මතෙව්
1 ආබ්රහම්ගෙන්ද+ දාවිත්ගෙන්ද+ පැවතෙන යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපතෙහි වාර්තාව+ මතු දැක්වේ.
2 ආබ්‍රහම්ගේ පුත්‍රයා ඊසාක්ය.+
ඊසාක්ගේ පුත්‍රයා යාකොබ්ය.+
යාකොබ්ගේ පුත්‍රයා යූදාය.+ යාකොබ්ට තවත් පුත්‍රයෝ සිටියෝය.
3 යූදාගේ පුත්‍රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.
පේරෙස්ගේ පුත්‍රයා හෙස්රොන්ය.+
හෙස්රොන්ගේ පුත්‍රයා රාම්ය.+
4 රාම්ගේ පුත්‍රයා අමිනදාබ්ය.
අමිනදාබ්ගේ පුත්‍රයා නාෂොන්ය.+
නාෂොන්ගේ පුත්‍රයා සල්මොන්ය.+
5 සල්මොන්ගේ පුත්‍රයා බෝවස්ය. බෝවස්ගේ මව රාහබ්ය.+
බෝවස්ගේ පුත්‍රයා ඕබෙද්ය. ඕබෙද්ගේ මව රූත්ය.+
ඕබෙද්ගේ පුත්‍රයා යෙස්සේය.+
දාවිත්ගේ පුත්‍රයා සලමොන්ය.+ සලමොන්ගේ මව උරියාගේ බිරිඳව සිටි තැනැත්තියයි.
7 සලමොන්ගේ පුත්‍රයා රෙහබෝවම්ය.+
රෙහබෝවම්ගේ පුත්‍රයා අබියාය.+
අබියාගේ පුත්‍රයා ආසාය.+
යෙහෝෂපාට්ගේ පුත්‍රයා යෙහෝරම්ය.+
යෙහෝරම්ගේ පුත්‍රයා උසියාය.
යෝතම්ගේ පුත්‍රයා ආහස්ය.+
ආහස්ගේ පුත්‍රයා හෙසකියාය.+
10 හෙසකියාගේ පුත්‍රයා මනස්සේය.+
ආමොන්ගේ+ පුත්‍රයා යොෂියාය.
11 යොෂියාගේ+ පුත්‍රයා යෙකොනියාය.+ යොෂියාට තවත් පුත්‍රයෝ සිටියෝය. ඊශ්‍රායෙල්වරුන්ට බැබිලෝනියේ වහල්කමට+ යෑමට සිදු වූයේ එම පුත්‍රයන් සිටි කාලයේදීය.
12 ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියේ වහල්කමට යෑමෙන් පසු වාර්තාව මෙසේය. යෙකොනියාගේ පුත්‍රයා ෂෙයල්ටියල්ය.+
ෂෙයල්ටියල්ගේ පුත්‍රයා සෙරුබාබෙල්ය.+
13 සෙරුබාබෙල්ගේ පුත්‍රයා අබියූද්ය.
අබියූද්ගේ පුත්‍රයා එලියාකිම්ය.
එලියාකිම්ගේ පුත්‍රයා ආෂොර්ය.
14 ආෂොර්ගේ පුත්‍රයා සාදොක්ය.
සාදොක්ගේ පුත්‍රයා ආකීම්ය.
ආකීම්ගේ පුත්‍රයා එලියූද්ය.
15 එලියූද්ගේ පුත්‍රයා එලියාසර්ය.
එලියාසර්ගේ පුත්‍රයා මතන්ය.
මතන්ගේ පුත්‍රයා යාකොබ්ය.
16 යාකොබ්ගේ පුත්‍රයා යෝසෙප්ය. ඔහු මරියාගේ ස්වාමිපුරුෂයා විය.+ ක්‍රිස්තුස් ලෙස හඳුන්වන+ යේසුස්ගේ මව වූයේ මරියාය.
17 මෙසේ මුළු පෙළපත දෙස බැලූ විට ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා දහහතරකි. දාවිත් පටන් ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියේ වහල්භාවයට ගිය කාලය දක්වා පරම්පරා දහහතරකි. බැබිලෝනියේ වහල්භාවයට ගිය කාලයේ පටන් ක්‍රිස්තුස් දක්වා පරම්පරා දහහතරකි.
18 යේසුස් ක්‍රිස්තුස්ගේ උපත සිදු වූයේ මෙලෙසය. ඔහුගේ මව වූ මරියා යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙන+ සිටියාය. නමුත් ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත් වීමට පෙර දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය තුළින් ඇය ගැබ්ගත්තාය.*+ 19 මෙය දැනගත් ඇගේ ස්වාමිපුරුෂයා වූ යෝසෙප් ඇයව දික්කසාද කිරීමට තීරණය කළේය. නමුත් ඔහු ධර්මිෂ්ඨ කෙනෙකු වූ නිසා ඇයව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් නොකර+ රහසින් දික්කසාද කිරීමට+ අදහස් කළේය. 20 ඒ ගැන ඔහු කල්පනා කළ පසු යෙහෝවා දෙවිගේ දූතයා සිහිනයකින් ඔහුට පෙනී මෙසේ කීවේය. “දාවිත්ගේ පුත් යෝසෙප්, කිසි දෙයකට භය නොවන්න. ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්න. මන්ද ඇගේ කුසෙහි සිටින දරුවා පිළිසිඳගෙන ඇත්තේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසයි.+ 21 ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+ 22 මේ සියල්ල සිදු වූයේ යෙහෝවා දෙවි+ තම අනාගතවක්තෘ ලවා+ පැවසූ මේ දේ ඉටු වීම සඳහාය. 23 “කන්‍යාව+ ගැබ්ගෙන පුතෙකු බිහි කරයි. ඔහුට එම්මානුවෙල්+ යන නම තබනු ඇත.” එහි අර්ථය “දෙවි අප සමඟය”+ යන්නයි.
24 නින්දෙන් අවදි වූ යෝසෙප් පසුව යෙහෝවා දෙවිගේ දූතයා නියම කළ ආකාරයටම තම බිරිඳව නිවසට කැන්දාගෙන ආවේය. 25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය.