මතෙව්
18 ඒ පැයේදීම ගෝලයෝ යේසුස් ළඟට ඇවිත්, “ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා කවුද”+ කියා ඇසූහ. 2 එවිට ඔහු කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා, ඔහුව ඔවුන් මැද සිටුවා,+ 3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ වෙනස් වී කුඩා දරුවන් හා සමාන වන්නේ නැත්නම්+ ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න කිසි ලෙසකින්වත් හැකි වන්නේ නැති බවයි.+ 4 එමනිසා ඕනෑම කෙනෙක් මේ කුඩා දරුවා මෙන් නිහතමානී+ වෙනවා නම් ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේ ඔහුයි.+ 5 මා නිසා* යමෙකු කුඩා දරුවෙකු මෙන් සිටින කෙනෙකුව මගේ අනුගාමිකයෙකු ලෙස පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා.+ 6 නමුත් යම් කෙනෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන අයගෙන් එක් කෙනෙක් හෝ වැටී ගියොත්* බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක්+ ඔහුගේ බෙල්ලේ එල්ලා ඔහුව මහ මුහුදේ+ ගිල්වා දැමීම වඩාත් හොඳයි.
7 “මිනිසුන්ව වරදට පොලඹවන මේ ලෝකයට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! ඕනෑම කෙනෙක් වරදට පෙලඹෙන්න ඉඩ තිබෙන බව ඇත්තයි.+ නමුත් වරදක් කිරීමට අන් අයව පොලඹවන තැනැත්තාට මොන තරම් දරුණු ප්‍රතිඵල අත් වෙයිද!+ 8 එසේනම් ඔබේ අත නිසා හෝ ඔබේ පය නිසා හෝ ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම්* එය කපා අහකට විසි කරන්න.+ මන්ද ඔබ අත පය ඇතුව සදාකාල ගින්නට+ හෙළනු ලබනවාට වඩා කොර වූ කෙනෙකු ලෙස හෝ අබ්බගාතයෙකු ලෙස ඔබට ජීවනය හිමි වෙනවා නම් එය වඩාත් හොඳ නැද්ද? 9 ඔබේ ඇස නිසා ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම්* එයද උගුලා අහකට විසි කරන්න. මන්ද ඔබේ දෑස් ඇතුව ගිනිමය ගෙහෙන්නාවට*+ හෙළනු ලබනවාට වඩා එක ඇසක් නැතුව වුණත් ඔබට ජීවනය හිමි වෙනවා නම් එය වඩාත් හොඳය. 10 මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න. මන්ද ඔවුන්ව රැකබලා ගන්නා ස්වර්ගයෙහි සිටින ඔවුන්ගේ දේවදූතයන්+ නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහියි.+ 11 ——
12 “ඔබ සිතන්නේ කුමක්ද? යම් මිනිසෙකුට බැටළුවන් සියදෙනෙකු සිටිද්දී උන්ගෙන් එකෙකු මංමුළා වී ගියොත්+ ඔහු අනික් අනූනවදෙනාට කඳුවල ඉන්න හැර මංමුළා වී ගිය+ බැටළුවා සොයා යන්නේ නැද්ද? 13 ඌව සොයාගත්තොත් අනික් අනූනවදෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඔහු සොයාගත් ඒ එක බැටළුවා ගැන ප්‍රීති වන+ බව මම ඔබට සහතිකවම කියනවා. 14 එලෙසම කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.+
15 “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී+ ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.+ 16 නමුත් ඔහු එය පිළිගන්නේ නැත්නම් තවත් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ඔහුව හමු වීමට යන්න. එසේ කළ යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් සෑම කාරණයක්ම ස්ථිර වන නිසයි.+ 17 ඔහු ඔවුන් කියන දේත් පිළිගන්නේ නැත්නම් සභාවට දැනුම් දෙන්න. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් වෙනත් ජාතිකයෙකු+ හා බදු එකතු කරන්නෙකු+ හා සමානව ඔහුට සැලකිය යුතුයි.
