1 රාජාවලිය
11 සලමොන් රජ වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළේය.+ ඔහු පාරාවෝගේ දියණියව+ පමණක් නොව මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්,+ සීදොන්+ හා හිත්තී ජාතික+ ස්ත්‍රීන්වද විවාහ කරගත්තේය. 2 “ඔවුන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්න එපා.+ ඔබ එසේ කළොත් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුහු ඔබේ සිත හරවාගනු ඇත”+ කියා යෙහෝවා දෙවි වෙනත් ජාතීන් සම්බන්ධයෙන් ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබිණ. එහෙත් දෙවි ඇසුරු කරන්න එපා කියා පැවසූ ඒ ජාතීන් සමඟ සලමොන් රජ කිට්ටු බැඳීමක් ඇති කරගත්තේය.+ 3 ඔහුට භාර්යාවෝ හත්සියයක් සිටියෝය. ඒ සියලුදෙනා කුමාරිකාවෝ වූහ. ඔහුට උපභාර්යාවෝ තුන්සියයක්ද සිටියෝය. ඔවුහු ක්‍රමක්‍රමයෙන්+ සලමොන්ගේ සිත දෙවි වෙතින් වෙනතකට හරවාගත්තෝය. 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත. 5 ඔහු සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක වන අෂ්ටොරෙත්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වන මිල්කොම්ටද+ නමස්කාර කිරීමට පටන්ගත්තේය. 6 මෙසේ සලමොන් රජ, යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ+ කළේය. ඔහු තම පියා වූ දාවිත් මෙන් යෙහෝවා දෙවිට මුළු හදවතින්ම නමස්කාර කළේ නැත.+
7 සලමොන් රජ යෙරුසලම ඉදිරියේ+ පිහිටි කන්දෙහි+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත+ දෙවියෙකු වූ කෙමොෂ්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වූ මෝලෙක්ටද පූජනීය ස්ථාන+ ගොඩනැඟුවේය. 8 තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් හා පුදපූජා ඔප්පු කරමින්+ සිටි වෙනත් ජාතීන්ට අයත් තම භාර්යාවන්+ සියලුදෙනාටම ඔහු පූජනීය ස්ථාන සාදා දුන්නේය.
9 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා දෙවරක්ම සලමොන් රජු ඉදිරියේ පෙනී සිටියත්+ සලමොන් රජුගේ සිත දෙවි වෙතින් ඈත් වී තිබිණ.+ යෙහෝවා දෙවි සලමොන් සමඟ බොහෝ සේ උදහස් විය.+ 10 මන්ද වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන ලෙස යෙහෝවා දෙවි ඔහුට අණ කර තිබුණත්+ ඔහු ඊට කීකරු වූයේ නැත. 11 එබැවින් යෙහෝවා දෙවි සලමොන් රජුට මෙසේ කීවේය. “ඔබ මාගේ ගිවිසුම කඩ කරමින් මා ඔබට දුන් පනත්වලට කීකරු නොවූ නිසා මම අනිවාර්යයෙන්ම රාජ්‍යය ඔබේ අතින් උදුරාගෙන ඔබේ සේවකයාගේ අතට දෙමි.+ 12 නමුත් ඔබේ පියා වන දාවිත්ට මා දුන් පොරොන්දුව නිසා+ මම ඒ දේ ඔබේ ජීවිත කාලයේදී නොකරන්නෙමි.+ ඔබේ පුත්‍රයාගේ අතින් මම රාජ්‍යය උදුරාගන්නෙමි.+ 13 නමුත් මම මුළු රාජ්‍යයම ඔහුගේ අතින් නොගන්නෙමි.+ මාගේ සේවක දාවිත්ව හා මා තෝරාගත් නුවර වන යෙරුසලම මම අමතක නොකරන්නෙමි.+ ඒ නිසා මම ඔබේ පුත්‍රයාට පාලනය කිරීමට එක ගෝත්‍රයක් දෙන්නෙමි.”+
14 ඉන්පසු යෙහෝවා දෙවි සලමොන්ට+ එදිරිවාදිකම් පෑමට+ ඒදොම් ජාතික හදද්ගේ සිත පෙලඹුවේය. රජ පෙළපතේ කෙනෙකු වූ හදද්, ඒදොම් දේශයේ+ පදිංචිව සිටියදී 15 දාවිත් ඒදොම් දේශයට පැමිණ එහි වැසියන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ ඒ අවස්ථාවේදී මැරුම් කෑ අයව වැළලීමට පැමිණි හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ්, ඒදොම්හි ඉතුරුව සිටි සියලුම පුරුෂයන්ව මරා දමන්න උත්සාහ කළේය.