1 තිමෝති
යමෙක් සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට*+ වෑයම් කරනවා නම් ඔහු කැමැත්තෙන් සිටින්නේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහාය. 2 සභාව රැකබලා ගන්නා කෙනෙක් නිදොස් කෙනෙකු+ විය යුතුයි. ඔහුට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි. ඔහු සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරන,+ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන,+ තම වැඩකටයුතු පිළිවෙළකට ඉටු කරන,+ ආගන්තුක සත්කාරයට ළැදි,+ ඉගැන්වීමට සුදුසුකම් ඇති+ කෙනෙකු විය යුතුයි. 3 ඔහු බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති,+ ගහගන්නෙකු නොවන,+ අසාධාරණ ලෙස කටයුතු නොකරන,+ නිතරම ආරවුල්වලට පැටලෙන්නේ නැති,+ මුදලට ඇල්මක් නොදක්වන,+ 4 තමාගේ නිවසේ සිටින අයව හොඳින් හසුරුවන පුරුෂයෙකු විය යුතුයි.+ ඔහුගේ දරුවන් ඔහුට යටත් වෙමින් ගෞරවනීයව හැසිරෙන අය විය යුතුයි.+ 5 (ඇත්තටම තමාගේම නිවසේ සිටින අයව රැකබලා ගන්න යමෙකු දන්නේ නැත්නම් ඔහු දෙවිගේ සභාව රැකබලා ගන්නේ කෙසේද?) 6 ඔහු මෑතකදී දෙවිට සේවය කිරීමට පටන්ගත් කෙනෙකු* නොවිය යුතුයි.+ එසේ නොවුණොත් ඔහු තුළ අහංකාරකම ඇති විය හැකි අතර+ යක්ෂයාට ලැබුණු විනිශ්චය ඔහුටද ලැබිය හැක.+ 7 එලෙසම ක්‍රිස්තියානි සභාවට අයත් නොවන අය ඉදිරියේද ඔහු හොඳ නමක් දිනාගෙන සිටින කෙනෙකු විය යුතුයි.+ එසේ නොවුණොත් ඔහු නින්දාවට ලක් විය හැකි අතර යක්ෂයාගේ උගුලකටද හසු විය හැක.+
8 එසේම සහායක සේවකයන්ද+ ගෞරවනීයව හැසිරෙන, දිව දෙකේ කතා නොකියන, බොහෝ වයින් බීමට ලොල් නොවූ, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන අය විය යුතුයි.+ 9 එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව+ දෙවිගේ පරිශුද්ධ රහසක්+ වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි.
10 මුලින්ම ඔවුන් සුදුස්සන්ද කියා සෝදිසි කර බැලිය යුතුයි.+ ඔවුන්ට විරුද්ධව කිසි චෝදනාවක් එල්ල වී නැත්නම්+ ඔවුන්ට එවැනි සේවයක් කළ හැක.
11 එසේම ස්ත්‍රීන්ද ගෞරවනීයව හැසිරෙන, කාටවත් නින්දා නොකරන,+ සෑම දෙයකදීම තම සීමාව දැනගෙන+ කටයුතු කරන, සියල්ලේදී විශ්වාසවන්තව කටයුතු කරන+ අය විය යුතුයි.
12 සහායක සේවකයන්ටත් සිටිය යුත්තේ එක භාර්යාවක් පමණි.+ ඔවුන් තම දරුවන්වද තම නිවසේ සිටින අයවද හොඳින් රැකබලා ගන්නා අය විය යුතුයි.+ 13 එසේ හොඳින් සේවය කරන පුරුෂයන්ට සියලුදෙනා ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමටත්+ කිසි බියක් සැකක් නැතුව ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇති තම විශ්වාසය ගැන කතා කිරීමටත්+ හැකියාව ලැබේ.
14 ළඟදීම ඔබව හමු වීමට මා බලාපොරොත්තුවෙන් සිටියත්+ මා මේ දේවල් ඔබට ලියන්නේ, 15 මා හදිසියේ ප්‍රමාද වුණොත් ඔබ දෙවිගේ ගෘහය තුළ කටයුතු කළ යුත්තේ කෙසේද කියා ඔබව දැනුවත් කිරීමටය.+ මන්ද එය ජීවමාන දෙවිගේ සභාවය. එය සත්‍යය උසුලන කණුවක්ද ආධාරකයක්ද වේ.+ 16 ඇත්තෙන්ම දෙවිට භක්තිය දැක්වීම හා බැඳී පවතින මෙම පරිශුද්ධ රහස+ ඉතා ශ්‍රේෂ්ඨය. ‘යේසුස් සියලුදෙනා ඉදිරියේ පෙනී සිටියේ මිනිසෙකු ලෙසය.+ ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස* නැඟිටුවීමෙනි.+ පසුව ඔහු ස්වර්ගයේ සිටින අය ඉදිරියේ පෙනී සිටියේය.+ ඔහු ගැන සියලු ජාතීන්ට දේශනා කරනු ලැබූ අතර+ මිනිස්සු ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔහුව මහත් තේජසකින් ස්වර්ගයට පිළිගනු ලැබීය.’+