යෙරෙමියා
18 යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට ලැබුණු පණිවිඩය මෙයයි. 2 “ඔබ කුඹල්කරුගේ නිවසට යන්න.+ එහිදී මාගේ පණිවිඩය ඔබට කියන්නෙමි.”
3 එබැවින් මම කුඹල්කරුගේ නිවසට ගියෙමි. මා එහි ගිය විට ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේය. 4 ඔහු සාදමින් සිටි මැටි බඳුන ඔහු සිතූ ආකාරයටම නොසෑදුණු නිසා ඔහු ඒ මැටිම භාවිත කර තමන් කැමති ආකාරයේ වෙනත් බඳුනක් තැනුවේය.+
5 එවිට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 6 “‘ඊශ්‍රායෙල් ජනයෙනි, මේ කුඹල්කරු ඔහු අතේ තිබූ මැටි පිඩට කළ දේම ඔබටත් කිරීමට මට නොහැකිද’ කියා යෙහෝවා දෙවි වන මම ඔබෙන් අසමි. ‘ඊශ්‍රායෙල් ජනයෙනි, තම අතේ තිබෙන මැටි පිඩට කැමති දෙයක් කිරීමට කුඹල්කරුට අයිතියක් තිබෙන්නාක් මෙන් ඔබ සම්බන්ධයෙන් කැමති දෙයක් කිරීමට මටද අයිතියක් තිබේ.+ 7 ජාතියක් හෝ රාජ්‍යයක් පෙරළා දමා එය විනාශ කර දමන බව යම් අවස්ථාවක මා ප්‍රකාශ කළත්+ 8 ඒ ජාතිය තමන් ගිය වැරදි මාර්ගවලින් ඉවත් වී හරි මාර්ගයට පැමිණියොත්+ මම ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට ගත් තීරණය වෙනස් කරමි.+ 9 එමෙන්ම යම් ජාතියක් හෝ රාජ්‍යයක් නඟා සිටුවා, එය ස්ථිරවම පිහිටුවන බව යම් අවස්ථාවක මා ප්‍රකාශ කළත්+ 10 ඒ ජාතිය මට අකීකරු වී දුෂ්ට දේවල් කළොත්+ මම ඔවුන් වෙනුවෙන් යහපත් දේ කිරීමට ගත් තීරණය වෙනස් කරමි.’
11 “යූදා හා යෙරුසලමේ වැසියන්ට මේ දේවල් පවසන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ පිටට විපත්තියක් ගෙන ඒමට මම තීරණය කළෙමි.+ එබැවින් ඔබ ගමන් කරන දුෂ්ට මාවත්වලින් ඉවත් වී යහපත් ලෙස හැසිරෙන්න කියා මම ඔබෙන් ඉල්ලමි. ජනයෙනි, හරි මාර්ගයේ ගමන් කරන්න.”’”+
12 නමුත් සෙනඟ මෙසේ පැවසුවෝය. “ඔය දේවල්වලින් අපට වැඩක් නැහැ.+ අපේ දුෂ්ට සිතුවිලිවලට අනුව අපි කැමති දෙයක් කරනවා. අපි යන්නේ අපි කැමති මාර්ගයෙයි.”+
13 එබැවින් යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “එවැනි වදන් කිසිවෙකු මීට පෙර අසා ඇද්ද කියා වෙනත් ජාතීන්ගෙන් විමසා බලන්න. ඊශ්‍රායෙල් සෙනඟ කළේ මොන තරම් පිළිකුල්සහගත දෙයක්ද!+ 14 ලෙබනොන්හි උස් කඳු මත ඇති හිම කිසිදාක නැති වී යයිද? දුර ඈත සිට ගලා එන සිසිල් දිය පහර කෙදිනක හෝ සිඳී යයිද? 15 නමුත් මාගේම සෙනඟ මාව අමතක කළෝය.