1 ලේකම්
28 දාවිත් රජ ඊශ්‍රායෙල්හි සියලුම අධිපතීන්ව+ එනම්, ගෝත්‍රවල ප්‍රධානීන්වද+ රජුට සේවය කළ කණ්ඩායම්වල ප්‍රධානීන්වද+ දහසකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්වද+ සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්වද+ රජුට සහ ඔහුගේ පුත්‍රයන්ට+ අයිති වූ සියලුම බඩු බාහිරාදිය හා සතුන් බලාගත් ප්‍රධානීන්වද+ රජමාලිගාවේ සේවය කළ නිලධාරීන්වද+ එඩිතර පුරුෂයන්වද+ අනික් සියලු බලසම්පන්න පුරුෂයන්වද යෙරුසලමට රැස් කළේය. 2 පසුව ඔහු හිඳගෙන සිටි තැනින් නැඟිට ඔවුන්ට මෙසේ පැවසීය.
“මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තැබීම සඳහා ගෘහයක් ගොඩනඟන්න මට ලොකු ආශාවක් තිබුණා.+ එය දෙවිට පා පුටුවක්+ වෙයි කියා මම සිතුවා. ඒ සඳහා මම බොහෝ දේවල් සූදානම් කළා.+ 3 නමුත් දෙවි මට පැවසුවේ මෙසේයි. ‘ඔබ බොහෝ යුද්ධවලට සම්බන්ධ වූ නිසාත් මා ඉදිරියේ විශාල ලෙස ලේ වැගිරෙවූ නිසාත්+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.’+ 4 ඒ වුණත් ඊශ්‍රායෙල් දේශය හැමදාටම පාලනය කිරීමට+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මාගේ පියාගේ සියලු දරුවන් අතරින්+ තෝරාගත්තේ මාවයි. ඊට හේතුව යූදාගෙන් පැවතෙන්නන් අතරින් රාජකීය පෙළපත බිහි කිරීමට දෙවි සැලසුම් කිරීමයි.+ එම පෙළපතින් පැමිණි මගේ පියාගේ+ පුත්‍රයන් අතරින්+ මාව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු ලෙස පත් කරන්න ඔහු තීරණය කළා.+ 5 (යෙහෝවා දෙවි මට පුත්‍රයන් බොහෝදෙනෙකුව දී තිබුණත්)+ ඒ සියලුම පුත්‍රයන් අතරින් මගෙන් පසුව මුළු ඊශ්‍රායෙල් දේශයම රජකම් කිරීමට දෙවි තෝරාගත්තේ මගේ පුත් සලමොන්වයි.+ යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කරන සිංහාසනයේ+ මගෙන් පසුව හිඳගන්නේ ඔහුයි.
6 “දෙවි මට මෙහෙමත් පැවසුවා. ‘මාගේ ගෘහය+ හා ඒ අවට තිබෙන මළු ගොඩනඟන්නේ ඔබේ පුත් සලමොන්ය. මම ඔහුව මාගේ පුත්‍රයෙකු ලෙස තෝරාගත්තෙමි.+ මම ඔහුට පියෙකු වන්නෙමි.+ 7 දැන් ඔහු කරමින් සිටිනවා වගේ හැමදාටම මාගේ ආඥා පිළිපදින්නත්+ මා තීන්දු කර ඇති දේ ඉටු කරන්නත්+ ඔහු අදිටන් කරගන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඔහුගේ රාජකීය පෙළපත සදහටම පිහිටුවන්නෙමි.’+ 8 එසේනම් යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔහුගේ සෙනඟ+ වන ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙත් මේ දේ මම ඔබට පවසනවා. ඔබේ දෙවි වන යෙහෝවා අණ කර ඇති සියලු දේ සොයා බලා ඒවා පිළිපදින්න. එවිට ඔබට මේ සරුසාර දේශය උරුම වෙයි.+ ඒ වගේම එය සදාකාලික උරුමයක් ලෙස ඔබේ පුත්‍රයන්ටත් ලබා දීමට ඔබට හැකි වෙයි.
