1 තෙසලෝනික
4 සහෝදරයෙනි, හැසිරිය යුතු ආකාරය ගැනත්+ දෙවිව සතුටු කළ යුතු ආකාරය ගැනත් ඔබ අපගෙන් ඉගෙනගෙන ඇති අතර ඔබ ඇත්තෙන්ම ක්‍රියා කරන්නේ ඊට එකඟවය. අවසාන වශයෙන් අප ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙත් ඔබට උනන්දු කරන්නෙත් වඩාත් හොඳින් එලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන්න කියාය.+ 2 මන්ද ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් අප ඔබට අණ කළ දේවල්+ ගැන ඔබ නොදන්නවා නොවේ.
3 දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව* සිටිනවාටය.+ එහෙයින් ඔබ වේශ්‍යාකමින්* වැළකී සිටිය යුතුයි.+ 4 සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව+ හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි.+ 5 දෙවිව හඳුනන්නේ නැති+ ජාතීන් කරන්නා සේ+ කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.+ 6 එවැනි ආශාවක් නිසා කිසිවෙකු තම සහෝදරයාට විරුද්ධව හානිකර දෙයක් නොකළ යුතුයි.+ මන්ද එය ඔහුට විරුද්ධව කරන මහත් වරදකි. අප කලින් ඔබට ඉතා පැහැදිලිව විස්තර කළා සේ+ යෙහෝවා දෙවි එවැනි දේවල් කරන අයට දඬුවම් කරනු ඇත.+ 7 මන්ද දෙවි අපව කැඳෙව්වේ අපවිත්‍ර ලෙස හැසිරීමට නොව ශුද්ධව සිටීම සඳහාය.+ 8 එහෙයින් ඒ දේවල් නොසලකාහරින තැනැත්තා+ නොසලකාහරින්නේ මිනිසාව නොව තම බලය+ ඔබට ලබා දෙන දෙවිවය.+
9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+ 10 ඇත්තෙන්ම ඔබ මැසිඩෝනියාව පුරා සිටින සියලු සහෝදරයන්ට ප්‍රේමය දක්වන්නහුය. නමුත් සහෝදරයෙනි, අප ඔබට උනන්දු කරන්නේ වැඩි වැඩියෙන් එසේ කරන්න කියාය. 11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්‍රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න. 12 එසේ කිරීමෙන් පොදු ජනයා ඉදිරියේ+ ගෞරවනීය ජීවිතයක් ගත කරමින්+ කිසි දෙයකින් අඩුපාඩුවක් නොමැතිව සිටීමට+ ඔබට හැකි වේ.
13 සහෝදරයෙනි, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට සිදු වන දේ ගැන ඔබ අවබෝධයෙන් සිටිනවාට කැමැත්තෙමු.+ එවිට කිසි බලාපොරොත්තුවක් නැති වෙනත් අය මෙන් ශෝකයෙන් සිටීමට ඔබට සිදු වන්නේ නැත.+ 14 යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු බව අප විශ්වාස කරනවා නම්+ මරණය නමැති නින්දෙහි සැතපී සිටින යේසුස් සමඟ එකට බැඳී සිටින අයවත් ඔහු සමඟ සිටීමට දෙවි නැවත ජීවත් කරවන බව අප විශ්වාස කළ යුතුයි.+ 15 යෙහෝවා දෙවි පවසන දේ+ පදනම් කරගෙන අප ඔබට කියන්නේ මෙයයි. ස්වාමීන් පැමිණ සිටින කාලය*+ අතරතුරේදී ජීවත්ව සිටින අප, මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට කලින් නැඟිටින්නේ නැත. 16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+ 17 ඉන්පසු ජීවතුන් අතර සිටින අපව+ ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා+ වලාකුළු අතරට+ ඔසවාගනු ලැබේ.+ ඒ අනුව අපි නිරතුරුවම ස්වාමීන් සමඟ සිටින්නෙමු.+ 18 එහෙයින් මේ වදන්වලින් එකිනෙකාව සනසවන්න.