එළිදරව්
22 පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්වූවේය.+ එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්,+ 2 නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන+ ජීවන වෘක්ෂ තිබිණ.+ ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.+
3 තවදුරටත් කිසි ශාපයක් එහි නැත.+ දෙවිගේද+ බැටළු පැටවාගේද සිංහාසනය+ ඒ නුවරෙහි තිබෙනු ඇත. දෙවිගේ දාසයෝද ඔහුට පරිශුද්ධ සේවය පිරිනමනු ඇත.+ 4 ඔවුහු ඔහුගේ මුහුණ දකින්නෝය.+ ඔහුගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙනු ඇත.+ 5 නැවත කිසිවිටක එහි රාත්‍රියක් නොවන්නේය.+ යෙහෝවා දෙවි ඔවුන්ට ආලෝකය දෙන නිසා+ ඔවුන්ට පහන් එළියවත් හිරු එළියවත් අවශ්‍ය වන්නේ නැත. ඔවුහු සදහටම රජකම් කරන්නෝය.+
6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් විශ්වාසවන්තය, සැබෑය.+ ඇත්තෙන්ම අනාගතවක්තෘවරුන්ට+ කතා කිරීමට තම බලය ලබා දෙන+ යෙහෝවා දෙවි, කෙටි කලකින් සිදු විය යුතු දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහා තම දූතයාව එව්වේය.+ 7 බලන්න! මම ඉක්මනින් එමි.+ මෙම ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් පිළිපදින තැනැත්තා සන්තෝෂවත්ය.”+
8 ඒ දේවල් ඇසූ දුටු තැනැත්තා යොහන් වන මමය. මා ඇසූ දුටු ඒ දේවල් මට පෙන්වූ දේවදූතයාට නමස්කාර කිරීමේ අදහසින්+ මම ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි. 9 නමුත් ඔහු මට මෙසේ කීවේය. “පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබගේද අනාගතවක්තෘවරුන්+ වන ඔබේ සහෝදරයන්ගේද මේ ලියවිල්ලෙහි සඳහන් වදන් පිළිපදින අයගේද සෙසු දාසයෙකු පමණි. ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටය.”+
10 ඔහු මට මෙසේද කීවේය. “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් මුද්‍රා නොකරන්න. මන්ද නියමිත කාලය ළඟය.+ 11 අධර්මිෂ්ඨ දේවල් කරන තැනැත්තාට දිගටම අධර්මිෂ්ඨ දේවල් කළ හැකිය.+ අපවිත්‍ර තැනැත්තාට තව තවත් අපවිත්‍ර විය හැකිය.+ නමුත් ධර්මිෂ්ඨ තැනැත්තා+ දිගටම ධර්මිෂ්ඨ දේවල් කළ යුතුයි. ශුද්ධ තැනැත්තා තව තවත් ශුද්ධ විය යුතුයි.+
12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+ 13 මම ඇල්ෆා සහ ඔමේගාද+ පළමුවෙනියා සහ අන්තිමයාද+ පටන්ගැන්ම සහ අවසානයද වෙමි. 14 තම වස්ත්‍ර සෝදා පවිත්‍ර කරගන්නා අය සන්තෝෂවත්ය.+ මන්ද එසේ කිරීමෙන් ජීවන වෘක්ෂ+ වෙත යෑමේ අයිතිය ඔවුන්ට ලැබේ. එසේම නුවරේ දොරටුවලින් නුවර තුළට ඇතුල් වීමටද ඔවුන්ට හැකි වේ.+ 15 පිටත සිටින්නේ නින්දිත ක්‍රියාවල යෙදෙන,*+ භූතවාදී ක්‍රියාවල යෙදී සිටින,+ වේශ්‍යාකම්* කරන,+ මිනී මරන, රූපවලට වඳින, බොරුවට කැමති, බොරුව කරමින් සිටින අයයි.’+
16 “‘යේසුස් වන මම ඔබට මේ දේවල් ගැන සාක්ෂි දැරීම සඳහා මාගේ දූතයාව ඔබ වෙතට එව්වෙමි. එසේ කළේ සහාවන් උදෙසාය. මම දාවිත්ගේ මුලද+ ඔහුගෙන් පැමිණි තැනැත්තාද+ දීප්තිමත් පහන් තාරකාවද වන්නෙමි.’”+
17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+
18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+ 19 එලෙසම යම් කෙනෙක් මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියේ වදන්වලින් යමක් ඉවත් කළොත් දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් කර තිබෙන ජීවන වෘක්ෂවලින්ද+ ශුද්ධ නුවරෙන්ද+ ඔහුට හිමි ආශීර්වාද අහිමි කරන්නේය.
20 “මේ දේවල් ගැන සාක්ෂි දරන තැනැත්තා, ‘එසේය, මම ඉක්මනින් එන්නෙමි’+ කියා පවසයි.”
“ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”
21 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ශුද්ධ තැනැත්තන්ට සැමදා ලැබේවා!+