18 “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ යම් දෙයක් බැඳ තැබුවොත් එය ඒ වන විටත් ස්වර්ගයෙහි බැඳ තබා ඇති බවයි.* ඔබ පොළොවේදී යම් දෙයක් නිදහස් කළොත් එය නිදහස් බව ඒ වන විටත් ස්වර්ගයෙහි තීරණය කර තිබෙනවා.*+ 19 නැවතත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ අතරෙන් දෙදෙනෙකු යම් බැරෑරුම් කාරණයක් ගැන එකඟතාවකට පැමිණ ඒ ගැන ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගෙන් ඉල්ලීමක් කළොත් ඔහු ඔවුන්ට එම ඉල්ලීම ඉටු කර දෙන බවයි.+ 20 එසේම දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටියොත්+ ඔවුන් අතරෙහි මමත් සිටිනවා.”+
21 එවිට පේතෘස් ඔහු ළඟට ඇවිත්, “ස්වාමීනි, මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කොපමණ වතාවක් සමාව දිය යුතුද?+ හත් වරක් දක්වා සමාව දුන්නොත් සෑහෙයිද”+ කියා ඇසුවේය. 22 යේසුස් ඔහුට මෙසේ කීවේය. “මා ඔබට කියන්නේ, හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න+ කියායි.
23 “තම දාසයන් සමඟ ගණන් හිලව් බලන්න+ අවශ්‍ය වූ රජෙකුට+ ස්වර්ග රාජ්‍යය සමාන වන්නේ ඒ නිසයි. 24 ඔහු ගණන් හිලව් බලන්න පටන්ගත් විට තමන්ට තලෙන්ත* දසදහසක් [එනම් ඩිනාරි* 6,00,00,000ක්] ණයව සිටි දාසයෙකුව ඔහු වෙතට ගෙනෙනු ලැබුවා. 25 නමුත් ඔහුට එය ගෙවන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහුවද ඔහුගේ බිරිඳවද ඔහුගේ දරුවන්වද ඔහුට අයිති සියල්ලද විකුණා එය ගෙවන මෙන් ඔහුගේ ස්වාමියා වූ ඒ රජ අණ කළා.+ 26 නමුත් ඒ දාසයා බිම වැටී ඔහුට වැඳ, ‘අනේ, මට තව කල් දෙන්න. මම ඔබට ඒ සියල්ල ගෙවන්නම්’ කියා පැවසුවා. 27 ස්වාමියාට ඒ දාසයා ගැන මහත් අනුකම්පාවක් ඇති වූ නිසා ඔහුව නිදහස් කර+ ඔහුගේ ණය පවා අහෝසි කළා.+ 28 නමුත් ඒ දාසයා තමන්ට ඩිනාරි සියයක්+ ණයව සිටි වෙන දාසයෙකුව සොයාගෙන ගොස් ඔහුව අල්ලාගෙන ඔහුගේ බෙල්ල මිරිකමින්, ‘මගේ ණය ගෙවන්න’ කියා පැවසුවා. 29 ඒ දාසයා දණින් වැටී, ‘අනේ, මට තව කල් දෙන්න.+ ඒ ණය මම ඔබට ගෙවන්නම්’ කියා බැගෑපත්ව ඉල්ලා සිටියා. 30 නමුත් ඔහු එසේ කිරීමට අකමැතිව ණය ගෙවන තුරු ඔහුව සිරගෙයි දමන්න පියවර ගත්තා. 31 සිදු වූ දේ දුටු අනික් දාසයෝ බොහෝ සෙයින් දුක් වී ස්වාමියා වෙතට ගොස් සිදු වූ සියල්ල ඔහුට දැන්වූවා.+ 32 එවිට ස්වාමියා ඔහුව කැඳවා, ‘ඔබ ඉතා දුෂ්ට දාසයෙක්! ඔබ මාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි විට මම ඔබේ මුළු ණයම අහෝසි කර දැමුවා. 33 මා ඔබට අනුකම්පා කළා වගේම+ ඔබත් ඒ දාසයාට අනුකම්පා කරන්න තිබුණා+ නේද?’ 34 උදහසට පත් ඒ ස්වාමියා,+ ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තුරු ඔහුව සිරගෙයි භාරකරුවන්ට භාර දුන්නා. 35 ඔබ එකිනෙකාත් තම තමාගේ සහෝදරයාට ඔබේ මුළු හදවතින්ම සමාව නොදුන්නොත්+ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ද ඔබට එසේම කරයි.”+