9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+ 10 මෙය හොඳින් ඔබේ හිතට ගන්න. තම ගෘහය එනම්, ශුද්ධස්ථානය ඉදි කරන්න යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබවයි. ඒ නිසා ධෛර්යවත් වී ඊට අවශ්‍ය පියවර ගන්න.”+
11 දාවිත් රජ ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාවේද+ අනිකුත් ශාලා හා ගබඩා කාමරවලද+ ශුද්ධස්ථානයේ උඩුමහලේ තිබිය යුතු කුටිවලද+ ඇතුල් කාමරවලද අතිශුද්ධස්ථානයේද එනම්, පව්වලට සමාව ලබාගන්නා ස්ථානයේද+ සැලැස්ම+ තම පුත් සලමොන්ට දුන්නේය. 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+ 13 මීට අමතරව පූජකයන්ව හා ලෙවීවරුන්ව යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය සඳහා කණ්ඩායම් වශයෙන් බෙදිය යුතු ආකාරය ගැනත්+ යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිත කළ යුතු සියලුම භාජන ගැනත් මඟ පෙන්වීම් දාවිත් රජු සලමොන්ට දෙන ලදි. 14 විවිධ කාර්යයන් සඳහා භාවිත කරන රන් භාජන සෑදීමට යොදාගත යුතු රන් ප්‍රමාණය ගැනත් රිදී භාජන+ සෑදීමට යොදාගත යුතු රිදී ප්‍රමාණය ගැනත් ඔහු පැහැදිලිව සඳහන් කළේය. 15 රන් පහන් රුක්+ සහ ඒවා මත තබන රන් පහන් සෑදීමට අවශ්‍ය රන් ප්‍රමාණය වෙන් කරන ලදි. රිදී පහන් රුක් සහ ඒවා මත තබන රිදී පහන් සෑදීමට අවශ්‍ය රිදී ප්‍රමාණයද වෙන් කරන ලදි. 16 දෙවිට පුදන රොටි තබන මේසවලට+ අවශ්‍ය රන් ප්‍රමාණයද වෙනත් මේස සෑදීමට අවශ්‍ය රිදී ප්‍රමාණයද වෙන් කරන ලදි. 17 පවිත්‍ර රන් කොකු, පැන් වත් කරන බඳුන්+ හා අනිකුත් බඳුන් සඳහා රන් වෙන් කරන ලදි. එමෙන්ම විවිධාකාර කුඩා බඳුන් සඳහා රන්ද+ විවිධාකාර කුඩා රිදී බඳුන් සඳහා රිදීද වෙන් කරන ලදි. 18 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය+ සඳහාද දෙවිගේ ස්වර්ගීය රථය+ නියෝජනය කරන, පියාපත් විහිදුවාගෙන සිටින කෙරුබ්වරුන්+ සඳහාද පවිත්‍ර රන් නියමිත ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේය. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියට ඉහළින් සිටි මෙම කෙරුබ්වරුන්ගේ පියාපත් වියනක් සේ විහිදී තිබිණ. 19 දාවිත් රජ මෙසේද පැවසුවේය. “මේ සියලු තොරතුරු මම ලියාගත්තේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුවය.+ එම සැලැස්මේ අඩංගු සියලු තොරතුරු හොඳින් තේරුම්ගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් දෙවි මට ලබා දුන්නා.”+
20 දාවිත් රජ තම පුත් සලමොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ධෛර්යවත් වී+ අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා.+ මගේ දෙවි යෙහෝවා ඔබ සමඟයි.+ ඔහු ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු නිම කරන්න ඔබට හැකි වන බව මට ස්ථිරයි. 21 සැබෑ දෙවිගේ ගෘහයේ සේවය කරන පූජකයන්+ හා ලෙවීවරුන්+ කණ්ඩායම් වශයෙන් බෙදා ඇති ආකාරය ගැනත් මම ඔබට විස්තර ලබා දෙන්නම්. දක්ෂ ශිල්පීන්+ රැසක් ගෘහය ඉදි කිරීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිනවා.+ ඔබේ අණට එකඟව ක්‍රියා කිරීමට ප්‍රධානීන්+ හා සියලුම ජනයාද කැමැත්තෙන් සිටිනවා.”