2 සාමුවෙල්
7 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසා දාවිත් රජ සතුරු උවදුරුවලින් තොර සාමකාමී ජීවිතයක් භුක්ති වින්දේය.+ ඔහුට තමන්ටම කියා නිවසක්ද+ තිබිණ. 2 පසුව රජ, අනාගතවක්තෘ නාතන්ට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරමක+ තියෙද්දී මම දේවදාර ලීවලින් සෑදූ නිවසක+ ජීවත් වෙනවා.” 3 එවිට නාතන්, “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබේ හිතේ තියෙන සියල්ල ඉටු කරගන්න”+ කියා දාවිත් රජුට කීවේය.
4 එදින රාත්‍රියේ යෙහෝවා දෙවි නාතන්ට මෙසේ කීවේය.+ 5 “ඔබ මාගේ සේවකයා වන දාවිත්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. “මට වාසය කිරීමට ඔබ නිවසක් සෑදිය යුත්තේ මන්ද?+ 6 මම ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනා දවසේ සිට අද වන තුරු+ නිවසක වාසය නොකළෙමි. මම එදා සිටම කූඩාරමක+ වාසය කරමින් තැනින් තැනට ගමන් කළෙමි.+ 7 ඊශ්‍රායෙල්වරුන් සමඟ තැනින් තැන ගමන් කළ ඒ කාලයේදී,+ ‘මට දේවදාර ලීවලින් නිවසක් නොසෑදුවේ මන්ද’ කියා මා කිසි දිනක අසා තිබේද? මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය රැකබලා ගැනීමට පත් කළ එක ගෝත්රයකින්වත්+ මා එවැනි දෙයක් අසා තිබේද?”’ 8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි. 9 ඔබ යන්නේ කොතැනටද මමත් එතැනට ඔබ සමඟ එන්නෙමි.+ ඔබේ සියලු සතුරන්ව ඔබ ඉදිරියේම විනාශ කර දමන්නෙමි.+ මිහිපිට ජීවත් වන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන්ට මෙන් ඔබටත් මම ශ්‍රේෂ්ඨ නාමයක් ලබා දෙන්නෙමි.+ 10 මම මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට ජීවත් වීමට ස්ථානයක්+ වෙන් කර හැමදාටම ඔවුන්ව එහි පදිංචි කරවන්නෙමි.+ කිසි කෙනෙකුගෙන් හිරිහැරයක් නොමැතිව ඔවුහු එහි දිගටම ජීවත් වනු ඇත. දුෂ්ටයෝ යළි කෙදිනකවත් ඔවුන්ට හිරිහැර කරන්නේ නැත.+ 11 මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගැනීමට මා විනිශ්චයකරුවන්ව පත් කළ+ කාලයේ සිට මේ දක්වාම ඔවුන් එලෙස පීඩා වින්ද නමුත් නැවත එසේ සිදු නොවනු ඇත. සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් මම ඔබට ලබා දෙන්නෙමි.+
“‘“යෙහෝවා දෙවි වන මම ඔබෙන් රාජකීය පෙළපතක්+ බිහි කරන්නෙමි. ඒ බව යෙහෝවා දෙවි වන මමම ඔබට ස්ථිර ලෙස පොරොන්දු වෙමි. 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+ 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+ 14 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔහු අතින් වරදක් සිදු වුණොත් පියවරුන්* තම පුත්‍රයන්ට වේවැලෙන් දඬුවම් කරන්නාක් මෙන් මම ඔහුට අවවාද කර ඔහුව හික්මවන්නෙමි.+ 15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි. 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+
17 දෙවි, නාතන්ට හෙළි කළ මේ සියලු දේවල් ඔහු දාවිත් රජුට දැන්වූවේය.+