+ 16 ඒදොම්හි විසූ පුරුෂයන් සියලුදෙනාවම මරා දමන පිණිස යෝවාබ් සහ මුළු ඊශ්‍රායෙල් හමුදාවම මාස හයක් එහි නැවතී සිටියෝය. 17 නමුත් හදද් ඔහුගේ පියාගේ සේවකයන් වූ ඒදොම් ජාතික පුරුෂයන් කිහිපදෙනෙකු සමඟ ඊජිප්තුව වෙතට පලා ගියේය. (එම සිද්ධිය වන කාලයේදී හදද් කුඩා දරුවෙකු විය.) 18 ඔවුහු මිදියන්+ දේශයේ සිට පාරාන් දේශයට+ පැමිණ, පාරාන් දේශයෙන් තවත් පුරුෂයන්ව එකතු කරගෙන ඊජිප්තුවේ රජු වූ පාරාවෝ වෙත ගියෝය. පාරාවෝ ඔහුට නිවසක්ද බිම් කොටසක්ද කෑම බීමද දිගටම සැපයුවේය. 19 හදද්, පාරාවෝගේ සිත කොතරම් දිනාගත්තාද+ කිවහොත් පාරාවෝ තමාගේ භාර්යාව වූ තාපෙනෙස් බිසවගේ සහෝදරියව ඔහුට විවාහ කර දුන්නේය.+ 20 කල් යත්ම තාපෙනෙස් බිසවගේ සහෝදරිය ඔහුට දාව පුතෙකු බිහි කළාය. ඔවුහු ඔහුට ගෙනුබත් යන නම තැබුවෝය. තාපෙනෙස් බිසව, පාරාවෝගේ නිවසේදීම ඒ දරුවාව හදා වඩා ගත්තාය. ගෙනුබත්, පාරාවෝගේ පුත්‍රයන් සමඟ එකට වැඩුණේය.+
21 කල් යත්ම දාවිත් රජු+ සහ හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ් මිය ගිය බව+ ඊජිප්තුවේදී හදද්ට ආරංචි විය. එවිට හදද්, “මගේ රටට යන්න මට අවසර දෙන්න”+ කියා පාරාවෝට කීවේය. 22 එහෙත් පාරාවෝ, “ඔබේ රටට යන්න හදන්නේ ඔබට මගෙන් කුමක් හෝ අඩුවක් සිදු වූ නිසාද” කියා ඔහුගෙන් ඇසුවේය. ඔහුද, “නැහැ. මට මගේ රටට යන්න අවසර දෙන්න” කියා පිළිතුරු දුන්නේය.
23 දෙවි සලමොන්ට එදිරිවාදිකම් පෑමට තවත් කෙනෙකුව පෙලඹුවේය.+ ඔහු එලියාදාගේ පුත් රෙෂොන්ය. ඒ වන විට ඔහු සිය ස්වාමියා වූ ෂොබා දේශයේ+ රජු වන හදද්එෂෙර්+ වෙතින් පලා ගොස් සිටියේය. 24 ෂොබාහි මිනිස්සු දාවිත් අතින් මැරුම් කෑවෝය.+ ඒ කාලයේදී රෙෂොන්, ෂොබාහි මිනිසුන් කිහිපදෙනෙකුව එකතු කරගෙන කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් සාදාගත්තේය. ඔහු එම කණ්ඩායමේ ප්‍රධානියා විය. ඒ පිරිස දමස්කයට+ ගොස් එහි පදිංචි වූ අතර ටික කලකට පසුව එහි රජකම පැහැරගත්තෝය. 25 රෙෂොන්, සිරියාවේ රජව සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ට වෛර කළේය.+ සලමොන් රජුගේ පාලන සමය පුරාම ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැඟී සිටියේය.+ ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ට හදද්ගේ එදිරිවාදිකම්වලටද මුහුණ දීමට සිදු විය.
26 රජුට විරුද්ධව කැරලිගැසූ තවත් කෙනෙක් සිටියේය.+ ඔහුගේ නම යෙරොබොවම්ය.+ ඔහු ෂෙරේදා නුවරෙන් පැමිණි, එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් නෙබාත්ගේ පුත්‍රයාය. වැන්දඹුවක වූ ඔහුගේ මවගේ නම ෂෙරුවාය. යෙරොබොවම්, සලමොන් රජුගේ සේවකයෙකු විය.+ 27 ඔහු රජුට විරුද්ධව කැරලිගැසුවේ මේ හේතුව නිසාය. සලමොන් රජ නුවරේ සීමා* වටාද+ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරේ පවුර වටාද+ යම් ඉදි කිරීම් කටයුතු සිදු කළේය. 28 යෙරොබොවම් නිර්භීත, මනා සවි ශක්තියෙන් හෙබි මිනිසෙකි.+ මේ තරුණයා හොඳින් වෙහෙස මහන්සි වී වැඩ කරන බව සලමොන් රජු දුටු විට+ යෝසෙප්ගෙන් පැවත ආ,+ සේවයට බඳවාගත් සියලුදෙනාගේම+ වැඩකටයුතු බලා කියා ගැනීමට රජ ඔහුව පත් කළේය.+ 29 දිනක් යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට ගියේය. මඟදී ෂීලෝ නගරයෙහි වැසියෙකු+ වූ අහියා+ නම් අනාගතවක්තෘවරයාව ඔහුට මුණගැසිණ. ඒ අවස්ථාවේදී අහියා අලුත් පිටත වස්ත්‍රයක් ඇඳ සිටියේය. ඔවුන් දෙදෙනා කෙතක තනිව සිටිද්දී 30 අහියා තමා පැළඳ සිටි අලුත් වස්ත්‍රය ගලවා එය කොටස් දොළොසකට+ ඉරුවේය.+ 31 ඉන්පසු ඔහු යෙරොබොවම්ට මෙසේ කීවේය.
