ගීතාවලිය
සේරාගෙන් පැවතෙන්නෙකු වූ ඒතන්+ රචනා කළ මස්කිල්.
89 යෙහෝවා දෙවි පෙන්වූ ප්‍රේමය* ගැන මම සැමදා ගී ගයන්නෙමි.+
පරම්පරාවක් පරම්පරාවක් පාසා මම ඔහුගේ විශ්වාසවන්තකම ගැන ප්‍රකාශ කරන්නෙමි.+
2 “ඔබේ අතිමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+
ඔබේ විශ්වාසවන්තකම ස්වර්ගයේ ස්ථිර ලෙස පිහිටුවා තිබෙන්නේය” කියා මම කීවෙමි.+
3 දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+
මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+
4 ‘මම ඔබේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+
ඔබේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතින ලෙස සුරකින්නෙමි.’”+ සීලාහ්.
5 යෙහෝවා දෙවියනි, ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන ස්වර්ගය පවා ඔබට ප්‍රශංසා කරන්නේය.+
එසේය, රැස්ව සිටින ශුද්ධ තැනැත්තෝ පවා ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෝය.
7 ශුද්ධ තැනැත්තන්ට දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුය.+
ඔහු වටා සිටින සියල්ලන්ට වඩා ඔහු අතිශ්රේෂ්ඨය.+ ගරුබියක් උපදවන තැනැත්තාද ඔහුය.
8 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි,+
ඔබ මෙන් ශක්තිමත් කෙනෙක් තවත් සිටීද?+
යෙහෝවා දෙවියනි, ඔබ සැමවිටම විශ්වාසවන්තය.+
10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+
ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+
12 උතුරෙත් දකුණෙත් ඇති දේවල් නිර්මාණය කළේ ඔබය.+
තාබෝර්+ සහ හෙර්මොන්+ ඔබේ නාමයට ප්‍රශංසා කරමින් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+
15 ප්‍රීති ඝෝෂාවන්ට හවුල් වන්නෝ සන්තෝෂවත්ය.+
යෙහෝවා දෙවියනි, ඔබේ මුහුණෙන් විහිදෙන ආලෝකයෙන් ඔවුහු ගමන් කරන්නෝය.+
16 ඔබේ නාමය නිසා ඔවුහු දවස මුළුල්ලේම ප්‍රීතියෙන් සිටින්නෝය.+
ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔබ ඔවුන්ව උසස් කරනු ලබන්නෙහිය.+
19 යම් කලකට ඉහතදී දර්ශනයක් මාර්ගයෙන් ඔබට පක්ෂපාත
අයට ඔබ මෙසේ කීවෙහිය.+
“බලවන්තයෙකු මාර්ගයෙන් මම උපකාර කරමි.+
ජනයා අතරින් තෝරාගත් කෙනෙකුව උසස් කළෙමි.+
20 මාගේ සේවක දාවිත්ව මම තෝරාගත්තෙමි.+
මාගේ ශුද්ධ තෛලයෙන් මම ඔහුව අභිෂේක කළෙමි.+
21 මාගේ හස්තය සැමවිටම ඔහු සමඟ වන්නේය.+
මම ඔහුව ශක්තිමත් කරන්නෙමි.+
24 මම ඔහුට ප්‍රේමය* පෙන්වමින් ඔහු සමඟ විශ්වාසවන්තව කටයුතු කරමි.+
මාගේ නාමය නිසා ඔහුගේ සවිය වැඩි වන්නේය.+
29 මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+
අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+
30 නමුත් ඔහුගේ පුත්‍රයෝ මාගේ නීතිය කඩ කරමින්+
මාගේ අණපනත්වලට එකඟව ක්‍රියා නොකරන්නේ නම්,+
31 මාගේ නියෝග කඩ කරමින්
මාගේ ආඥා නොසලකාහරින්නේ නම්,
32 මට ගණන් දීමට ඔවුන්ට සිදු වනු ඇත. මම වේවැලෙන් ඔවුන්ගේ වරදට දඬුවම් කරන්නෙමි.+
ඔවුන්ව හික්මවන්නෙමි.+
37 විශ්වාසවන්ත සාක්ෂිකරුවෙකු සේ අහසේ පෙනී සිටින සඳ මෙන්
එය සැමදා ස්ථිරව පවතින්නේය.” සීලාහ්.
46 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට අපෙන් ඈත්ව සිටින්නෙහිද? සදහටම ඔබ එසේ සිටින්නෙහිද?+
ඔබේ උදහස ගින්නක් සේ අපට විරුද්ධව සැමදා ඇවිළෙයිද?+
49 යෙහෝවා දෙවියනි, ඔබ කලින් පෙන්වූ ප්‍රේමය* දැන් අපට නොපෙන්වන්නේ මන්ද?
විශ්වාසවන්ත කෙනෙකු වූ ඔබ ප්‍රේමය පෙන්වන බවට දාවිත්ට පොරොන්දු වූවා නොවේද?+
50 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන් අද්දකින නින්දාව සිහි කරන්න.+
බොහෝදෙනෙකු කරන නින්දාවන් මම මාගේ ළයෙහි දරාගෙන සිටිමි.+
51 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් කළ නින්දා අපහාස අමතක නොකරන්න.+
ඔබේ අභිෂේක ලත් තැනැත්තා කළ සෑම දෙයකටම ඔවුහු නින්දා කළෝය.+
52 සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා! ආමෙන්, ආමෙන්.+