාවන් ඔහුව මරණයට ළඟා කරයි. 26 දවස පුරාම ඔහුගේ ආශාවන් ඔහු තුළම දැවෙයි. එහෙත් ධර්මිෂ්ඨයා නොමසුරුව දෙන්නේය.+
27 දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+
28 බොරු සාක්ෂිකරුවෙක් විනාශ වී යයි.+ එහෙත් හොඳ අවධානයකින් සවන් දෙන තැනැත්තා සැමදා ජීවත් වෙයි.+
29 දුෂ්ටයා කිසි භයක් නැතුව ක්‍රියා කරයි.+ එහෙත් සාර්ථක වන්නේ ප්‍රතිපත්තිගරුක තැනැත්තාය.+
30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+
31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+