“ඔබ මෙයින් කොටස් දහයක් ගන්න. මන්ද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘මම සලමොන්ගේ අතින් රාජ්‍යය උදුරාගන්නෙමි. රාජ්‍යයෙන් ගෝත්‍ර දහයක් මම ඔබේ අතට දෙන්නෙමි.+ 32 නමුත් මාගේ සේවක දාවිත්ව+ හා මා තෝරාගත් නුවර වන යෙරුසලම+ අමතක නොකරන්නෙමි. ඒ නිසා සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරින් එක ගෝත්‍රයක්+ පමණක් ඔහුට දෙන්නෙමි. 33 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල්වරුන් මාව අත්හැර+ සීදොන් ජාතිකයන්ගේ දේවතාවිය වන අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් ජාතිකයන්ගේ දෙවි වූ මිල්කොම්ටත්+ නමස්කාර කරන නිසාය. ඔවුහු සලමොන් රජුගේ පියා වූ දාවිත් මෙන් ක්‍රියා කළේ නැත. ඔවුහු මාගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්නේවත් මා යහපත්යයි සලකන දේ කරන්නේවත් නැත. ඔවුහු මාගේ පනත් සහ තීන්දු නොසැලකුවෝය. 34 එහෙත් මා තෝරාගත්, මාගේ සේවක දාවිත් මාගේ ආඥා හා පනත්වලට කීකරු වූ නිසා මම ඔහුගෙන් මුළු රාජ්‍යයම පැහැර නොගන්නෙමි. මම සලමොන්ට ඔහුගේ ජීවිත කාලය පුරා අධිපතියෙකු ලෙස ජීවත් වීමට ඉඩ දෙමි.+ 35 නමුත් මම ඔහුගේ පුත්‍රයාගේ අතින් රාජ්‍යය පැහැරගෙන එයින් ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.+ 36 නමුත් මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මා තෝරාගත් නුවර+ වන යෙරුසලමේ මාගේ සේවක දාවිත්ගෙන් පැවතෙන්නෙකු* මා ඉදිරියේ දිගටම පාලනය කරන පිණිස+ මම සලමොන්ගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් පාලනය කිරීමට ඉඩහරින්නෙමි. 37 එහෙත් ඊශ්‍රායෙල්හි රජු හැටියට මම පත් කරන්නේ ඔබවයි. ඔබ කැමති සියලු ප්‍රදේශ ඔබට පාලනය කිරීමට පුළුවන.+ 38 ඔබත් මාගේ සේවක දාවිත් මෙන් මා ඔබට අණ කරන සියලු දේට කීකරු වී මාගේ පනත් සහ ආඥා පවත්වන්න. මා යහපත්යයි සලකන සියල්ල කර, මා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ එවිට මම ඔබ සමඟ සිටින්නෙමි.+ මම දාවිත්ගේ පෙළපත තුළ රජකම ස්ථිර කළාක් මෙන් ඔබේ පෙළපත තුළත් රජකම ස්ථිර කරන්නෙමි.+ ඊශ්‍රායෙල්හි පාලනය මම ඔබට දෙන්නෙමි. 39 දාවිත්ගේ පෙළපතේ අය කරන දුෂ්ට දේවල් නිසා+ මම ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්නෙමි. නමුත් ඒ ලැජ්ජාව සැමදාටම නොපවතිනු ඇත.’”+
40 සලමොන් රජ, යෙරොබොවම්ව මරා දැමීමට තීරණය කළේය.+ ඒ ගැන ආරංචි වී යෙරොබොවම් ඊජිප්තුවට පලා ගොස්+ එහි රජු වූ ෂීෂක්ගේ+ ආරක්ෂාව පැතුවේය. ඔහු සලමොන් රජු මිය යන තෙක් ඊජිප්තුවේ සිටියේය.
41 සලමොන් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ සියල්ල හා ඔහුගේ ප්‍රඥාව ගැනද ඔහුගේ ඉතිහාසය අඩංගු ලියවිල්ලෙහි සඳහන් කර තිබේ. 42 සලමොන් රජ යෙරුසලමේ සිට අවුරුදු හතළිහක් පුරා මුළු ඊශ්‍රායෙල් සෙනඟ පාලනය කළේය.+ 43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය.