එෆීස
4 ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස සිරදඬුවම් විඳින+ මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ කැඳවීමට+ ඔබින ආකාරයකින් ඔබේ ගමන යන ලෙසය.+ 2 ඒ අනුව ඔබ නිතරම නිහතමානිකමින්,+ මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින්+ සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්+ සිටිය යුතුයි. 3 එලෙසම දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත්* මහත් වෑයමක් දැරිය යුතුයි.+ 4 ඇත්තේ එක ශරීරයක්ය.+ ක්‍රියාත්මක වන්නේ එක බලයක්ය.+ එලෙසම කැඳවනු ලැබූ ඔබ සියලුදෙනාටම ඇත්තේ එක බලාපොරොත්තුවක්ය.+ 5 සිටින්නේ එක ස්වාමියෙක්ය.+ අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය.+ ඇත්තේ එක බව්තීස්මයක්ය.+ 6 සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක්+ සහ එකම පියාණන්ය. සියලුදෙනාටම ඉහළින් සිටින්නේ ඔහුය. එලෙසම සියලුදෙනා මාර්ගයෙන් ක්‍රියා කරන්නේ ඔහුය. සියලුදෙනා තුළ ක්‍රියා කරන්නේ ඔහුගේ බලයය.
7 ක්‍රිස්තුස් තුළින් නොමිලේ ලැබුණු දීමනාව අපට බෙදා දී ඇති ආකාරයට අනුව+ අප සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව ලැබී ඇත.+ 8 ඒ ගැන* මෙසේ පවසා ඇත. “ඔහු ඉහළට නැඟ ගිය විට ඔහු වහලුන්ව රැගෙන ගියේය. ඔහු පුරුෂයන්ව තෑගි වශයෙන් දුන්නේය.”+ 9 ‘ඔහු නැඟ ගියේය’+ කියා පැවසීමෙන් ඔහු පහළ එනම්, පොළෝගැබෙහි සිටි බව අදහස් වෙයි.+ 10 ඒ අනුව ඉහළට+ එනම්, මුළු මහත් ස්වර්ගයටත් වඩා ඉහළටම+ නැඟ ගියේ බැස ආ තැනැත්තාමය. ඔහු එසේ කළේ සියලුම දේවල් ඔහු තුළින් සම්පූර්ණ වීම සඳහාය.+
11 එහෙයින් ඔහු සමහරුන්ව නියෝජිතයන්* ලෙසද+ සමහරුන්ව අනාගතවක්තෘවරුන් ලෙසද+ සමහරුන්ව ශුභාරංචිය දේශනා කරන්නන් ලෙසද+ සමහරුන්ව එඬේරුන් ලෙසද සමහරුන්ව ගුරුවරුන් ලෙසද+ සභාවට ලබා දුන්නේය. 12 එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත්+ අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත.+ 13 එහි ප්‍රතිඵලයක් ලෙස අප විශ්වාස කරන දේ සම්බන්ධයෙන්ද දෙවිගේ පුත්‍රයා ගැන අපට තිබෙන නිවැරදි දැනුම සම්බන්ධයෙන්ද අප සියලුදෙනාටම එක්සත්ව සිටීමට හැකියාව ලැබේ. එමගින් අපි ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන,+ හොඳින් වැඩුණු+ අවබෝධයෙන් ක්‍රියා කරන පුරුෂයෝ වන්නෙමු. 14 එලෙසම අප තවදුරටත් කුඩා දරුවන් මෙන් කටයුතු නොකළ යුතුයි. අප එසේ කටයුතු කළොත් අන් අයව වැරදි දේවලට නොමඟ යැවීමේ අදහස ඇතුව ඉතා සූක්ෂ්ම ලෙස කපටිකමින්+ විවිධ දේවල් උගන්වන+ මිනිසුන්ට අප හසු විය හැක. අපි සුළඟට ඒ මේ අත ගසාගෙන යන+ මුහුදේ රළ මෙන් වනු ඇත. 15 ඒ වෙනුවට අපි දිගටම සත්‍යය කතා කරමින්ද+ සියලු දේවල හිස ලෙස කටයුතු කරන+ ක්‍රිස්තුස්ව අනුගමනය කරමින්ද ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.+ 16 ක්‍රිස්තුස් මාර්ගයෙන් මුළු ශරීරයම+ එකට බැඳී පවතින අතර එහි සෑම අවයවයක්ම තමාට නියමිත වූ කාර්යයන් ඉටු කරමින් සහයෝගයෙන් ක්‍රියා කරයි. සෑම අවයවයක්ම එලෙස තමාට නියම වූ කාර්යය නිසි ලෙස ඉටු කරන විට මුළු ශරීරයේම වර්ධනයට එය දායක වෙයි. එසේ එකිනෙකා අතර තිබෙන ප්‍රේමයෙන් මුළු ශරීරයම ශක්තිමත්ව වැඩෙයි.+
17 එහෙයින් මා ඔබට පවසන මේ දේට සවන් දෙන්න. මා ස්වාමීන් ඉදිරියෙහි ඔබට උනන්දු කරන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්+ පුහු ආකල්ප දරමින් තම ජීවිතය ගත කරන්නා සේ+ ඔබත් ඔබේ ජීවිත ගත නොකළ යුතු බවය. 18 ඔවුන්ගේ මනස් අන්ධකාරයෙන් වැසී තිබෙන අතර+ ඔවුහු දෙවි ලබා දෙන ජීවනයෙන් ඈත් වී සිටිති.+ එසේ වන්නේ ඔවුන් නොදැනුවත්කමින්+ සිටීමට උත්සාහ කරන නිසාත් ඔවුන් තම සිත් දැඩි කරගෙන තිබෙන නිසාත්ය.+ 19 කිසිම හැඟීමක් දැනීමක් නැති+ ඔවුහු නින්දිත+ ක්රියාකලාපයකට සම්පූර්ණයෙන්ම වහල් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු කෑදරකමින් යුතුව+ සියලු ආකාරයේ අපවිත්‍ර ක්‍රියාවල+ නිරත වූහ.
20 නමුත් ඔබ ඉගෙනගෙන ඇති ආකාරයට ක්‍රිස්තුස් එවැනි කෙනෙක් නොවේ.+ 21 ඔබ ඔහුට සවන් දී ඔහුගෙන් ඉගෙනගත්තා නොවේද?+ මන්ද සත්‍යය ගැන දැනගැනීමට එකම මඟ+ යේසුස්ය. 22 ඒ අනුව ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි.+ මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා+ ඔබ තව තවත් පිරිහීමට ලක් විය.+ 23 එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි.+ 24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.
25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+ 26 ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න.+ ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.+ 27 යක්ෂයාට කිසි ඉඩක් නොදෙන්න.+ 28 සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි.+ ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ+ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.+ 29 ඔබේ මුවින් කිසි අසභ්‍ය* වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න.+ ඒ වෙනුවට සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.+ 30 මීට අමතරව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.+ මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු+ බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ+ ඒ බලයෙනි.
31 දැඩි වෛරය,+ උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා+ මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.+ 32 ඒ වෙනුවට එකිනෙකාට කරුණාවද+ ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න.+ එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.+