ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි. මස්කිල්.*
32 වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාපය දෙවි මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය.+
2 යමෙකු කළ වරදක් යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.+
යමෙකුගේ සිතේ කිසි වංචාවක් නැත්නම් ඔහු සන්තෝෂවත්ය.+
3 මාගේ වරද ගැන මා නිහඬව සිටි කාලයේදී දවස පුරා මට දැනුණු වේදනාව නිසා මාගේ ඇටකටු දිරා ගියේය.+
4 ඔබේ අප්රසාදයට මා ලක් වූ නිසා එය දිවා රෑ දෙකේම මාගේ සිතට මහත් බරක් විය.+
ගිම්හානයේදී තද රශ්මියට තෙතමනය වියළී යන්නාක් මෙන් මාගේ ශක්තිය හීන වී ගියේය.+ සීලාහ්.
5 අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි.+
“මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි”+ කියා කීවෙමි.
එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.+ සීලාහ්.
6 මෙය දකින පක්ෂපාත සියල්ලෝ
ඔබේ අනුමැතිය දිනාගැනීමට ප්රස්තාව තිබෙන කාලයේදී+ නොපමාව ඔබට යාච්ඤා කරනු ඇත.+
මහා ජල කන්දරාවක් ඔවුන් පිටට පැමිණියත් ඔවුන්ට කිසි හානියක් සිදු නොවනු ඇත.+
7 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය.+
ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්රීති ඝෝෂා මැද සිටින්නෙමි.+ සීලාහ්.
8 ඔබ මෙසේ කීවෙහිය. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි.+
මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.+
9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+
කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+
මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්රියා නොකරන්න.”+