18 නාතන් ඔහු සමඟ කතා කළ පසු දාවිත් රජ නිවස තුළට ගොස් හිඳගෙන, යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළේය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ මා වෙනුවෙන් මෙතරම් දේවල් කරන්න මම කවුද?+ මම උසස් පවුලකින් පැවතෙන කෙනෙක් නෙමෙයි. ඔබ දුන් ආශීර්වාද ලබන්න තරම් මම වටින්නේ නැහැ. 19 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මා වෙනුවෙන් මෙතරම් දේවල් ඔබ කර තිබියදීත් මගේ පෙළපත දීර්ඝ කාලයක් පුරා පවතිනවා කියාත් ඔබ දැන් මට දැන්නුවා. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ගත් ඒ තීරණය මුළු මිනිස් වර්ගයාටම බලපානවා.+ 20 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ සේවකයාව හොඳින් අඳුනනවා.+ මම ඔබට තව කුමක් කියන්නද? 21 ඔබ මේ සෑම පුදුම දෙයක්ම කළේ ඔබේ කැමැත්තට එකඟවයි.+ ඔබ ඒ දේවල් කළේ ඔබේ වචනය ඉටු කිරීම සඳහායි.+ ඔබේ සේවකයා වන මටත් දැන් ඒ සියල්ල ඔබ දැන්නුවා.+ 22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨයි.+ ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ.+ අපි වෙනත් බොහෝ දෙවිවරුන් ගැන අසා තිබුණත් ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ 23 ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සමාන තවත් ජාතියක් සිටීද?+ ඔබ ඔවුන්ව ඔබේ සෙනඟ කරගන්නා පිණිස ඔවුන්ව ගලවාගෙන+ ඔවුන් වෙනුවෙන් බිය උපදවන පුදුමාකාර දේවල් කළා.+ එසේ කිරීමෙන් ඔබ ඔබටම ශ්‍රේෂ්ඨ නාමයක් ඇති කරගත්තා.+ ඔබ ඊජිප්තුවෙන් බේරාගත්+ ඔබේ සෙනඟ වෙනුවෙන් අවට ජාතීන්වත් ඔවුන්ගේ දෙවිවරුන්වත් දේශයෙන් පන්නා දැමුවා. 24 ඔබ ඊශ්‍රායෙල්වරුන්ව හැමදාටම ඔබේම සෙනඟ ලෙස භාරගත්තා.+ යෙහෝවා දෙවියනි, දැන් ඔවුන්ගේ දෙවි ඔබයි.+
25 “යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා ගැනත් ඔහුගෙන් පැවතෙන පෙළපත ගැනත් ඔබ කියූ දේ එලෙසම ඉටු වේවා! ඔබ කියූ දේ හැමදාටම ස්ථිර වේවා!+ 26 ඔබේ නාමය සදහටම ශ්‍රේෂ්ඨ නාමයක් ලෙස පවතීවා!+ එවිට සෙනඟ, ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සැබවින්ම ඊශ්‍රායෙල්හි දෙවිය’+ කියා පවසයි. ඔබේ සේවකයා වන මාගේ පෙළපත ඔබ ඉදිරියේ ස්ථිර කරනු ලැබේවා!+ 27 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ‘මම ඔබෙන් රාජකීය පෙළපතක් බිහි කරන්නෙමි’+ කියා ඔබ මට පැවසුවා. මෙලෙස යාච්ඤා කරන්න තරම් මට ධෛර්යයක් ලැබුණේ ඔබ කිරීමට යන දේ ගැන ඔබේ සේවකයාට දැන්වූ නිසයි.+ 28 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. මේ යහපත් දේවල් කරන බවට ඔබේ සේවකයාට දුන් පොරොන්දු+ සැබෑ වේවා!+ 29 විශ්වයේ පාලකයාණෙනි, යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාගේ පෙළපත හැමදාටම ඔබ ඉදිරියේ පවතින පිණිස+ එයට ආශීර්වාද කරන්න.+ ඔබ පොරොන්දු වුණ ලෙසම ඔබේ සේවකයාගේ පෙළපතට හැමදාටම ඔබේ ආශීර්වාද ලැබේවා!”+