+ ඔවුහු නිෂ්ඵල දේවලට සුවඳ දුම් ඔප්පු කරමින්+ සෙනඟව නොමඟ යැවූහ.+ ඔවුහු පුරාණයේ සිට ගමන් කළ නිවැරදි මාර්ගයෙන්+ ඉවත් වී ගල් බොරලු ඇති වැරදි මාර්ගවල ගමන් කළෝය. 16 එබැවින් ඔවුන්ගේ දේශයට සිදු වන විපත දකින සියලුදෙනාම පුදුමයට පත් වනු ඇත.+ දේශය සදහටම සියල්ලන්ගේ නින්දාවට ලක් වන්නේය.+ එය පසු කර යන සෑම කෙනෙක්ම සිදු වී ඇති විපත දෙස පුදුමයෙන් බලා සමච්චලේට මෙන් හිස වනනු ඇත.+ 17 නැඟෙනහිරින් හමන සුළඟින් සියල්ල විසිරී යන්නාක් මෙන් මම මේ සෙනඟව ඔවුන්ගේ සතුරන් ඉදිරියේ සීසීකඩ විසුරුවාහරින්නෙමි.+ ඔවුන්ගේ විපත්ති දවසේදී මම ඔවුන්ට පිටුපාන්නෙමි.”+
18 එවිට ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “එන්න, අපි යෙරෙමියාට උගුලක් අටවමු.+ අපිට නීතිය උගන්වන්න පූජකයන් සිටිනවා.+ අපිට මඟ පෙන්වන්න ප්‍රඥාවන්තයන් සිටිනවා. අනාගතවක්තෘවරුන් අපට අනාවැකි කියනවා.+ ඒ නිසා යෙරෙමියා කියන කිසි දේකට ඇහුම්කන් දෙන්න අපට අවශ්‍ය නැහැ. එන්න, අපි ඔහුට විරුද්ධව චෝදනා කරමු.”+
19 යෙහෝවා දෙවියනි, මා සිටින මේ තත්වය සැලකිල්ලට ගන්න. මගේ සතුරන් මට විරුද්ධව පවසන දේවල්වලට ඔබේ සවන් යොමු කරන්න.+ 20 මා කළ යහපත් දේවල්වලට මට ලැබිය යුත්තේ මෙවැනි නපුරු ප්‍රතිඵලද?+ ඔවුන්ට විරුද්ධව ඇති වූ ඔබේ උදහස නිවා දමන පිණිස මා ඔවුන් වෙනුවෙන් ඔබ ඉදිරියේ කන්නලව් කළ ආකාරය සිහි කරන්න.+ නමුත් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ බොරු වළවල් හාරා මාව හසු කරගැනීමටය.+ 21 ඒ නිසා ඔවුන්ගේ පුත්‍රයන් පිටට සාගත පමුණුවන්න.+ ඔවුන්ව කඩුවෙන් විනාශ වී යෑමට සලස්වන්න.+ ඔවුන්ගේ භාර්යාවෝ වැන්දඹුවන් වෙත්වා! ඔවුන්ගේ දරුවන් අහිමි වී ඔවුහු හඬා වැලපෙත්වා!+ පුරුෂයෝ වසංගතවලින් මරණයට පත් වෙත්වා! තරුණයෝ යුද්ධයේදී කඩු පහරට ලක් වෙත්වා!+ 22 ඔබ හදිසියේම සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධව කැඳවන විට ඔවුන්ගේ නිවෙස්වලින් කෑ මොර ගැසීමක් ඇසේවා!+ මන්ද ඔවුහු මාව හසු කරගැනීමට බොරු වළවල් හාරා ඇත. මගේ පාද පටලවා මාව බිම හෙළීමට ඔවුහු උගුල් අටවා ඇත.+
23 යෙහෝවා දෙවියනි, මාව මරා දැමීමේ අරමුණින් ඔවුන් කරන කුමන්ත්‍රණ සියල්ල ඔබ හොඳින් දන්නෙහිය.+ ඔවුන් කළ වරදට කිසිම සමාවක් නොදෙන්න. ඔවුන් කළ පාපය මකා නොදමන්න. ඔවුන්ගේ වැටීම ඔබ ඉදිරියේම සිදු වේවා!+ ඔබේ උදහස වගුරුවන දවසේදී ඔවුන්ට දඬුවම් කරන්න.+