යෙරෙමියා
27 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරන්න පටන්ගත්ත කාලේදී යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. 2 “යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා වියගහකුයි, ඒකට පටියි හදාගෙන ඒක ඔයාගේ කරේ තියාගන්න. 3 යූදාවල රජ වන ශෙදකියාව හම්බ වෙන්න යෙරුසලමට ඇවිත් ඉන්න පණිවිඩකරුවන් අතේ ඒදොම්වල රජටත්+ මෝවබ්වල රජටත්+ අම්මොන්වරුන්ගේ රජටත්+ තීර්වල රජටත්+ සීදොන්වල රජටත්+ ඒ වගේ වියගස් යවන්න. 4 ඔවුන්ගේ ස්වාමිවරුන්ට මේ දේ කියන්න කියලා ඒ පණිවිඩකරුවන්ට කියන්න.
“‘“ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන මේ දේ ඔබේ ස්වාමිවරුන්ට කියන්න. 5 ‘මේ පොළොවත් පොළොවේ ජීවත් වෙන මනුෂ්‍යයන්වත් සතුන්වත් හැදුවේ මමයි. මගේ අත දික් කරලා මගේ මහත් බලයෙන් මම ඒවා හැදුවා. මං කැමති කෙනෙක්ට මම ඒවා භාර දෙනවා.*+ 6 මම මේ හැම දේශයක්ම මගේ සේවකයා සහ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට+ භාර දුන්නා. මම වනසතුන්ව පවා ඔහුට යටත් කරලා දුන්නා. 7 ඔහුගේ රාජ්‍යය වැටිලා යන කල් හැම ජාතියක්ම ඔහුටයි, ඔහුගේ පුතාටයි, ඔහුගේ මුනුපුරාටයි සේවය කරනවා.+ ඊටපස්සේ ගොඩක් ජාතීන් සහ බලවත් රජවරු ඔහුව වහල්කමට ගනියි.’+
8 “‘“‘ජාතියක් හරි රාජ්‍යයක් හරි බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට සේවය කරන්නවත් ඔහුගේ වියගහට යටත් වෙන්නවත් කැමති නැත්නම් මම කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින්* ඒ ජාතියට දඬුවම් කරනවා. බැබිලෝනියේ රජ අතින් ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන කල් මං එහෙම කරනවා’ කියලා යෙහෝවා කියනවා.
9 “‘“‘“බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ” කියලා කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට, පේන කියන්නන්ට, සිහින දකින්නන්ට, මන්තර ගුරුකම් කරන්නන්ට සහ කට්ටඩියන්ට ඇහුම්කන් දෙන්න එපා. 10 මොකද ඔවුන් කියන්නේ බොරු අනාවැකි. ඔබ ඔවුන්ට ඇහුම්කන් දුන්නොත් ඔබේ දේශයෙන් ඈත තියෙන දේශයකට ඔබට යන්න වෙනවා. මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබ විනාශ වෙලා යනවා.
11 “‘“‘ඒත් ජාතියක් බැබිලෝනියේ රජගේ වියගහට යටත් වෙලා ඔහුට සේවය කළොත් මම ඒ ජාතියට තමන්ගේ දේශයේ දිගටම ඉන්න ඉඩහරිනවා. ඔවුන් වගා කරගෙන ඒ දේශයේ ජීවත් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”’”
12 මම යූදාවල රජ වුණ ශෙදකියාටත්+ මෙහෙම කිව්වා. “බැබිලෝනියේ රජගේ වියගහට යටත් වෙලා ඔහුටයි, ඔහුගේ සෙනඟටයි සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන්.+ 13 බැබිලෝනියේ රජට සේවය කරන්නේ නැති ඕනෙම ජාතියකට කඩුවෙන්,+ සාගතයෙන්,+ වසංගතවලින්+ පහර කන්න වෙනවා කියලා යෙහෝවා කිව්වා. ඉතින් ඔබත් ඔබේ සෙනඟත් ඒ විදිහට මැරුම් කන්න හදන්නේ ඇයි? 14 ‘බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ’ කියලා කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ මොකද ඔවුන් ඔබට කියන්නේ බොරු අනාවැකි.+
15 “‘අනාවැකි කියන්න මම ඔවුන්ව එව්වේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඒත් ඔවුන් මගේ නමින් බොරු අනාවැකි කියනවා. ඔබ ඒවාට ඇහුම්කන් දුන්නොත් මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබත් ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුනුත් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.’”+
16 පූජකයන්ටයි, මුළු සෙනඟටයි මම මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මේකයි. ‘“යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අයිති භාණ්ඩ ළඟදීම බැබිලෝනියේ ඉඳන් ගේනවා”+ කියලා අනාවැකි කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා. මොකද ඔවුන් කියන්නේ බොරු.+ 17 ඔවුන්ට ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට බැබිලෝනියේ රජට සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිත රැකගන්න පුළුවන්.+ මේ නගරය නටබුන් ගොඩක් වෙන්න ඉඩ දෙන්නේ ඇයි? 18 ඔවුන් ඇත්තටම යෙහෝවාගෙන් ලැබුණ වචනය කියන අනාගතවක්තෘවරුන් නම් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් යූදාවල රජමාලිගාවෙත් යෙරුසලමෙත් ඉතුරු වෙලා තියෙන භාණ්ඩ බැබිලෝනියට ගෙනියන්න ඉඩ දෙන්න එපා කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට කන්නලව් කරන්න කියලා ඔවුන්ට කියන්න.’
19 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට දේවමාලිගාවේ කුලුනු,+ මුහුද* කියලා හඳුන්වපු විශාල භාජනය,+ කරත්ත+ සහ මේ නගරයේ ඉතුරු වෙලා තියෙන අනිත් භාණ්ඩ ගැන කියන්න දෙයක් තියෙනවා. 20 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාව, යූදාවල සහ යෙරුසලමේ හිටපු වංශවත් අය එක්ක යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය වෙලාවේ ඒවා අරන් ගියේ නැහැ.+ 21 යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් යූදාවල රජමාලිගාවෙත් යෙරුසලමෙත් ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ගැන ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. 22 ‘“ඒ හැම භාණ්ඩයක්ම බැබිලෝනියට ගෙනියනවා.+ මං ඒවා ආපහු ගේන කල් ඒවා බැබිලෝනියේම තියෙයි.” එහෙම කියන්නේ යෙහෝවායි. “ඊටපස්සේ මම ඒවා ආපහු මෙතනට ගේනවා.”’”+