හිතෝපදේශ
25 මේ හිතෝපදේශත් රචනා කළේ සලමොන් රජයි.+ යූදාවල රජ වුණ හෙසකියාගේ+ සේවකයන් ඒවා පිටපත් කළා.*
2 දෙවියන් ගෞරවයට පත් වෙන්නේ කාරණා රහසිගතව තියාගන්න එකෙන්.+
රජවරුන් ගෞරවයට පත් වෙන්නේ කාරණා සෝදිසි කරලා බලන එකෙන්.
3 අහසේ උසත් පොළොවේ ගැඹුරත් මනින්න බැහැ වගේ
රජවරුන්ගේ හිතේ තියෙන දේත් තේරුම්ගන්න බැහැ.
“මෙතනට එන්න” කියලා ඔහුම කියන එක හොඳයි.
8 අසල්වැසියාට විරුද්ධව නඩුවක් දාන්න ඉක්මන් වෙන්න එපා.
අන්තිමේදී එයා ඔයාව ලැජ්ජාවට පත් කළොත් ඔයා මොනවාද කරන්නේ?+
9 කෙනෙක් එක්ක ප්රශ්නයක් ඇති වුණාම ඒක එයාත් එක්ක විතරක් කතා කරලා විසඳගන්න.+
ඔයාට රහසින් කියපු දෙයක්* හෙළි කරන්න එපා.+
10 එහෙම කළොත් ඔයාට ඇහුම්කන් දෙන කෙනා ඔයාට ලැජ්ජා කරයි.
ඔයා කියපු නරක කතාව* පැතිරිලා යන එක නවත්තන්නත් ඔයාට බැරි වෙයි.
13 විශ්වාසවන්ත පණිවිඩකරුවෙක්
අස්වැන්න නෙළන කාලයේදී සිසිලස දෙන හිම වගේ.
එයා එයාගේ ස්වාමියාට අලුත් පණක් දෙනවා.+
14 තෑග්ගක් දෙනවා කියලා මහ ලොකුවට කිව්වත් ඒක දෙන්නේ නැති කෙනා+ හරියට
වැසි වස්සන්නේ නැති වලාකුළු සහ සුළං වගේ.
15 අණ දෙන නිලධාරියෙක්ගේ හිත වුණත් ඉවසීමෙන් දිනාගන්න පුළුවන්.
17 ඔයාගේ අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර යන්න එපා.
එහෙම ගියොත් එයාට ඔයාව එපා වෙලා ඔයාට වෛර කරන්නත් පටන්ගනියි.
19 කරදරේක වැටිලා ඉද්දී, විශ්වාසය තියන්න බැරි* කෙනෙක් මත රඳා ඉන්න එක හරියට
කැඩුණු දතකින් හපනවා වගේ. කොර වුණ කකුලකින් ඇවිදිනවා වගේ.
20 දුකින් ඉන්න කෙනෙක්ට ගී ගයන එක+ හරියට
සීතල දවසක තමන්ගේ ඇඳුම ගලවලා දානවා වගේ.
ආප්ප සෝඩාවලට විනාකිරි දානවා වගේ.
21 ඔයාගේ සතුරා* බඩගින්නේ ඉන්නවා නම් එයාට කන්න දෙන්න.
එයා තිබහෙන් ඉන්නවා නම් එයාට බොන්න වතුර දෙන්න.+
22 එහෙම කරන එක හරියට එයාගේ ඔළුවට ගිනි අඟුරු ගොඩගහනවා වගේ.*+
යෙහෝවාගේ ආශීර්වාදයත් ඔයාට ලැබෙයි.