ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීයක්.
א [ආලෙෆ්]
2 තණකොළ ඉක්මනින් වියළී යනවා වගේ ඔවුන් නැති වෙලා යයි.+
නිල් තණකොළ මැලවිලා යනවා වගේ ඔවුනුත් පහ වෙලා යයි.
ב [බේත්]
4 යෙහෝවාව ඔබේ ජීවිතේ ලොකුම සතුට කරගන්න.
එතකොට ඔහු ඔබේ හිතේ ආශාවන් ඉටු කරලා දෙයි.
ג [ගීමෙල්]
6 ඔහු ඔබේ ධර්මිෂ්ඨකම අරුණාලෝකය වගෙත්
ඔබේ යුක්තිය මහ දවාලේ බැබළෙන හිරු වගෙත්
පැහැදිලිව පෙනෙන්න සලස්වයි.
ד [දාලෙත්]
දුෂ්ටයාගේ සැලසුම් සාර්ථක වෙනවා දැක්කත්
ඒ ගැන කේන්ති ගන්න එපා.+
ה [හේ]
9 මොකද දුෂ්ට අය නැත්තටම නැති වෙලා යනවා.+
ඒත් යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන අය
පොළොව උරුම කරගන්නවා.+
ו [වාව්]
ז [ෂායින්]
ח [හෙත්]
14 අසරණයාව සහ දුප්පතාව තව තවත් පාගලා දාන්නත්
අවංකව ජීවත් වෙන අයව මරලා දාන්නත්
දුෂ්ටයෝ කඩුව එළියට ඇදලා, දුන්න සූදානම් කරගන්නවා.
ט [ටේත්]
17 මොකද දුෂ්ටයන්ගේ බලය බිඳලා දානවා.
ඒත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා උදව් කරනවා.
י [යෝද්]
19 විපත්ති කාලේදී ඔවුන් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.
සාගත කාලේදීත් ඔවුන්ට කිසිම දේකින් අඩුවක් වෙන්නේ නැහැ.
כ [කෆ්]
20 ඒත් දුෂ්ටයෝ විනාශ වෙලා යනවා.+
සරුවට වැඩුණ තණබිම් වියළී යනවා වගේ
යෙහෝවාගේ සතුරන් සැණෙකින් නැති වෙලා යනවා.
ඔවුන් දුමක් වගේ අතුරුදහන් වෙලා යනවා.
ל [ලාමෙද්]
21 දුෂ්ටයා ණයට ගත්ත දේත් ගෙවන්නේ නැහැ.
ඒත් ධර්මිෂ්ඨයා ත්යාගශීලියි.* පුරුද්දක් විදිහට අනිත් අයට දේවල් දෙනවා.+
מ [මෙම්]
נ [නුන්]
25 දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල්
කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත්+
ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.+
26 ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම අනිත් අයට ඕන කරන දේවල් දෙනවා.*+
ඒ නිසා ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙනවා.
ס [සාමෙක්]
ע [ආයින්]
פ [පේ]
צ [ට්සාධේ]
32 දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව අහු කරගන්න බලන් ඉන්නවා.
ඔහුව මරලා දාන්න මාන බලනවා.
33 ඒත් යෙහෝවා ඔහුව දුෂ්ටයාගේ අතට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+
මිනිසුන් අසාධාරණ විදිහට චෝදනා කළත්
දෙවියන් ඔහුව වරදකරුවෙක් විදිහට තීන්දු කරන්නේ නැහැ.+
ק [කෝෆ්]
34 යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා දිගටම ඔහු පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.
එතකොට ඔහු ඔබව උසස් කරලා ඔබට පොළොව උරුම කරලා දෙනවා.
දුෂ්ටයන්ව විනාශ කරද්දී+ ඔබ ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+
ר [රේෂ්]
35 සරු පසක හිටවපු ගසක් අතුපතර විහිදුවලා සරුවට වැඩෙනවා වගේ
දුෂ්ට, කුරිරු අය සාර්ථක වෙනවා මම දැකලා තියෙනවා.+
ש [ෂින්]
ת [ටාව්]
39 ධර්මිෂ්ඨයාට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්.+
දුක් කරදර තියෙන කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුයි.+
40 යෙහෝවා ඔවුන්ට උදව් කරලා ඔවුන්ව බේරගන්නවා.+
ඔවුන් දෙවියන්ගේ රැකවරණය පතන නිසා+ ඔහු
දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්නවා. ඔවුන්ව ආරක්ෂා කරනවා.