රෝම
1 මෙම ලිපිය ඔබට ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක්+ සහ දෙවිගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට විශේෂයෙන්ම තෝරාගත්+ නියෝජිතයෙකු*+ ලෙස කැඳවනු ලැබූ+ පාවුල් වන මමය. 2 ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති ආකාරයට දෙවි ඒ ශුභාරංචිය ගැන අතීතයේ සිටි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්+ පොරොන්දුවක් දුන්නේය. 3 ඒ ශුභාරංචිය ඔහුගේ පුත්‍රයා පිළිබඳවය. ඔහු මිනිසෙකු ලෙස+ ඉපදුණේ දාවිත්ගේ පෙළපතින්ය.+ 4 නමුත් දෙවිගේ අතිශුද්ධ බලයේ+ ප්‍රබල ක්‍රියාකාරිත්වයෙන්+ ඔහුව මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ විට+ ඔහු දෙවිගේ පුත්‍රයා බව තහවුරු විය.+ එසේය, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්, 5 මටත් මහත් කරුණාවක් ලැබුණු අතර+ ඔහුගේ නියෝජිතයෙකු වීමේ ප්‍රස්තාවද ලැබිණ.+ එමගින් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට+ ඔහු කෙරෙහි විශ්වාසය තබා ඔහුට කීකරු වීමේ ප්‍රස්තාව උදා විය. එයින් ඔහුගේ නාමයටද ගෞරවය ලැබෙයි. 6 එසේම මේ ජාතීන් අතරෙන් යේසුස් ක්‍රිස්තුස්ට අයිති වන අය වීමට ඔබවත් කැඳවා ඇත. 7 එහෙයින් දෙවි බොහෝ සෙයින් ප්‍රේම කරන ශුද්ධ තැනැත්තන් ලෙස+ කැඳවනු ලැබූ+ රෝමයේ සිටින ඔබ සියලුදෙනා වෙතට මම මෙසේ ලියමි.
අපේ පියාණන් වන දෙවිගෙන් හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්+ ඔබ සියලුදෙනාටම මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+
8 මුලින්ම ඔබ සියලුදෙනා උදෙසා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාගේ දෙවිට ස්තුති කරන්න කැමැත්තෙමි.+ මන්ද ඔබ තුළ තිබෙන විශ්වාසය ගැන ලොව පුරා සිටින සියලුදෙනාම කතා කරති.+ 9 දෙවිට හද පත්ලෙන්ම පරිශුද්ධ සේවයක් පිරිනමමින් ඔහුගේ පුත්‍රයා පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන මම, ඔබ ගැන නිතරම මාගේ යාච්ඤාවලදී සඳහන් කරන්නෙමි.+ දෙවි ඊට සාක්ෂි දෙයි.+ 10 මා නිතරම කන්නලව් කරන්නේ ඔබව හමු වීම දෙවිගේ කැමැත්ත නම්+ මට ඊට අවස්ථාවක් ලබා දෙන ලෙසය. 11 ඇත්තෙන්ම ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට+ ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය. 12 අපට එකිනෙකාව දිරිගැන්වීමටත්+ එමගින් හැකියාව ලැබේ. එවිට ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත.+
13 සහෝදරයෙනි,+ වෙනත් ජාතීන්ට අයත් අය අතර මට සාර්ථක ප්‍රතිඵල ලබන්න හැකි වූවා සේ ඔබ අතරත් හොඳ ප්‍රතිඵල ලබන්න මට අවශ්‍යය.+ ඒ සඳහා ඔබව හමු වීමට මා බොහෝ වර සැලසුම් යෙදුවත්+ මේ වන තුරු එය ඉටු කරගත නොහැකි වූ බව ඔබට දන්වන්න කැමැත්තෙමි. 14 ග්‍රීකයන් හා ග්‍රීකයන් නොවන අයටද උගත්+ මෙන්ම උගත්කමින් අඩු අයටද මා ණයගැතිය. 15 රෝමයේ සිටින ඔබටත්+ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ මහත් උනන්දුවක් තිබෙන්නේ ඒ නිසාය.+ 16 මේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ කිසි ලැජ්ජාවක් නැත.+ මන්ද මේ ශුභාරංචිය තුළින් විශ්වාසයක් ඇති සියලුදෙනාටම+ එනම්, මුලින්ම යුදෙව්වන්ටද+ එමෙන්ම ග්රීකයන්ටද*+ ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ.+ 17 එමෙන්ම දෙවි තම ධර්මිෂ්ඨකම*+ ශුභාරංචිය තුළින් එළිදරව් කරන ආකාරය දැකගැනීමට විශ්වාසයක් ඇති අයට+ හැකි වන අතර ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශ්වාසයද තවත් ශක්තිමත් වේ. “ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත”+ කියා ලියා තිබෙන්නේ ඒ නිසාය.
