යොහන්
2 තුන්වෙනි දින, ගලීලයේ පිහිටි කානා නුවරෙහි+ විවාහ උත්සවයක් පවත්වන ලදි. යේසුස්ගේ මවද+ එයට සහභාගි වූවාය. 2 එම විවාහ උත්සවයට යේසුස්ටත් ඔහුගේ ගෝලයන්ටත් ආරාධනා කර තිබිණ.
3 එම උත්සවය අතරතුරේදී වයින් හිඟ වූ විට, “වයින් ඉවරයි” කියා යේසුස්ගේ මව+ ඔහුට දැන්වූවාය. 4 එවිට යේසුස් තම මවට මෙසේ පැවසුවේය. “ඒ ගැන මට කියන්නේ ඇයි?+ මගේ නියමිත වේලාව තවමත් පැමිණ නැහැ.”+ 5 නමුත් ඔහුගේ මව සංග්‍රහ කරමින් සිටි අයට මෙසේ කීවාය. “ඔහු මොනව හරි කරන්න කිව්වොත් ඒ දේ කරන්න.”+ 6 යුදෙව්වරුන් පනවා තිබූ නීතිරීතිවලට අනුව පවිත්‍ර වීම සඳහා+ අවශ්‍ය වතුර පිරවීමට ගලින් සෑදූ වතුර භාජන හයක් එහි තබා තිබිණ. ඒ එක් භාජනයකට විශාල බාල්දි දෙකක හෝ තුනක හෝ වතුර ප්‍රමාණයක් දැමීමට හැකි විය. 7 යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මේ භාජනවලට වතුර පුරවන්න.” ඔවුහු ඒවායේ කට ළඟටම වතුර පිරෙව්වෝය. 8 එවිට යේසුස්, “දැන් එයින් ටිකක් ගෙන උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන තැනැත්තාට දෙන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහු එසේ කළෝය. 9 උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන තැනැත්තා වයින් බවට හරවා තිබුණු වතුර+ ගෙන එහි රස බැලුවේය. සංග්‍රහ කරමින් සිටි අය සිදු වූ දේ දැන සිටියත් ඔහු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැත. එහෙයින් ඔහු මනමාලයාට අඬගසා, 10 “සාමාන්‍යයෙන් මිනිසුන් මුලින්ම පිළිගන්වන්නේ හොඳම වයින්.+ බාල වයින් දෙන්නේ අමුත්තන් මත් වන තුරු බීවායින් පසුවයි. ඒත් ඔබ දැන් තමයි හොඳ වයින් දෙන්නේ” කියා ඔහුට කීවේය. 11 ගලීලයේ පිහිටි කානා නුවරේදී යේසුස් කළ ඒ දෙය ඔහු කළ බොහෝ ආශ්චර්යයන්වල පළමුවැන්නයි. එයින් ඔහු සතු මහත් බලය සියලුදෙනාටම දැකගත හැකි විය.+ ඔහුගේ ගෝලයෝද ඔහු කෙරෙහි තව තවත් විශ්වාස කරන්න පටන්ගත්තෝය.
12 ඉන්පසු ඔහුද ඔහුගේ මව සහ සහෝදරයෝද+ ඔහුගේ ගෝලයෝද කපර්ණවුම නුවර+ බලා ගමන් කළෝය. නමුත් ඔවුහු එහි බොහෝ දවස් නැවතී සිටියේ නැත.
13 යුදෙව්වරුන්ගේ පාස්කු උත්සවය+ ළඟා වූ විට යේසුස් යෙරුසලම බලා ගමන් කළේය.+ 14 ඔහු දේවමාලිගාවට ගිය විට මිනිසුන් එහි විවිධ සතුන් එනම්, ගවයන්, බැටළුවන් හා පරෙවියන්+ විකුණමින් සිටින ආකාරයද මුදල් මාරු කරන්නන් ඉඳගෙන සිටින ආකාරයද ඔහුට දැකගත හැකි විය. 15 ලණුවලින් කසයක් සාදාගත් ඔහු, බැටළුවන්ව හා ගවයන්ව විකුණමින් සිටි සියලුදෙනාව දේවමාලිගාවෙන් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ කාසි බිමට හළා ඔවුන්ගේ මේසද පෙරළා දැමුවේය.+ 16 ඔහු පරෙවියන් විකුණමින් සිටි අයට මෙසේ පැවසුවේය. “මේ දේවල් මෙහෙන් ඉවත් කරන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක්+ හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”+ 17 එවිට, “ඔබගේ ගෘහය කෙරෙහි මට ඇති ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි”+ කියා ලියා තිබෙන දේ ඔහුගේ ගෝලයන්ට මතක් විය.
18 එවිට යුදෙව්වරු, “ඔබට මේ වගේ දේවලුත් කරන්න අයිතියක් තිබෙනවා කියා ඔප්පු කරන්න ඔබ මොන වගේ ලකුණක්ද අපට දෙන්නේ”+ කියා ඔහුගෙන් ඇසූහ. 19 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “මේ දේවමාලිගාව කඩා දමන්න.+ එතකොට දවස් තුනකින් මම එය නැවත ගොඩනඟනවා.” 20 එවිට යුදෙව්වරු, “මේ දේවමාලිගාව ගොඩනඟන්න අවුරුදු හතළිස්හයක්ම ගත වුණා. ඔබ එය දවස් තුනකින් ගොඩනඟන්නේ කොහොමද” කියා ඇසූහ. 21 නමුත් දේවමාලිගාව ගැන සඳහන් කරමින් ඔහු කතා කළේ තමාගේ ශරීරය ගැනයි.+ 22 යේසුස් පැවසූ ඒ දේ ඔහුගේ ගෝලයන්ට මතක් වුණේ+ ඔහුව මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ පසුවයි. එවිට ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබූ දේවල්ද යේසුස් පැවසූ දේවල්ද ඔවුහු විශ්වාස කළෝය.
23 පාස්කු උත්සවය පවත්වන කාලයේ+ යේසුස් යෙරුසලමෙහි සිදු කළ ආශ්චර්යයන් දැක+ බොහෝදෙනෙක් ඔහුව පිළිගෙන ඔහුව විශ්වාස කළෝය.+ 24 නමුත් යේසුස් ඒ සියලුදෙනාව හොඳින් හඳුනාගත් නිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කළේ නැත.+ 25 ඒ අය ගැන දැනගැනීමට අන් අයගෙන් කිසි තොරතුරක් යේසුස්ට අවශ්‍ය වූයේද නැත. එයට හේතුව වූයේ යේසුස්ට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ තේරුම්ගත හැකි වූ නිසාය.+