හිතෝපදේශ
1 ඊශ්රායෙලයේ රජ+ වුණ දාවිත්ගේ පුත්+ සලමොන්+ ලියපු හිතෝපදේශ.*
3 ඒ හික්මවීම් පිළිගද්දී+ වටහාගැනීමේ ශක්තිය දියුණු වෙනවා.
හරි තීරණ ගන්නත්*+ ධර්මිෂ්ඨ,+ ප්රතිපත්තිගරුක* ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා.
4 අද්දැකීම් අඩු කෙනාට බුද්ධිමත්ව වැඩ කරන්න+ පුළුවන් වෙනවා.
තරුණයෙක්ට දැනුම සහ හොඳින් සිතීමේ හැකියාව ලැබෙනවා.+
7 දැනුම ලබාගන්න නම් මුලින්ම යෙහෝවා ගැන ගරුබියක්* තියෙන්න ඕනේ.+
ප්රඥාව සහ හික්මවීම් හෙළා දකින්නේ අඥානයන්.*+
10 පුතේ, පව්කාරයන් ඔයාව නොමඟ යවන්න හැදුවත් එයාලට අහු වෙන්න එපා.+
11 එයාලා මෙහෙම කියයි.
“එන්න, අපි මඟ රැකගෙන ඉඳලා කාව හරි මරමු.
විනෝදයට වගේ හැංගිලා ඉඳලා අහිංසකයන්ව අල්ලගමු.
12 මිනී වළ මිනිස්සුන්ව ගිලගන්නවා වගේ එයාලව පණපිටින් ගිලගමු.
මිනී වළ මිනිස්සුන්ව වහගන්නවා වගේ එයාලව වහගමු.
13 එයාලාගේ හැම වටිනා දෙයක්ම පැහැරගමු.
ඒවාවලින් අපේ ගෙවල් පුරවගමු.
15 මගේ පුතේ, එයාලා එක්ක යන්න එපා.
එයාලා යන පාරට අඩිය තියන්නවත් එපා.+
16 එයාලාගේ පාද ඉක්මනින් ඇදිලා යන්නේ දුෂ්ටකම් කරන්න.
ලේ හලන කල් එයාලට ඉවසිල්ලක් නැහැ.+
17 කුරුල්ලෙක් බලන් ඉද්දී දැලක් එළලා වැඩක් තියෙනවාද?
18 ලේ වගුරුවන්න, එයාලා කාටත් හොරා මඟ රැකගෙන ඉන්නේ ඒ නිසයි.
මිනී මරන්න හැංගිලා බලාගෙන ඉන්නේ ඒ නිසයි.
20 සැබෑ ප්රඥාව+ හැමෝටම ඇහෙන්න පාරවල්වල හඬ නඟයි.+
ප්රධාන හන්දිවල කෑගහලා කතා කරයි.+
21 ප්රඥාව* සෙනඟ පිරුණු පාරවල්වල හඬ නඟයි.
නුවරේ දොරටු ළඟ ඉඳන් මෙහෙම කියයි.+
22 “අද්දැකීම් අඩු තැනැත්තෙනි, ඔයාලා තව කොච්චර කල් මෝඩකම්වලට ඇලුම් කරනවාද?
සමච්චල් කරන්නෙනි, ඔයාලා තව කොච්චර කල් සමච්චල් කරලා සතුටක් ලබනවාද?
අඥානයෙනි, ඔයාලා තව කොච්චර කල් දැනුම පිළිකුල් කරනවාද?+
25 ඔයාලා දිගින් දිගටම මගේ උපදෙස් අහක දැම්මා.
මගේ අවවාද ප්රතික්ෂේප කළා.
26 ඒ නිසා ඔයාලාගේ විපතේදී මම හිනා වෙනවා.
විනාශය* ඔයාලා පිටට එද්දී මම ඔයාලට සමච්චල් කරනවා.+
27 විනාශය කුණාටුවක් වගෙත්
විපත්ති සුළිසුළඟක් වගෙත් ඔයාලා පිටට එයි.
ඔයාලට දුක් පීඩා සහ ප්රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙයි.
28 එදාට ඔයාලා* මට කොච්චර අඬගැහුවත් මං උත්තර දෙන්නේ නැහැ.
අස්සක් මුල්ලක් නෑර මාව හෙව්වත් ඔයාලට මාව හම්බ වෙන්නේ නැහැ.+
29 මොකද ඔයාලා දැනුමට පිළිකුල් කළා.+
යෙහෝවාට ගරුබිය දක්වන්න අකමැති වුණා.+
30 ඔයාලා මගේ උපදෙස් පිළිගත්තේ නැහැ.
මගේ හැම අවවාදයක්ම හෙළා දැක්කා.