18 දෙවිට කිසි භක්තියක් නොදක්වන අධර්මිෂ්ඨ මිනිසුන්ගේ සියලු ක්‍රියාවලට විරුද්ධව+ දෙවිගේ උදහස+ ස්වර්ගයෙන් ප්‍රකාශ වනු ඇත. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් නිසා+ සත්‍යයද යටපත් වේ.+ 19 දෙවි ගැන දැනගත හැකි දේ ඔවුන්ට පැහැදිලිය.+ මන්ද දෙවි ඒ සාක්ෂි ඔවුන්ට පැහැදිලිව ලබා දුන්නේය.+ 20 දෙවිව නොපෙනුණත්+ ලෝකය සෑදූ දා පටන්+ ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.+ එමගින් ඔහුගේ සදාතනික බලය+ හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය+ සියල්ලන්ටම පැහැදිලි වේ. එහෙයින් දෙවිව පිළි නොගෙන සිටීමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැත.+ 21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+ 22 ඔවුන් තමන් ඥානවන්තයන් බව තරයේ කියා සිටියත් ඇත්තෙන්ම ඔවුහු අඥානයෝ බවට පත් වූහ.+ 23 එලෙසම කිසිදා පහ වී නොයන දෙවිගේ තේජසට+ පිටු පාමින්, ඔවුහු දිරාපත් වී යන මිනිසුන්ගේද කුරුල්ලන්ගේද සිව්පාවුන්ගේද බඩ ගා යන සතුන්ගේද+ රූපවලට+ ගරුබුහුමන් දැක්වූවෝය.
24 ඔවුන්ගේ සිත් තුළ අපවිත්‍ර ආශාවන් තිබුණු නිසා දෙවි ඒ අපවිත්‍ර දේවල් තුළම ඇලීගැලී සිටීමට ඔවුන්ට ඉඩහැරියේය.+ එයින් ඔවුහු තම සිරුරුවලට+ මහත් අගෞරවයක් ගෙන දෙන අයුරින් හැසිරුණෝය.+ 25 එවැනි අය දෙවි පිළිබඳ සත්‍යය+ පිළි නොගෙන බොරු දේවල් පසුපස ගොස්+ සියල්ල සෑදූ තැනැත්තා වෙනුවට ඒ තැනැත්තා විසින් සාදන ලද දේවලට තම භක්තිය හා නමස්කාරය පිරිනැමුවෝය. නමුත් ප්‍රශංසාව ලැබිය යුත්තේ අපගේ සැදුම්කරුට පමණි. ඒ ප්‍රශංසාව සැමදා ඔහුට හිමි වේවා! ආමෙන්.* 26 එසේ තම පිළිකුල්සහගත ලිංගික ආශාවන්+ තෘප්තිමත් කරගැනීමට දෙවි ඔවුන්ට ඉඩහැරියේය. එහෙයින් ඔවුන් අතර සිටි ස්ත්‍රීහු ස්වාභාවික ලෙස ලිංගික සම්බන්ධකම් පවත්වනවා වෙනුවට අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන්න පටන්ගත්තෝය.+ 27 එසේම පුරුෂයන්ද ස්ත්‍රීන් සමඟ සම්බන්ධකම් පවත්වනවා වෙනුවට+ එකිනෙකා කෙරෙහි කාමාශාවෙන් මත් වී පුරුෂයෝ පුරුෂයන් සමඟ+ අශික්ෂිත ලිංගික ක්‍රියාවල යෙදෙන්න පටන්ගත්තෝය.+ එවැනි වැරදිවලට+ අනිවාර්යයෙන්ම ඔවුහු නිසි ප්‍රතිඵල ලබන්නෝය.+
28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+ 29 මන්ද ඔවුහු සියලු ආකාර අධර්මිෂ්ඨකමින්ද+ දුෂ්ටකමින්ද+ තණ්හාවෙන්ද+ පව්කාරකමින්ද+ පිරී සිටියෝය. ඔවුහු ඊර්ෂ්‍යාවෙන්ද+ මිනී මරු වෛරයකින්ද+ අඬදබරවලින්ද+ වංචාවෙන්ද+ කුරිරු චේතනාවලින්ද+ පිරී සිටි අතර අනුන් ගැන කොඳුරන,+ 30 අපහාස කරන,+ දෙවිට වෛර කරන, කිසිවෙකුටවත් ගරු නොකරන,+ උඩඟු,+ පුරසාරම් දොඩන,+ දුෂ්ට උපා යොදන,+ දෙමාපියන්ට අකීකරු වන,+ 31 අවබෝධයකින් ක්‍රියා නොකරන,+ පොරොන්දු කඩ කරන,+ තමාගේම පවුලේ අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති,+ අනුකම්පාවක් නොමැති අය+ ලෙස ක්‍රියා කරන්නෝය. 32 එවැනි දේවල් කරන අය මරණය ලැබීමට සුදුසු අය බව+ දෙවි තීන්දු කර ඇත. දෙවිගේ එම තීන්දුව ධර්මිෂ්ඨය. ඒ තීන්දුව ගැන ඔවුන්ට පැහැදිලි අවබෝධයක් තිබුණත්+ ඔවුහු ඒ දේවල දිගටම නියැලෙනවා පමණක් නොව එවැනි දේවල් කරන වෙනත් අයටද තම පූර්ණ අනුමැතිය ලබා දෙති.+