එළිදරව්
20 දේවදූතයෙකු අගාධයේ යතුරද+ මහත් දම්වැලක්ද අතැතිව ස්වර්ගයෙන් බැස එන ආකාරය මට දැකගත හැකි විය. 2 ඔහු මකරාව+ එනම්, යක්ෂයා ලෙසද+ සාතන් ලෙසද+ හඳුන්වන මුල් සර්පයාව අල්ලා+ අවුරුදු දහසකට බැඳ තැබුවේය. 3 ඔහු මකරාව අගාධයට හෙළා+ එය වසා මුද්‍රා කළේය. ඔහු එසේ කළේ අවුරුදු දහස අවසන් වන තුරු ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඔහුට ඉඩ නොදීම සඳහාය. ඉන්පසු මකරාව කෙටි කලකට මුදාහැරිය යුතුයි.+
4 එවිට මම සිංහාසන දුටුවෙමි.+ එම සිංහාසන මත යම් පිරිසක් හිඳගත්තෝය. විනිශ්චය කිරීමට බලය ඔවුන්ට දෙන ලදි.+ ඇත්තෙන්ම මා ඒ දුටුවේ පොරොවෙන් මරා දමා තිබූ අයවය. ඔවුන්ව එසේ මරා දමා තිබුණේ ඔවුන් යේසුස් ගැන දැරූ සාක්ෂිය නිසාත් දෙවි ගැන කතා කළ නිසාත්ය. ඔවුහු මෘගයාටවත්+ උගේ රූපයටවත්+ නමස්කාර නොකළ, තම නළලෙහිවත් අතෙහිවත් සලකුණ දමා නොගත් අය වෙති.+ ඔවුහු නැවත ජීවත් වී ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කළෝය.+ 5 පළමුවෙනි+ නැවත නැඟිටීම එයයි. (මිය ගොස් සිටි අනික් අය+ ජීවමාන වූයේ අවුරුදු දහස අවසන් වීමෙන් පසුවය.)+ 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
7 අවුරුදු දහස අවසන් වූ වහාම සාතන්ව සිරගෙයින් නිදහස් කරනු ලබන්නේය. 8 ඔහු පිටත් වී පොළොවේ සතරදිග්භාගයේ විසිර සිටින ගොග් සහ මාගොග් යන ජාතීන්ව නොමඟ යවා යුද්ධයක් සඳහා ඔවුන්ව රැස් කිරීමට පියවර ගන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය.+ 9 ඔවුහු පොළොවේ දස දෙසින් පැමිණ ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරද+ ප්‍රිය වූ නුවරද වැටලුවෝය.+ නමුත් ස්වර්ගයෙන් ගිනි ඇවිත් ඔවුන්ව නැති කර දැමුවේය.+ 10 ඔවුන්ව නොමඟ යවමින් සිටි යක්ෂයාවද+ ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනු ලැබීය. ඒ වන විටත් මෘගයා+ හා බොරු අනාගතවක්තෘවරයා එහි සිටියෝය.+ ඔවුන්ට සදාකාලයටම දිවා රෑ දෙකෙහිම වධ විඳීමට සිදු වේ.
11 එවිට මම සුදු පැහැති මහත් සිංහාසනයක්ද ඒ මත ඉඳගෙන සිටි තැනැත්තාවද දුටුවෙමි.+ ඔහු ඉදිරියෙහි තිබූ අහසත් පොළොවත් පලා ගියේය.+ ඒවාට කිසි තැනක් සොයාගත නොහැකි විය. 12 ඉන්පසුව මිය ගිය සියලු තරාතිරම්වල අය+ සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය.+ මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.+ 13 මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය.+ සියලුදෙනාව විනිශ්චය කරනු ලැබුවේ තමන් කළ ක්‍රියාවලට අනුවය.+ 14 ඉන්පසු මරණය+ සහ මිනී වළ ගිනිවිලට+ හෙළනු ලැබුවේය. ඒ ගිනිවිලෙන් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.+ 15 ජීවන ලියවිල්ලෙහි+ සඳහන් වී නැති සියලුදෙනාවද ගිනිවිලට හෙළන ලදි.+